Top News

මුදල් අමාත්‍යවරයා කොළඹ සුපිරි වෙළෙඳසැල්වල සංචාරයක

අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත විය. මෙහි දී පාරිභෝගිකයන් සමග ද සුහද කතාබහක නිරත වූ මුදල් අමාත්‍යවරයා මිල ගණන් පිළිබඳ විමසා බැලීය. භාණ්ඩවලින් බහුතරයක් සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කළ ද, ඇතැම් වෙළෙඳසල්වල ටින්මාළු,…

(0)Comments | April 10, 2017 5:29 am

ඇළුමිනියම් පිරි සැකසුම් කිරීම පිළිබඳ දනුවත් කෙරේ

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්ත හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් ඇළුමිනියම් පිරිසැකසුම් කිරීම (Aluminum fabrication) පිළිබඳ දෙදින තාක්ෂණ වැඩමුළුවක්…

(0)Comments | April 10, 2017 5:23 am

බදු අය කර ගැනීමේ ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කළ යුතුයි – ජනපති

බදු අය කර ගැනීම සඳහා පවතින ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 16 වන වාර්ෂික සමුළුව අමතමිනි. රාජ්‍ය ආයතන, ඇතැම් පෞද්ගලික ව්‍යාපාර ආයතන සහ ආයෝජන ව්‍යාපෘති තුළින් රාජ්‍ය…

(0)Comments | April 7, 2017 4:49 am

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. මේ අනුව දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන්…

(0)Comments | April 6, 2017 7:48 am

බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීම සමරයි

පින්සල්/බුරුසු නිෂ්පාදක සහ අලුත් වැඩියා නඩත්තු මෙවලම් අපනයනකරුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම පසුගියදා (04) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සීනුව නාද කොට සමාගමේ කොටස් ප්‍රථම වරට ලැයිස්තු ගත විම සමරන ලදී. බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම නියෝජනය කරමින් සභාපති සරත් අමරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ…

(0)Comments | April 6, 2017 6:50 am

මාර්තු මාසයේ සංචාරක පැමිණීම සියයට 2.5 කින් පහළට

පසුගිය 2017 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ගණන 188,076 ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ. මෙය 2016 මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරක සංඛ්‍යාව වූ 192,841 හා සැසඳීමේ දී සියයට 2.5 ක පහළ යාමකි. 2017 ජනවාරි මාසයේ දී මෙරටට…

(0)Comments | April 6, 2017 5:18 am

අඛණ්ඩව සත්වෙනි දිනටත් කොළඹ කොටස් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (05) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,198.32 ක් ලෙසින් සටහන් විය. මෙය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 51.63 ක් හෙවත් 0.84% ක ඉහළ යාමකි. පසුගිය මාර්තු 27 වනදායින් පසු අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය සත්වෙනි දිනය ලෙසින් අද දිනය වාර්තා වේ. මේ අනුව අඛණ්ඩ දින හතක්…

(0)Comments | April 5, 2017 12:46 pm

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සමීක්‍ෂණයට ඕස්ට්‍රේලියා සහාය

ඕස්ට්‍රේලියාවේ විශේෂ අමුත්තන්ගේ වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියා රජයෙන් ලද ආරාධනයකට අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලිණි. මෙහිදී, ශ්‍රී ලංකාවේ ඛනිජ ක්ෂේත්‍රයේ ඇති ආයෝජන ඉඩප්‍රස්ථා පුළුල් කිරීම සඳහා, ලොව ඉහළ පෙළේ ඛනිජ හා ලෝහ ගවේෂකයෙක් වන ඕස්ට්‍රේලියාවේ විශේෂඥභාවය ප්‍රයෝජනයට ගැනීමට මෙතුමා අපේක්‍ෂා කළේය. දෙරට අතර සහයෝගීතාව සහ නවෝත්පාදන සබඳතා…

(0)Comments | April 5, 2017 11:48 am

ඊයේ බැඳුම්කර වෙන්දේසියේ දී මහ බැංකුව වැඩිපුර ලංසු අනුමත කරලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ බැඳුම්කරවල වටිනාකමට වඩා වැඩිපුර ලංසු අනුමත කර තිබේ. මෙහිදී 2021 හා 2024 යන වසරවලදී කල්පිරෙන පරිදි රුපියල් මිලියන 4,000 බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණු අතර එහිදී ලැබුණු ලංසු අතරින් 2021 බැඳුම්කර සඳහා රුපියල්…

(0)Comments | April 5, 2017 8:22 am

IORA සාමාජික රටවල් අතර අවබෝධතා ගිවිසුමක්

2016 අප්‍රේල් මස 11-13 දිනවලදී, ඩුබායිහිදී පැවති ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල්වල සංගමයේ ආර්ථික හා ව්‍යාපාරික අමාත්‍යවරුන්ගේ දෙවන සමුළුවේදී, සාමාජික රටවල් අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කරනු ලැබ තිබේ. සාමාජික රටවල්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතර සබඳතා වර්ධනය වීමත්, සුදුසු තාක්ෂණ සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට…

(0)Comments | April 5, 2017 6:25 am