Top News

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් ඇමැතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළඟ වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත…

(0)Comments | April 27, 2017 5:11 am

හිටපු අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා කොමර්ෂල් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබේ. 2017 අප්‍රේල් 26 දින සිට මෙම පත්කිරීම බලපැවැත්වෙන බව කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරිය දන්වා සිටී. කේ. ශ්‍රීපවන් මහතා 2015 ජනවාරි මාසයේ සිට 2017 මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගවිනිසුරුවරයා වශයෙන් කටයුතු කරන ලදී.

(0)Comments | April 26, 2017 11:16 am

ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම්වලට වෙනවෙනම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා

ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. දෙරට විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලට එළඹීමට පෙර අදාළ පාර්ශ්වයන් විමසමින් අදාළ එක් එක් අමාත්‍යාංශ…

(0)Comments | April 26, 2017 7:36 am

සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව දෙගුණ වෙයි

2016 අංක 24 දරන විසර්ජන පනත අනුව 2017 වර්ෂය සඳහා දළ රාජ්‍ය ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 1,579කි. ඉන් රුපියල් බිලියන 1,129ක් දේශීය මාර්ගවලින් හා ඉතිරි රුපියල් බිලියන 450 විදේශීය මාර්ග වලින්ද ලබාගැනීමට ද සැලසුම් කර ඇත. විදේශීය ණය ගැනීම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබාගැනීම සඳහා දැනටමත් අමාත්‍ය…

(0)Comments | April 26, 2017 7:16 am

අධිවේගයේ බස් ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් හා අනුව අදාළ නිර්ණායක සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. මීට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතෙහි අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ගාලු පාරේ බස් රථ ධාවනය කරනු ලබන…

(0)Comments | April 26, 2017 7:06 am

පරීක්ෂණ ගුවන්ගත වීමකට ඉන්දීය ගුවන් අවකාශය වසා දමයි. ශ්‍රීලංකන් කාලසටහනේ වෙනසක්

ඉන්දියාව විසින් සිදුකරනු ලබන ගුවන්යානා පරීක්ෂණයක් හේතුවෙන් හෙට (27) දිනයේ දී ඉන්දීය ගුවන් අවකාශය වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙම තත්ත්වය මත හෙට දිනයේ දී ශ්‍රීලංකන් ගුවන්යානා ගමන් කාලසටහනේ වෙනසක් සිදුවන ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන්සේවා කාර්යාලය හෝ සිය සංචාරක නියෝජිතවරයා හෝ 0094197331979 හරහා ශ්‍රීලංකන්…

(0)Comments | April 26, 2017 6:15 am

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් දේශීය කර්මාන්ත කරුවන්ට විදේශීය පුහුණු සඳහා ආධාර

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මුම්බායි හි ඉන්දියානු ඇසුරුම් ආයතනය (Indian Institute of Packaging) විසින් පවත්වනු ලබන ඇසුරුම් නිර්මාණකරණය හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ නිපුනතා සංවර්ධන පාඨමාලාව හැදෑරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම වැඩසටහන සඳහා කර්මාන්ත ආයතනයක ඇසුරුම් නිර්මාණය/නිෂ්පාදනය පිළිබඳ අවම වශයෙන් වසර 03 ක (ජ්‍යෙෂ්ඨ තාක්ෂණ මට්ටමේ) පළපුරුද්දක් ඇති, ඉංග්‍රීසි…

(0)Comments | April 25, 2017 11:14 am

මරුටි සුසුකි පවුලේ අලුත්ම සාමාජිකයා මෙන්න

සිය නවතම මෝටර් රථ මාදිලිය වන Maruti Suzuki Dzire හඳුන්වා දීමට මරුටි සුසුකි ඉන්දියා සමාගම ඊයේ (24) පියවර ගන්නා ලදී. මෙය අලෙවිය සඳහා මැයි 16 දින වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. Hyundai Xcent, Honda Amaze, Volkswagen Ameo, Ford Aspire ආදී මීට සමගාමී මෝටර් රථවලට Maruti Suzuki Dzire වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු ඇතැයි වාර්තා…

(0)Comments | April 25, 2017 8:35 am

UTE සහ HNB මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීමට ඉදිරිපත් වෙයි

වෙළඳපල තරගකාරීත්වය සහ බලශක්ති කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා FS Curtis වායු සම්පීඩක යන්ත්‍ර මිලදී ගැනීමට පහසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹියහ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක්වන හැටන් නැෂනල්…

(0)Comments | April 25, 2017 6:16 am

මෙරට භූමිගත දත්ත සහ තොරතුරු ඇතුලත් ජාතික මට්ටමේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක්

ශ්‍රී ලංකාවේ භූමිගත දත්ත සහ තොරතුරු ඇතුලත් ජාතික මට්ටමේ භුමිගත තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක් (Sri Lanka National Spatial Data Infrastructure) සකස් කෙරේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට අනුව මෙම දත්ත පද්ධතිය සකස් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි. ප්‍රධාන අංශ 12 ක් පමණ මුල් කර ගනිමින් මෙම දත්ත සහ තොරතුරු පහසුකම් පද්ධතිය…

(0)Comments | April 25, 2017 5:48 am