මෙම සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන කැපී පෙනන ලෙස ඉහළ ගියේය. සතිය ආරම්භයේ දී මාර්තු 27 දින රුපියල් මිලියන 429 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එයින් 18% ක් හෙවත් රුපියල් මිලියන 79.52 ක් විදේශීය ගැනුම් ලෙසින් සටහන් විය. මෙම සතිය තුළ අඩුම විදෙස් ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූ දිනය එදින වූ අතර ඊට…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් වන Grant Group හි හිමිකාරීත්වය ඉන්දියාවේ Dentsu Aegis Network විසින් අත්පත් කර ගෙන තිබේ. මෙරට වෙළෙඳ ප්‍රචාරණ කර්මාන්තයේ පුරෝගාමියා වන රෙජී කන්දප්පා මහතා විසින් 1958 වසරේ දී ආරම්භ කරන ලද Grant Group ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරක ඒජන්සිය ද වේ. වෙළෙඳ දැන්වීම්කරණය, මහජන සම්බන්ධතා, අලෙවිකරණ, ඩිජිටල් මධ්‍ය…
ත්‍රිකුණාමලය වරායේ, වරාය ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හා නාවුක මඟපෙන්වීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ජපාන නිෂ්පාදන සපයා ගැනීම සඳහා ජපන් යෙන් බිලියන 1ක (දළ වශයෙන් රුපියල් බිලියන 1.3ක) ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත. ඒ අනුව එම ප්‍රදාන ආධාරය ලබාගැනීම වෙනුවෙන් ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා…
වායු විමෝචනය Bharat Stage (BS)-III මට්ටමේ පවතින මෝටර් රථ ලියාපදිංචිය තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ දී නියෝගයක් නිකුත් කර තිබේ. මෙම අධිකරණ නියෝගය හේතුවෙන් ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් ගණනාවක්ම බරපතළ අර්බුදයකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් සිය ගබඩාවල ඇති නිෂ්පාදන ඒකක අට ලක්ෂයක් පමණ අලෙවි කිරීමට ඇති අවස්ථාව ඇහිරී තිබෙන බව වාර්තා…
ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර තිබේ. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් (Tung-Lai Margue) මහතා පසුගිය දා (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසීය. ඔහු කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජනවාරි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජනවාරි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
ජර්මනියේ Deutsche Boerse AG විසින් ලන්ඩන් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඩොලර් බිලියන 14 ක කොටස් අත්පත් කර ගනිමින් සිදුකිරීමට සැලසුම් කරන ලද ගනුදෙනුව යුරෝපා සංගමයේ නියාමකයින්ගේ මැදිහත්වීමෙන් අත්හිටුවා තිබේ. මෙම ගනුදෙනුව හරහා යුරෝපා සංගමයේ විශාලතම ව්‍යාපාර වස්තු හුවමාරුව නිර්මාණය වීම තුළින් ඒකාධිකාරීත්වයක් පැන නගින බවත් එමඟින් කලාපයේ සෙසු රටවල් 27 ක ආර්ථිකයන් බලවත් තර්ජනයකට ලක්විය හැකි…
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නව සංකල්පයක් ලෙස යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබ ඇති, දැනට භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි අලුත්වැඩියා කර, කොළඹ දුම්රිය අංගණය, මහයියාව උප දුම්රිය ස්ථානය, නානුඔය, අඹේවෙල, ඇල්ල සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගන්නා ඉඩම්වල එම දුම්රිය මැදිරි…
විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 2014 දී 90කට සීමා වී තිබූ විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව මේ වන විට 4,000ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. එම මෝටර් රථ සඳහා විදුලිය ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50ක් පමණ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන රට තුළ ක්‍රියාත්මක වේ. මෙම විද්‍යුත්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම සැලකිල්ලට ගනිමින් එම ගුවන්තොටුපළේ පිහිටි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2016 05 10 වන…
Video Story