ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව” මෙරට සංචාරක…
පිරිවැය ප්‍රතිසාධනය ක්‍රියාත්මක කරන්නේ කෙසෙද යන්න පිළිබඳව විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී ඔවුන් පිරිවැය ප්‍රතිසාධනයට සිදුකළ යුතු වෙනස්කම් යෝජනා කළ යුතු බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (22) පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්…
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි. නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. රජයේ ඩිජිටල්…
පසුගිය අප්‍රේල් 25 වන දින, IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි…
කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද(22) දිනයේ ද දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 117.46 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,473.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.15 කින් ඉහළ ගොස් ඒකක 4,842.51ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 126ක කොටස් මිල ගණන් ඉහළ ගිය…
• මෙතෙක් මූල්‍ය ආයතනයක් ඉපැයූ වැඩිම ලාභය වන රුපියල් බිලියන 106ක් ලංකා බැංකුව 2024 වසරේදි වාර්තා කරයි • ජාතික ඉතිරි කිරීමේ බැංකුවද රුපියල් බිලියන 26.4ක ලාභයක් උපයයි ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ලංකා…
ශ්‍රී ලංකා නාමය තේ සඳහා ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙන්නේ එහි තිබෙන සුවිශේෂී රසය, සුවඳ සහ වර්ණය නිසයි. ‘සිලෝන් තේ’ නමින් පරම්පරා ගණනාවක් ඉදිරියට යන ශ්‍රී ලංකා තේ නාමය, දේශීය උරුමය ලොවට කියාපානවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තේ සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන්, තේ මතින් ගොඩනැගෙන සහජීවනය: Yaji 2025 චීන-ශ්‍රී ලංකා සංස්කෘතික උත්සවය මැයි…
ශ්‍රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW) විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ වෙත නව Nissan මැග්නයිට් සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්‍ෂණය සමඟින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල්…
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද (21) ගණුදෙනු අවසානයේ දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.66 කින් ඉහළ ගොස් ඒකක 16,355.91 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 5.17කින් ඉහළ ගොස් ඒකක 4,816.36 ක් ලෙසන් සටහන් විය. අද දින සමාගම් 95ක කොටස් මිල ගණන් ඉහළ ගොස්…
Video Story