මාර්ගවල ප්‍රමුඛතාව ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ මෝටර් රථවල වහලයෙහි සවිකර ඇති රතු ලාම්පු (red beacons) මැයි 01 දින සිට තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පවසන්නේ මින් ඉදිරියට කිසිදු මෝටර් රථයකට red beacons ලාම්පු සවිකිරීම තහනම් වන බවයි. නව නීති…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, පේමදූව ප්‍රදේශයේ අලුත්වැඩියා කරන ලද ගොවි පුහුණු මධ්‍යස්ථානය සහ කෘෂිකර්ම උපදේශක කාර්යාලය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති සහ පුහුණු) එස්.ඒ. අරුණප්‍රිය මහතා පසුගියදා විවෘත කළේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මෙම ව්‍යාපෘතිය දියත් කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන ගොවි පුහුණු මධ්‍යස්ථානය මීට වසර…
ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බවයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී වී ඊයේ (23) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ…
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇති බව ප්‍රකාශ කලේය. 2017 පෙබරවාරි මාසයේ උද්ධමනය 8.2%ක් විය. වර්ෂ 2016 සැළකූවිට මාර්තු මාසයේ මිල ගණන් අවම මට්ටමක පැවතීම, 2017 මාර්තු මාසයේ උද්ධමනයේ සුළු වැඩිවීමට ප්‍රධාන හේතුවක් විය. 2017…
ත්‍රිකුණාමලය නිලාවැලි වෙරළ ආසන්නයේ දර්ශනීය ස්ථානයක පිහිටා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ 10 වන කොකෝ විලා සංචාරක බංගලාව විවෘත කිරීමේ උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. සියලු නවීන පහසුකම් වලින් සමන්විත මෙම සංචාරක නිකේතනය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වඩා සාධාරණ මිලගණන් යටතේ ලබාගත හැකිය. මීට සමගාමීව පොල් වගාකිරීමේ මණ්ඩලයේ නවතම දෙමුහුන්…
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දී පැවැත්වීමට නියමිත 68 වැනි ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට් පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව 2017 මැයි මස 17 සිට19 දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව් දෙනෙක් සහභාගීවීමට නියමිතයි. මේ සඳහා රටවල් 75ක් නියෝජනය…
කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් ද, කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම හමුුවට එක්ව සිටියහ.
වික‍්‍රමාන්විත සංචාරක සේවා (Adventure Tourism) සහ වික‍්‍රමාන්විත පුහුණු සේවා (Adventure Training) යනු ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ වේගයෙන් ඉතාමත් ජනප‍්‍රිය වෙමින් පවතින අංශ දෙකකි. මෙම ක්‍ෂේත‍්‍රය තුළ ලාංකික සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම අරමුණ කරගනිමින් සංචාරක ක්‍ෂේත‍්‍රය තුළ සිටින සේවා සම්පාදකයින් සහ ක්‍ෂේත‍්‍රයේ නියාමකයින් සමඟ සාකච්ඡාවක් පසුගිය 19 වැනි දින අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික…
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් කිරි ගව කර්මාන්තය සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී තිබේ. මේ යටතේ විශාල සහ මධ්‍ය පරිමාණ වාණිජ කිරි ගොවිපළ ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීමේ අරමුණින් කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි පළමු කිරිගවයින් තොගය 2017 මැයි 17 වන දින මෙරටට ළඟාවීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ…
RIL ප්‍රොපර්ට් ලිමිටඩ් මූලික කොටස් නිකුතුවේ දී කොටස් විභජනය කරනු ලබන ආකාරය සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. මෙහිදී කොටස් 12,500 ක් දක්වා ඉල්ලුම් කර තිබෙන සුළු පරිමාණ අයදුම්කරුවන් සඳහා ඉල්ලා තිබෙන සියලු ප්‍රමාණයම විභජනය කරනු ලබන අතර ඒ වෙනුවෙන් අයදුම්පත් 692 ක් ලැබී ඇති බව සමාගම වැඩිදුරටත් අනාවරණය කර සිටී. ඒ කොටස් 1,611,800…
Video Story