Top News

මොබිටෙල් E-Channeling මිල දී ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත E-Channeling සමාගමේ 87.59% ක කොටස් අයිතිය අත්පත් කර ගැනීමට මොබිටෙල් (පුද්) සමාගම කටයුතු කර තිබේ. E-Channeling සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන Senior Marketing System Asia (Pte).Limited සතු වූ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 106,973,218 ක් රු. 6.00 බැගින් මිල දී ගැනීම සඳහා මොබිටෙල් (පුද්) සමාගම අද (05) දිනයේ දී මේ අනුව ගිවිසුමකට…

(0)Comments | September 5, 2016 11:37 am

ඩොමිනෝස් පීසා ගුවනින් බෙදාහැරීම සාර්ථකයි

ඩොමිනෝස් පීසා එන්ටප්‍රයිස් ලිමිටඩ් හා Flirtey අතර වාණිජමය ඩ්‍රෝන භාවිතයෙන් පීසා බෙදාහැරීමේ සේවාවක් ලොව පුරා ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. Flirtey යනු ඩ්‍රෝන භාවිතයෙන් භාණ්ඩ බෙදාහැරීම සම්බන්දයෙන් ලොව ප්‍රමුඛතම සමාගමයි. මීට අදාළ ගිවිසුමට මෙම සමාගම් විසින් පසුගිය සතියේ දී එළඹෙන ලදී. මේ කර්තව්‍යයට මුලපිරීමක් වශයෙන් පළමු නියමු ව්‍යාපෘතිය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී පසුගිය අගෝස්තු 25…

(0)Comments | September 5, 2016 8:47 am

ලංකාපුත්‍ර සභාපති ඉවතට

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන හට තවදුරටත් එම ධූරයේ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව මුදල් මණ්ඩලය විසින් දැනුම් දී තිබේ. පසුගිය සිකුරාදා (02) මුදල් මණ්ඩලය විසින් නීතිපතිගේ උපදෙස් විමසීමෙන් අනතුරුව මෙම දැනුම්දීම ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා වෙත සිදුකර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 මාර්තු 24 වන දින ලංකාපුත්‍ර…

(0)Comments | September 5, 2016 8:10 am

G 20 නායක සමුළුව චීනයේදී ඇරඹේ

G 20 නායක සමුළුව චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ හාං චෞ නගරයේ දී ඊයේ ආරම්භ විය. නිර්මාණාත්මක, ප්‍රාණවත්, අන්තර්සබැඳි, සමානාත්මතාවයෙන් යුතු ලෝක ආර්ථිකය ගොඩනැගීම මෙවර දෙදින (4-5) සමුඵවේ තේමාවයි. G 20 සමූහය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන්ගෙන් සමන්විතය. ජගත් සමජය මෙවර චීන හාං චෞ සමුළුව කෙරෙහි විශ්ව අපේක්ෂාවක් ඇති බව චීන ජනාධිපති ෂී…

(0)Comments | September 5, 2016 6:10 am

එරාන් වැරදියි – රවී කියයි

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්තශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශය වැරදි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පසුගිය සතියේ අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය හා එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ, ජාත්‍යන්තර වශයෙන් වොක්ස්වැගන්…

(0)Comments | September 4, 2016 7:52 am

CDS ආයතනය ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයෙහි 25 වන වසර සමරයි

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගම (CDS) ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1991 හි ස්ථාපිත කරන ලදුව අද දිනයේදී සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි. මෙම අවස්ථාව උත්කර්ෂවත් ලෙස සමරනු වස්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි සභාපති තිලක් කරුණාරත්න, ශ්‍රී ලංකා සුරැකුම්පත්…

(0)Comments | September 2, 2016 11:09 am

සැම්සුන්ග් Galaxy Note 7 ට නරක කලදසාවක් – විකුණු දුරකතන යළි කැඳවයි

සැම්සුන්ග් විසින් නොබෝදා එළිදක්වන ලද සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වූ Galaxy Note 7 යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර තිබේ. මෙම දුරකතන මාදිලිය, බැටරි ආරෝපණයේ දී හෝ ඉන් අනතුරුව, බැටරිය පිපිරීමකට ලක් වූ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබීම මීට හේතුවයි. ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව තුළින් මෙයාකාරයේ දුරකතන පුපුරා යාමේ සිදුවීම් වාර්තා…

(0)Comments | September 2, 2016 10:59 am

Reliance Jio – අම්බානිගෙන් මුළු ඉන්දියාවටම නොමිලේ ඇමතුම්. MB 1 ක් සත 5 යි

දුරකතන සන්නිවේදන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ලොව පළමු වරට ගන්නා ඇමතුම් නොමිලේ ලබා දෙන Reliance Jio ඊයේ (01) දිනයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ඉන්දියාවේ අංක එක් ධනවතා වන මුකේෂ් අම්බානි විසින් සිය සමාගමේ නවතම හඳුන්වා දීම ලෙසින් මෙම නිවේදනය ප්‍රකාශ කරනු ලැබුවේ සෙස සන්නිවේදන සමාගම්වලට ද ප්‍රබල අභියෝගයක් වෙමිනි. මේ අනුව හඳුන්වා දෙන ලද…

(0)Comments | September 2, 2016 7:52 am

සංකීර්ණ සැත්කම් ඇතුළුව අන්තර්ජාතික සුවසේවා පහසුකම් රැසකින් සමන්විත නව කාමර පරිශ්‍රය සමගින් වත්තල හේමාස් රෝහල ශ්‍රී ලාංකේය සුවසේවා ක්ෂේත්‍රය අතික්‍රමණය කරයි

රෝහල් සේවා ක්ෂේත්‍රයේ ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණය අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගත් ශ්‍රී ලංකාවේ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් ජාලයට අයත් වත්තල හේමාස් රෝහලේ සිව්වන මහල ඇතුළුව වැඩිදියුණු කරන ලද ශල්‍ය වෛද්‍ය පහසුකම් හේමාස් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 සැප්තැම්බර් 01 වන දින සුවසේවා කටයුතු සඳහා විවෘත විය. හේමාස් රෝහල්…

(0)Comments | September 2, 2016 6:44 am

සනත්, වාස් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් රැසක් යළිත් ක්‍රිකට් පිටියට

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය අනතුරු අඟවයි එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියන් චැම්පියන්ස් ලීග් (Indian Champions League – ICL) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ දී දෙවරක් සිතා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය තම සාමාජික ක්‍රීඩකයින්ට අනතුරු ඇගවීමක් කර තිබේ. මෙම සංගමය වැඩිදුරටත් මෙහිදී කියා සිටින්නේ මෙම තරඟාවලියට එක්වන ක්‍රීඩකයින්ගේ වෘත්තීයමය ක්‍රිකට් ජීවිතයට මෙමඟින්…

(0)Comments | September 2, 2016 5:52 am