Top News

ලංකාවේ පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

ශ්‍රී ලංකාව තුල තෙල් පිරිපහදු හා ගබඩා කිරීමේ මෙහෙයුම් ඇරඹීම සඳහා ඉන්දියාව ඉතා උනන්දුවෙන් පසුවන බව ඉන්දියාවේ පෙට්‍රෝලියම් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරියගේ බලශක්ති උපදේශක වන තව්ෆික් එලාහි චෞද්රි හා ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් සම්පතක් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය භුබානේෂ්වර් හිදී හමුවූ අවස්ථාවක දීය. ඉන්දීය අගමැති…

(0)Comments | February 8, 2016 9:18 am

ජනවාරියේ ලංකාවට ආ සංචාරකයින්ගේ වගතුග මෙන්න

2016 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 194,280 ක් ලෙසින් වාර්තා වන අතර මෙය 24.3% ක වර්ධනයක් බව නවතම දත්ත වාර්තා සඳහන් කර සිටී. මෙයාකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයකින්ගෙන් බහුතරය ඉන්දියානුවන් වන අතර එහි දෙවන තැන හොංකොං, මැකාවෝ ඇතුළු චීන ජාතිකයින් විසින් අත්පත් කර ගෙන තිබේ. ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි ඉන්දියානුවන් ගණන…

(0)Comments | February 8, 2016 5:43 am

Auto Expo 2016 ප්‍රදර්ශනයේ දී එළි දුටු නවතම පරිසර හිතකාමී වාහන මෙන්න

වසර දෙකකට වරක් ඉන්දියාවේ පැවැත්වෙන ඔටෝ එක්ස්පෝ මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා මේ වන විට ලොව පුරා මෝටර් රථ ලෝලීන් ගේ අවධානය හිමිව තිබේ. මෙම මෝටර් රථ ප්‍රදර්ශනය පෙබරවාරි 05 සිට 09 වැනි දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි Greater Noida, India Expo Mart හිදී පැවැත්වෙනු ඇත. මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් අවධානයට පාත්‍ර වී ඇත්තේ ඉදිරියේ දී…

(0)Comments | February 8, 2016 4:24 am

මධ්‍යම පංතියේ පරිභෝජනය ඉහළ යාමෙන් පාවහන් ඉල්ලුම වර්ධනය වී ඇති බව කර්මාන්ත ඇමති කියයි

ලෝකයේ මධ්‍යම පාන්තික පරිභෝජනය ඉහළ යමින් පවතින බැවින් විවිධ විලාසිතා වලින් යුතු ගුණාත්මක පාවහන් සඳහා ඇති ඉල්ලුම සීග්‍ර ලෙස වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අට වන වරටත් සංවිධානය කළ පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස…

(0)Comments | February 8, 2016 3:32 am

Alere – Abbott ගනුදෙනුවෙන් නාමල් නාවන ට ඩොලර් මිලියන 11.1 ක්

ලොව ප්‍රමුඛ පෙළේ රෝග විනිශ්චය උපාංග හා සේවා සම්පාදකයෙකු වන Alere සමාගමේ හිමිකාරීත්වය, Abbott Laboratories සමාගම විසින් මිලදී ගැනීමට මේ වන විට කටයුතු යොදා තිබේ. මෙම ව්‍යාපාරික අත්පත් කර ගැනීම හරහා Alere හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී නාමල් නාවන මහතා ට ඇමරිකානු ඩොලර් මිලියන 11.1 ක එකවර ගෙවීමක් ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා…

(0)Comments | February 6, 2016 9:30 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුදල් ඇමැති හමුවෙයි

ලෝක ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්, ඊයේ (05) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යාංශයේදී හමුවූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකරනු ලබන පසුවිපරම් කටයුතු…

(0)Comments | February 6, 2016 5:44 am

කොළඹ කොටස් එකතැන. චිලව් ෆිනෑනස් 34% කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.84 ක සුළු ඉහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,404.64 ක් ලෙසින් වාර්තා විය. මෙය 0.03% ක වැඩිවීමකි. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 3,338.97 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට වඩා ඒකක 2.93 ක…

(0)Comments | February 5, 2016 11:13 am

බැඳුම්කර නිකුතුවෙන් දෙගුණයක් හොයලා

අද (05) දින පවත්වන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා ලංසු අනුමත වී තිබේ. මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ වසර 4 යි මාස 10 ක පරිණත කාලයකින් යුතු රුපියල් මිලියන 2,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුණු ලංසු ප්‍රතික්ෂේප වී ඇත. මේ අතර වසර 14 යි මාස 03 කින්…

(0)Comments | February 5, 2016 10:14 am

ශ්‍රී ලංකා – ජපන් ආර්ථික සහයෝගිතාවය සහ ප්‍රතිපත්ති සංවාදය පිලිබඳ විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපන් සංචාරයේදී ඇතිකරගත් එකඟතාවයක් මත දෙරට අතර ආර්ථික සහයෝගිතාවය සහ ප්‍රතිපත්ති සංවාදය පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විය. ශ්‍රී ලංකාව තුල යහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය වීමත් සමග ජපන් සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට වැඩි කැමැත්තක් දැක් වීමත් සමග ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනය…

(0)Comments | February 5, 2016 8:04 am

MDF බෝඩ් ආනයනයට පාකිස්තානයෙන් දිරිගැන්වීමක්

ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරනු ලබන MDF බෝඩ් සඳහා මේ දක්වා නියම කර තිබූ ආනයනික බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පාකිස්තානය තිරණය කර තිබේ. දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳ ගනුදෙනු දිරිගැන්වීමේ පියවරක් ලෙසින් පාකිස්තානු රජය විසින් මෙම පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට කරනු ලබන අපනයනවලින් MDF බෝඩ් සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන අතර මෙරටින් කරන MDF බෝඩ්…

(0)Comments | February 5, 2016 6:38 am