Top News

කොටගල වැවිලි සමාගම, ලංකෙම් ඩිවලොප්මන්ට්ස් අත්හරී

ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හි දෙවන විශාලතම කොටස්කරුවා වූ කොටගල වැවිලි සමාගම සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (10) දිනයේ දී විකුණා දමනු ලැබීය. සාමාන්‍ය කොටස් 6,026,500 ක් මෙලෙස වෙළෙඳපොළ අගයයන් මත ගනුදෙනු වූ අතර එය සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 10.04% කි. ඊයේ දිනයේ දී රු. 4.30 සිට රු. 5.20 දක්වා මිල ගණන්වල ලංකෙම් ඩිවලොප්මන්ට්ස් හි කොටස් ගනුදෙනු…

(0)Comments | October 11, 2016 6:57 am

සූරියවැව නඩත්තු වියදම වසරකට මිලියන 10 ක් – තිලංග

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණය පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධයෙන් නිරීක්ෂණයට අග්‍රාමාත්‍යතුමන් ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දා එහි සංචාරය කළ බවත් මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැයවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති…

(0)Comments | October 11, 2016 5:37 am

පර්පෙචුවල් ටෙෂරීස් ගැන මුදල් මණ්ඩලය මෙසේ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි පරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි. මෙම වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම…

(0)Comments | October 11, 2016 4:45 am

JICA වෙතින් මෙරට තිරසාර ආර්ථික සංවර්ධනයට රු. බිලියන 14.45ක්

ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර පසුගියදා ජපාන යෙන් මිලියන 10,000 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 14.45) ණය එකඟතා ගිවිසුමක් අත්සන් තැබිණි. මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මහත්මිය සහ JICA උප සභාපති හිඩෙටොෂි ඉරිගකි මහතා මුදල් අමාත්‍යංශයේදී මෙම ගිවිසුමට අත්සන් තැබූහ. ලෝක බැංකුවේ ද සම දායකත්වයෙන් සංවර්ධන ප්‍රතිපත්ති ණය…

(0)Comments | October 10, 2016 3:28 pm

මෝරා ට වඩා සෙල්ෆිය භයානකයි

සෙල්ෆි ඡායාරූපකරණය මේ වන විට ලොව පුරා උන්මාදයක් මෙන් පැතිරී ගොස් තිබෙන දෙයකි. මේ නිසාම ජංගම දුරකතන නිෂ්පාදකයෝ සිය නිෂ්පාදිත සඳහා සෙල්ෆි ඡායාරූප ගැනීම වඩවඩාත් උනන්දු කරවන අංග ජංගම දුරකතනවලට එක් කිරීමට උත්සුක වෙති. කෙසේ වෙතත් සෙල්ෆි ඡායාරූප ගැනීඋමට ගොස් සිදුවූ කණගාටුදායක සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල දී අසන්නට දකින්නට ලැබුණි. මෙහි ආසන්නතම සිදුවීම් ද්විත්වය නම්,…

(0)Comments | October 10, 2016 12:34 pm

ත්‍රීවීල් නිසා රැකියා පුරප්පාඩු ලක්ෂ 2 ක් ඇති වෙලා – BOI සභාපති කියයි

වර්තමානයේ දී ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්ත ශාලාවන් හි රැකියා පුරප්පාඩු ලක්ෂ දෙකක් පමණ ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය. අද දෙරණ සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කර්මාන්තශාලා හිමියන් මේ තත්ත්වය නිසා බරපතළ ගැටළුවකට මුහුණ දී සිටින බවයි. අද වන විට රටේ ත්‍රීරෝද රථ හිමිකරුවන් ලක්ෂ 10…

(0)Comments | October 10, 2016 9:50 am

ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක්

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සදහා ඉදිරිපත්ව සිටින දෙස් විදෙස් සමාගම් 28 න් සමාගම් 02 ක් සිය ගිවිසුම් අත්සන් කිරිම පසුගියදා සිදු කෙරිනි. රුසියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් සහ ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් අතර ගිවිසුම් මෙහිදී අත්සන් කෙරුනි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථා සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ මැදිහත්වීම මත ගිවිසුම් අත්සන් කිරිම…

(0)Comments | October 10, 2016 9:10 am

එන සංචාරකයින්ට වඩා ගිය ශ්‍රමිකයින්ගෙන් වැඩි ආදායමක්

2016 වසරේ පළමු මාස 08 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන මුදල්වල මුළු වටිනාකම රුපියල් බිලියන 695.2 ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මෙය 2015 වසරේ පළමු මාස 08 ක කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 612.3 ක ගලා ඒම් හා සැසඳීමේ දී 13.6% ක වර්ධනයකි. මේ අතර 2016 ජනවාරි…

(0)Comments | October 10, 2016 8:32 am

සැම්සුන්ග් Galaxy Note 7 නිෂ්පාදනය අත්හිටුවයි

සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ නවතම නිෂ්පාදිතය වූ Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතනයේ නිෂ්පාදන අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෙම මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතනවල බැටරි පුපුරා ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලය පුරාවට වාර්තා වූ අතර එහිදී සමාගම කටයුතු කළේ අලෙවි කරන ලද සියලූම ඒකක යළි කැඳවීමටයි. මෙම යළි කැඳවීමෙන් මසකට පසු Galaxy Note 7 තවදුරටත්…

(0)Comments | October 10, 2016 6:13 am

ශ්‍රී ලංකාවේ සිටින්නේ පරිත්‍යාගශීලී ජනතාවක් – මහේල කියයි VIDEO

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පිළිකාර ප්‍රතිකාර ඒකකයක් ලබා දීමේ අරමුණින් ගමන් ගන්නා Trail පා ගමන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ පළමු පා ගමන 2011 වසරේ දී ආරම්භ වූ අතර යාපනය තෙලිප්පලෙයි පිළිකා ප්‍රතිකාර රෝහල ඉදිකිරීම වෙනුවෙන් එය ක්‍රියාවට නැංවිණි. එම පළමු ව්‍යාපෘතිය සාර්ථ්කත්වයට පත් වීමෙන්…

(0)Comments | October 10, 2016 5:13 am