ඉ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. තමන් වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි. මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හදුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන…
Resus Energy PLC විසින් JB Power (Pvt) Ltd හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගෙන තිබේ. මේ සදහා ආයෝජිත මුදල රුපියල් මිලියන 20.3 කි. කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කිලෝවොට් 700 ක කුඩා ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා JB Power (Pvt) Ltd හට අනුමැතිය ලැබී ඇත. JB Power (Pvt) Ltd හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,005 ක් මේ…
කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා අද දෙරණ Biz 24×7 සම්මුඛ සාකච්ඡව සදහා එක්විය. මාතර ග‍්‍රාමීය ප‍්‍රදේශයක පාසැලක සිට මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුවේ සභාපතිවරයා දක්වා තමන් පැමිණි ගමන් මග පිළිබද සිය ජීවන වෘත්තාන්තය පළමු වරට විද්‍යුත් මාධ්‍යයක් ඉදිරියේ ධර්ම ධීරසිංහ මහතා දිග හැරි ආකාරය පහතින් නැරඹිය හැකිය.
ශ්රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලුම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය….
කැප්ලා මෝටර් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති කේ.ටී. කපිල ද සිල්වා මහතා අද දෙරණ Biz 24×7 සම්මුඛ සාකච්ඡාව හා එක්විය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන අලුත්ම ඉලෙක්ට්‍රික් මෝටර් රථය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් කපිල ද සිල්වා මෙහිදී හෙළි කළේය. මෙය ධාවනයේ දී වැය වන පිරිවැය කිලෝ මීටරයක් සඳහා රුපියල් 3.50 ක් පමණක් බව පැවසූ කපිල ද…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කොටස් ගනුදෙනු පසුගිය අප්‍රේල් 12 වන බදාදා නිමාවට පත්වූයේ දීර්ඝ සතිඅන්තයක එළඹීමත් සමඟිනි. එදින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,402.99 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ දී තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ උපරිම වර්ධනය ද මෙදින වාර්තා විය. ඒ ඒකක 97.45 ක් හෙවත්…
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළඹෙන ලදී. මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන…
සවුදි සංවර්ධන අරමුදල(SED), අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ.මෙම ව්‍යාපෘතිය…
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් පිළිගත් රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරනු ලබන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/- උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, මෙහි පළමු පියවර වශයෙන් 2014…
2017 මාර්තු 31 වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,119.85 ක් බව මහ බැංකුව නිවේදනය කර සිටී. මෙය 2017 පෙබරවාරි 28 වන දිනට වාර්තා වූ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය වූ ඩොලර් මිලියන 5,634.66 ට වඩා ඩොලර් මිලියන 514.81 ක පහළ යාමකි. මෙහිදී විදෙස් විනිමය සංචිතය පෙබරවාරි මාසයට සපේක්ෂව…
Video Story