Top News

මයික්‍රොසොෆ්ට් සභාපති ගේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට

මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ දී පැවති අතර එහිදී ශ්‍රී ලංකාව සමග තාක්ෂණ ගිවිසුමකට එළඹීමට තමන් කැමැත්තෙන් සිටින බව ඔහු පවසා තිබේ. මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා නුදුරේදී ම මයික්‍රොසොෆ්ට් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය….

(0)Comments | January 24, 2016 9:14 am

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටන (UNDP) විසින් නිකුත් කරන ලද 2015 ගෝලීය මානව සංවර්ධන වාර්තාවට අනුව ලොව 73 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ලොවපුරා රටවල් 188 ක් ඇසුරින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව පෙර වසරේ 74 වැනි ස්ථානය ලබා සිටි ශ්‍රී ලංකාව 2015 වසරේදී එක් පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 0.757 ක…

(0)Comments | January 23, 2016 6:32 am

කොළඹ කොටස් අද ස්ථාවරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී ක්‍රමික වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.53 කින් හෙවත් 0.51% කින් ඉහළ ගොස් ඒකක 6,382.24 කි වශයෙන් වාර්තා විය. S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 21.87 කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එය දැක්වුණේ ඒකක 3,315.36 ක් වශයෙනි. මෙය පෙර…

(0)Comments | January 22, 2016 10:52 am

දෙසැම්බරයේ දී උද්ධමනය බසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ 4.8% සිට 2015 දෙසැම්බර් මාසයේ දී 4.2% දක්වා පහළ ගොස් තිබේ. මේ අතර 2015 දෙසැම්බර්යේ වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 3.8% ක් ලෙසින් වාර්තා වේ. ජාතික…

(0)Comments | January 22, 2016 8:13 am

පාත් ෆයින්ඩර් විධායක අධ්‍යක්ෂවරයා ඉන්දු-ලංකා ගිවිසුම් ගැන කතා කරයි VIDEO

මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනටමත් පවතින හා යෝජිත ආර්ථික වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් අද දෙරණ Biz 24×7 සමඟ සුවිශේෂී…

(0)Comments | January 22, 2016 5:44 am

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට රජයෙන් පියවර

ආසියානු කලාපීය සබඳතා වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඇරඹි ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ සාමිජිකත්වය විධිමත් ආකාරයෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලැබෙන ලෙස පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම බැංකුව සඳහා සහයෝගය දැක්වීමට ආසියානු කලාපයේ රටවල් 37 ක් සහ කලාපීය නොවන රටවල් 20 ක් මේ වන විට…

(0)Comments | January 22, 2016 4:37 am

ජපාන බැංකුවක් මෙරට දී වැඩ අරඹයි

ජපානයේ Bank of Tokyo-Mitsubishi හි නියෝජිත ශාඛාවක් මෙරට දී ආරම්භ කිරීමට පියවර ගත් බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම ආයතනය මෙරට සිය කටයුතු ආරම්භ කිරීමේ දී ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට…

(0)Comments | January 21, 2016 12:45 pm

කොළඹ වරායේ බහාලූම් හැසිරවීම දැවැන්ත නෞකා පැමිණීමෙන් ඉහළට

කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) 2015 වසරේ බහාලූම් මිලියන 1.561 හසුරවමින් තවත් සුවිශේෂී කඩ ඉමක් පසුකිරීමට සමත් වී ඇති අතර පර්යන්තය හැසිරවූ සමස්ත බහාලූම් වලින් 67% ක්ම සුවිශාල නෞකා (ULCC) සහ විශාල නෞකා (VLCC) කාණ්ඩ වලට අයත්වීම මෙහිදී කැපී පෙනේ. දැවැන්ත පරිමාණයේ නෞකා වලින් ප්‍රවාහනය කරන බහාලූම් හැසිරවීමේ හැකියාව තිඛෙන දකුණු ආසියාවේ පළමු සහ එකම…

(0)Comments | January 21, 2016 11:12 am

හම්බන්තොටට ගල් අඟුරු තහනම්

හම්බන්තොට වරාය කර්මාන්ත කලාපය තුළ ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත ආරම්භ නොකළ යුතු බව මොරටුව විශ්වවිද්‍යාලය මලින් සිදුකර ඇති පරිසර අධ්‍යයනයකින් අනතුරුව නිර්දේශ කර තිබේ. ඒ අනුව හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ හැකි ව්‍යාපාරික ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපාරික සැලැස්මක් සකස් කර තිබේ. ඒ යටතේ හඳුනාගනු ලබන ව්‍යාපාරික අවස්ථා රාජ්‍ය…

(0)Comments | January 21, 2016 10:46 am

කොළඹ කොටස් යළි පණ ගසයි

දීර්ඝ කාලයකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් අද දිනය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. අද (21) මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.40 කින් ඉහළ ගොස් ඒකක 6,346.58 ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 55.59 කින් ඉහළ ගොස් ඒකක 3,296.67 ක් ලෙසින් වාර්තා විය. දිනයේ පළමු භාගය…

(0)Comments | January 21, 2016 6:58 am