නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සිසුන්ට මීටත් වඩා හොඳින් එය ලැබිය යුතු බව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අප මේ තරම් දුර පැමිණ ඇත්තේ නිදහස් අධ්‍යාපනය නිසා බවයි. පසුගිය දා අද දෙරණ Biz 24X7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය හර්ෂ අලස් මහතා මේ බව…
එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම විසින් ඕමානයේ අල් ෆලාජ් හෝටලයෙහි හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. මේ සඳහා ඕමාන් රියාල් මිලියන 14 ක ආයෝජනයක් එයිට්කන් ස්පෙන්ස් විසින් කර තිබේ. අල් ෆලාජ් හෝටලය කාමර 150 කින් සමන්විත තරු 4 හෝටලයකි.
චීනය විසින් ජෝර්ජ් සොරෝස් වෙත නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය වන People’s Daily හරහාය. චීනයේ මුදල් ඒකකය වන රෙන්මිඹි සාර්ථක මුදල් ඒකකයක් නොවන බවට ජෝර්ජ් සොරෝස් විසින් කරන ලදැයි කියනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. මෙහිදී People’s Daily වාර්තාවට…
චීන කොටස් වෙළෙඳපොළ යළිත් වරක් අර්බුදයට ලක්වන බවක් අද දිනයේ දී දක්නට විය. මෙහිදී ෂැංහයි කොටස් වෙළෙඳපොළ ප්‍රධාන වෙළෙඳපොළ දර්ශකය වන Shanghai Composite Index අද දිනය තුළ 6.4% කින් පහළ ගොස් තිබෙන අතර මෙය 2014 දෙසැම්බර් 01 වැනිදායින් පසු වාර්තා වූ අවම මට්ටමට එය පැමිණ ඇත. චීන ආර්ථිකයෙහි මෙම අහිතකර ප්‍රතිවිපාක ගෝලීය වශයෙන් දැඩි බලපෑමක්…
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ආදර්ශන හා පුහුණු ගොවිපළ විවෘත කිරීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. පන්නල පිහිටා ඇති මෙම ආදර්ශන හා පුහුණු ගොවිපළ සඳහා…
ශ්‍රී ලංකාව තුළ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්භාවය වැඩිකිරීම සඳහා මෙරට කම්කරු නීති සංග්‍රහයේ සිංහල හා දෙමළ පරිවර්තන salary.lk වෙබ් අඩවියට ඇතුළත් කළ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (International Labor Organization-ILO) පසුගියදා නිවේදනය කළේ ය. වේජ්ඉන්ඩිකේටර් පදනම (WageIndicator Foundation) විසින් පවත්වාගෙන යනු ලබන මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය පිළිබඳව තොරතුරු සරල බසින් ඉදිරිපත්…
හෙට (27) දිනයේ දී රුපියල් මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට මහ ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර සිටී. කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 2,500 ක්, දින 182 – මිලියන 10,000 ක් හා දින 364 – මිලියන 10,000 ක් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය….
තමන් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අදහස් කර සිටින බව ලොව ප්‍රමුඛ පෙළේ ධන කුව්රයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් කියා සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමිනි. ශ්‍රී ලංකාවේ නව රජය යටතේ ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා තමන්…
2015 දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි වර්ගයේ මෝටර් රථ ලියාපදිංචිය 31% කින් පහළ බැස ඇතැයි වාර්තා වේ. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි රථ 5,631 ක් ලියාපදිංචි කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී එය 3,882 දක්වා මේ අනුව අඩු වී තිබේ. 2015 සැප්තැම්බර් මාසය තුළ දී මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම මරුටි රථ…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත වෙළෙඳ හා සේවා ගිවිසුම හේතුවෙන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදීය. මෙම ගිවිසුම මෙරට තොරතුරු…
Video Story