Top News

පාඩු ලබන රජයේ වතු සමාගම්වල සේවක පඩි ගෙවන්න මහා භාණ්ඩාගාරය මැදිහත් වෙයි

පාඩු ලැබීම හේතුවෙන් රජයට වැය බරක්ව පවතින බැවින් දැනට ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් ‍කෙ‍රෙමින් පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන්හි සේවකයින්ට මෙම වසරේ ඉදිරි කාලසීමාව සඳහා වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබා දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ යෝජනාව පරිදි…

(0)Comments | July 27, 2016 6:34 am

ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී

‘කෘෂි ව්‍යාපාර හා ආහාර කර්මාන්තයේ වාණිජමය තිරසර බව හා ඉහළ ඵලදායීතාව සඳහා නව සොයාගැනීම්’ යන තේමාව යටතේ ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණයක් 2016 වර්ෂයේ අගෝස්තු මස 02 සිට 05 දක්වා‍ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු ඵලදායීතා සංවිධානය (Asian Productivity Organization-APO) විසින් තීරණය කර ඇත. මෙම සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත්…

(0)Comments | July 27, 2016 6:24 am

වාණිජ ඉඩම් සඳහා බදු සහන

රජයේ ඉඩම් ආඥාපනත යටතේ වසර තිහක (30) කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමේදී ප්‍රධාන තක්සේරුකරු වෙතින් ලබා ගනු ලබන වෙළෙඳපොළ වටිනාකම පදනම් කරගනිමින් වාර්ෂික බදු මුදල ගණනය කරනු ලබන අතර සෑම වර්ෂ (05) පහකට වරක් එම බදු මුදල 50% කින් ඉහළ නංවනු ලැබේ. මෙහිදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුව රජයේ ඉඩම් වාණිජ…

(0)Comments | July 27, 2016 6:17 am

දුම්රිය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 318 ක්

ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 966ක පමණ වන ණය පහසුකම් දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, එම ණය පහසුකම් දකුණු සහ උතුරුදිග දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම සඳහාත්, දුම්රිය එන්ජින් හා ඩීසල් බලවේග කට්ටල මිල දී ගැනීම සඳහාත් යොදා ගනු ලැබ ඇත. ඉන්දියානු අගමැතිතුමා විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ…

(0)Comments | July 27, 2016 6:13 am

ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ජෙෆ්රි බාවා තිළිණ ප්‍රදාන සිව්වන වරටත්

සිව්වැනි තරඟ චක්‍රය දියත් කිරීම 2016 / 2017 ගෘහ නිර්මාණයේ විශිෂ්ටත්වය උදෙසා පිරිනැමෙන ජෙෆ්රි බාවා තිළිණ ප්‍රදානයේ සිව්වැනි තරඟ චක්‍රය, බෙන්තොට ලුනුගඟ පිහිටි ඓතිහාසික ජෙෆ්රි බාවා උද්‍යාන පරිශ්‍රයට යාබදව නැවත ස්ථානගත කොට, ප්‍රතිස්ථාපනය කල ඊනා ද සිල්වා නිවස්නයේදී පසුගිය දා (23) දියත් කෙරිණ. මේ වසරේ තිළිණ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ 97 වැනි ජන්මදිනය…

(0)Comments | July 27, 2016 5:55 am

කොටස් ගනුදෙනු මිනිත්තු 10 කින් ප්‍රමාදයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ දෛනික ගනුදෙනු ආරම්භය මිනිත්තු 10 කින් ප්‍රමාද වී තිබේ. මේ අනුව පෙරවරු 9.00 සිට 9.30 දක්වා වන පූර්ව ඇණවුම් කාලපරිච්ඡේදය (Open Auction call session) පෙරවරු 9.40 දක්වා මිනිත්තු 10 කින් දීර්ඝ වී ඇත. කෙසේ වෙතත් දෛනික වෙළෙඳපොළ ගනුදෙනු පෙරවරු 9.40 ට ආරම්භ වී තිබේ….

(0)Comments | July 27, 2016 4:46 am

බිමාන් ලංකාවට

බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවය මෙම වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එප්.සී. නිමල්සිරි පැවසීය. මේ වන සිට ශ්‍රී ලංකාවේ මිහින් ලංකා ගුවන් සේවය බංග්ලාදේශයට සෘජු ගුවන් ගමන් පවත්වන අතර, බිමාන් ගුවන් සේවයේ පැමිණීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරනු ලබන දෙවන ගුවන්…

(0)Comments | July 27, 2016 4:30 am

කටුනායකට නව මගී පර්යන්තයක්. ධාවන පථ අලුත්වැඩියාව ජනවාරියේ ඇරඹෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථයේ නවීකරණ කටයුතු එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භ වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53වන සමුළුව අගෝස්තු 01 සිට 05 දක්වා කොළඹදී පැවැත්වෙන බව නිවේදනය කිරීම සඳහා අද (26) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව…

(0)Comments | July 26, 2016 11:59 am

පෝට් සිටි අලුත් වෙයි

කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට එම නාමයෙන් හඳුන්වන්නේ නැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අද (26) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මින් ඉදිරියට මෙම ව්‍යාපෘතිය Financial City ලෙසින් හඳුන්වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

(0)Comments | July 26, 2016 11:36 am

මුදල් ප්‍රතිපත්තියට පෙර මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළට

මහ බැංකු මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 2016 ජූලි මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ජූලි 28 වන බ්‍රහස්පතින්දා පස්වරු 6.00 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මෙය නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන පළමු මූල්‍ය ප්‍රතිපත්ති විවරණයයි. මේ අතර…

(0)Comments | July 26, 2016 10:48 am