අධික බදු සහන ඉවත් කිරීම මඟින් බදු පදනම පුළුල් කිරීමත්, එමඟින් රාජ්‍ය ආදායම වැඩි කිරීමත් රජයේ ප්‍රතිපත්තිය වේ. ප්‍රාග්ධන වත්කම් මත කෙරෙන ආයෝජන, රැකියා උත්පාදනය සහ ආයෝජනය කරනු ලබන ප්‍රදේශය යන කරුණු මත පමණක් පදනම්ව ඉදිරියේදී ආදායම් බදු සහන ලබා දෙනු ඇති අතර ඒ සඳහා දැනට කෙටුම්පත් කෙරෙමින් පවතින නව දේශීය ආදායම් බදු පනතට අවශ්‍ය…
අද (04) දින විවෘත කරන ලද RIL ප්‍රොපර්ටි ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා මේ වන විට ඉදිරිපත් කළ කොටස් ප්‍රමාණයට වඩා අයදුම්පත් ලැබී ඇති බව සමාගම නිවේදනය කර සිටී. රු. 8.00 බැගින් කොටස් මිලියන 120 ක් මෙහිදී නිකුත් කිරීමට නියමිත අතර අද සවස 4.30 ට මෙම කොටස් නිකුතුව අවසන් කරන බව සමාගම වැඩිදුරටත්…
බිම්ස්ටෙක් (BIMSTEC) කලාපයේ තාර්කික හා ප්‍රශස්ත විදුලිබල සම්ප්‍රේෂණයක් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් විදුලිය වෙළඳාම සඳහා සම්ප්‍රේෂණ ජාල අන්තර් සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස සාමාජික පාර්ශ්වයන් වෙත පුළුල් කාර්යරාමුවක් සලසා දෙනු ලබන, ‘බිම්ස්ටෙක් (BIMSTEC) රටවල් අතර සම්ප්‍රේෂණ ජාල අන්තර් සබඳතාව ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම’ අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තීන්ත නිෂ්පාදන සමාගමක් වන කෝස්වේ පේන්ට්ස් ලංකා (පුද්) සමාගම සම්පූර්ණයෙන්ම තමන් විසින් මිල දී ගත් බව ඉන්දියාවේ ඒෂියන් පේන්ට්ස් සමාගම නිවේදනය කර සිටී. බෝම්බේ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන ඒෂියන් පේන්ට්ස් විසින් සිය අනුබද්ධ සමාගමක් වන Berger International හරහා පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපාර අත්පත් කර…
ශ්‍රී ලංකා නෞකා ඉක්හාසයේ තවත් වැදගත් සංධිස්ථානයක් සළකුණු කරමින් ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව වන “Hoegh Trigger” පසුගිය දා හම්බන්තොට වරායට සේන්දු විය. නෝර්වේ ඔස්ලෝ හි Hoegh Autoliners විසින් හිමිකාරීත්වය දරනු ලබන මෙම නෞකාව පසුගිය මාර්තු 31 වන දින හම්බන්තොට වරායට ළඟා වූ අතර එහි දේශීය නියෝජිතයා ලෙස්න Diamond Shipping Services (Pvt) Ltd කටයුතු…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්ස් සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා තවත් වසරක කාලයක් හිමිව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ සඳහා 2018 මාර්තු 31 දක්වා ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන නවතම සමාගම වන BPPL Holdings Limited හි ද්විතීයික කොටස් ගනුදෙනු හෙට (04) දිනයේ දී ආරම්භ වීමට නියමිතය. මෙහිදී BPPL Holdings හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 306,843,357 ක් දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කෙරෙනු ඇත. මූලික මහජන කොටස් නිකුතුවේ දී රු.12.00 බැගින් මෙම සමාගමේ කොටස් නිකුත් කෙරෙනු අතර, නිකුතුව විවෘත කෙරෙනු…
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනට අනුව 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ට අඩු සහ සේවක සංඛ්‍යාව 50 ට අඩු ආහාර හා පාන වර්ග,රසකැවිලි හා බේකරි නිෂ්පාදන,කිරි ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු නිෂ්පාදන,සකසන ලද…
මෙරට ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ඔඩෙල්, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි. මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර…
පසුගිය බදාදා (29) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රථ වාහන සම්බන්ධයෙන් දෙන ලද ඓතිහාසික තීන්දුවත් සමඟම නව වායු විමෝචන පරිසාධන මට්ටම් සමඟ වෙළෙඳපොළට නිකුත් කරන මෝටර් රථවල මිල ඉහළ යාමක් සිදුවනු ඇතැයි වාර්තා වේ. වායු දූෂණය සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව තවදුරටත් වායු විමෝචන පරිසාධන මට්ටම BS-III මට්ටමේ පවතින්…
Video Story