Top News

තත්ත්වයන් වෙනස් වෙද්දී මම මගේ අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO

පවතින තත්ත්වයන් හි වෙනස්කම් සිදුවන විට ඊට අනුරූප ලෙසින් තමා තම අදහස වෙනස් කරගන්නා (When the facts change, I change my mind.) බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් පවසා තිබෙන බවත් එය තමා මෙහිදී ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය…

(0)Comments | July 29, 2016 6:54 am

මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දමයි

උද්ධමන පීඩන ක්‍රමයෙන් ඉහළ යෑම වළක්වා ගැනීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස අධි ඉල්ලුම් තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සහ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳමා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩ් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව 2016 ජූලි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොළී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ…

(0)Comments | July 29, 2016 3:04 am

ශ්‍රී ලංකා නැවියන්ට ස්විස් රැකියා

ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි. මේ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙයිඩර්කෝන් (Heinz Walker – Nederkoon) මහතා විසින්…

(0)Comments | July 28, 2016 8:59 am

දශ ලක්ෂ හැට දහසක බැඳුම්කර නිකුතුවක් හෙට

රුපියල් දශ ලක්ෂ 60,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් හෙට (29) දිනයේ දී පවත්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටී. 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රුපියල් දශ ලක්ෂ 20,000 බැගින් වන භාණ්ඩාගාර බැඳුම්කර මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති විද්‍යූත්…

(0)Comments | July 28, 2016 8:09 am

රැකියා දශ ලක්ෂයක් දෙන්න චීනය අක්කර 15,000 ක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා චීනය විසින් අක්කර 15,000 ක භූමිභාගයක් ඉල්ලා ඇති බව ෆෝබ්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙරට සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ෆෝබ්ස් අඩවිය මෙම පුවත වාර්තා කර තිබේ. මෙම් විශේෂ ආර්ථික කලාපය හරහා නව රැකියා අවස්ථා දශ ලක්ෂයක් බිහිවනු…

(0)Comments | July 28, 2016 7:34 am

ක්ෂණික පිළියම් ආර්ථිකයට හිතකර නැහැ – මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළේ දී කියයි VIDEO

ලෝකයේ ඉහළ මට්ටමේ කොටස් වෙළෙඳපොළක් අපට තිබෙන බවත් එය තව තවත් ශක්තිමත් කරන්නට සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සමාරම්භය හා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටියේ දේශීය හා විදේශීය…

(0)Comments | July 28, 2016 6:25 am

ස්වාධීන ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කිරීමට පියවර ගැනේ

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතිය යටතේ වන බැඳීම් ප්‍රකාර ගුවන්යානා අනතුරු හා සිදුවීම් විමර්ශනය කිරීම සඳහා වන ස්වාධීන ආයතනයක් වශයෙන් ‘ශ්‍රී ලංකා ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශය’ ස්ථාපිත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු වන…

(0)Comments | July 28, 2016 12:01 am

මිලියන විසිදහසක භාණ්ඩාගාර බිල්පත් විකුණයි

අද දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 20,156 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ බිල්පත් නිකුත් කළ පොළියට වඩා සාපේක්ෂව අඩු පොළී අනුපාතිකයක් යටතේ අද වෙන්දේසියේ දී නිකුතුව සිදුකර තිබෙන අතර දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් සඳහා ලැබුණු ලංසු…

(0)Comments | July 27, 2016 11:21 am

මොරටුව සරසවියේ දක්ෂයින් තැනූ “D-Mora P1” රේසිං රථය Formula Student UK 2016 හිදී සම්මාන 3ක් දිනාගනියි

ශ්‍රී ලාංකේය රේසිං මෝටර් රථයක් නිපදවා ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීම මොරටුව විශ්ව විද්‍යාලය සහ ඩීමෝ එක්ව සමරයි. මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුන් විසින් මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමා‍ගමේ (ඩීමෝ) සහය ඇතිව නිපදවූ “D-Mora P1” රේසිං රථය සිසුන් අතර පැවැත්වෙන ලොව ප්‍රමුඛතම මෝටර් රථවාහන තරඟාවලිය වන Formula Student…

(0)Comments | July 27, 2016 10:49 am

වෙළෙඳ හා සංචාරක ප්‍රවර්ධනයට ජෝර්ජියාව සමඟ අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර දේශපාලන මෙන්ම ආර්ථික, වෙ‍ළෙඳ, විද්‍යාත්මක, තාක්ෂණික, සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. මේ අතර ඇති කරගනු ලබන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශකත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට 2016 අගෝස්තු 3-4…

(0)Comments | July 27, 2016 9:00 am