Top News

2016 පළමු සතියේ දී 2.44% කින් කොළඹ කොටස් බසී

ගෝලීය වශයෙන් මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයේ තවත් ගොදුරක් බවට ශ්‍රී ලංකා ආර්ථිකය ද පත්වෙමින් පවතින බව පසුගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විමිසිලිමත් වීමේ දී අංශ කිහිපයක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකිවිය. මේ වන විට චීන ආර්ථිකය පවතින්නේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් පවතින අවධියකය. ලොව දෙවැනියට විශාලතම ආර්ථිකයේ සිදුවන මෙම අහිතරක…

(0)Comments | January 10, 2016 5:32 pm

ඩොලර් මිලියන 75 ක සංවර්ධන බැඳුම්කර නිකුතුවක් හෙට

ඇමරිකානු ඩොලර් මිලියන 75 ක වටිනාකමකින් යුතු සංවර්ධන බැඳුම්කර නිකුතුවක් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙම වෙන්දේසියට ලංසු ඉදිරිපත් කිරීම සඳහා හෙට (ජනවාරි 11) ‍පෙරවරු 11.00 සිට ජනවාරි 18 දින පෙරවරු 10.00 දක්වා සතියක කාලයක් විවෘතව පවතී. වසර 1, වසර 2 යි මාස 03 හා වසර 04 යි මාස…

(0)Comments | January 10, 2016 4:21 am

කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි

කොටස් වෙළෙඳපොළේ සිදුවූයේ යැයි කියන අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවත්, වැරදිකරුවන් හඳුනාගෙන තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවත් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති, කැන්ඩර් සමූහ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රවී අබේසූරිය මහතා අද දෙරණ Biz වෙත පැවසීය. මෙම පරීක්ෂණවල අවසානයක් දැකීමට තමන් කැමති බවත්, දැන් ඉදිරියට යාමට…

(0)Comments | January 8, 2016 11:45 am

එන්ට්‍රස්ට් කොටස් ගනුදෙනු අත්හිටුවූයේ සමාගමෙන් පැහැදිලි කිරීමක් නැති නිසයි

එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අත්හිටුවා මේ වන විට දින 4 කි. සමාගම තුළ සිදුවූ මුදල් අක්‍රමිකතා සිදුවීම් කිහිපයක් හේතුවෙන් එහි කළමනාකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජනවාරි 04 වෙනිදා පියවර ගනු ලැබීය. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ සහාකාර…

(0)Comments | January 8, 2016 9:05 am

සුරැකුම්පත් හා විනිමය කොමිසමට පොලිස් පුහුණුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ලයනල් ගුණතිලක මහතා ගේ සේවය උපදේශකවරයෙකු (Consultant) ලෙසින් ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා හා අවේක්ෂණ), තුෂාර ජයරත්න මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඒ මහතා කියා සිටියේ කොමිෂං සභාවේ…

(0)Comments | January 8, 2016 8:09 am

වෙළෙඳාම් පහසුකරණයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

භාණ්ඩ ආනයන හා අපනයනයට අදාළ රේගු නිෂ්කාශනය හා රටවල්වල දේශසීමාවල දී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි කවදුරටත් කඩිනම් හා පහසු කිරීමේ අරමුණින් යෝජිත වෙළෙඳ පහසුකම්කරණ ගිවිසුමේ අවසන් කෙටුම්පත 2013 දෙසැම්බර් මාසයේ දී සම්මත කර ගන්නා ලදී. ඒ ඉන්දුනීසියාවේ පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ 09 වැනි අමාත්‍ය සමුළුවේදීය. එම ගිවිසුම ලෝක වෙළෙඳ සංවිධානය ස්ථාපිත කරනු ලැබ ඇති මරකේෂ්…

(0)Comments | January 8, 2016 6:11 am

දශ ලක්ෂ 20,000 ක බැඳුම්කර නිකුතුවක් අද

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී රුපියල් මිලියන 20,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කාණ්ඩ 4 ක් යටතේ මෙම බැඳුම්කර නිකුත් කෙරේ. එනම් 2020, 2025, 2030 හා 2041 යන වර්ෂවල දී කල්පිරෙන පරිද්දෙනි. මෙහි සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ. මෙම වෙන්දේසිය…

(0)Comments | January 8, 2016 4:33 am

ඉන්දියානු සාගරයේ වඩාත් තරඟකාරීම ආර්ථිකය අපෙන් – අගමැති

ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ වඩාත් තරඟකාරීම ආර්ථිකය බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 හා එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිංගප්පූරුව හා ඩුබායි අතර ගෝලීය නගරයක් තවමත් ස්ථාපිත වී නැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට…

(0)Comments | January 7, 2016 12:44 pm

ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

ඉතා කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගනු ලැබූ දෑ පිළිබඳ තමාව විස්මයට පත්කළ බව ‘ද ඕපන් සොසයිටි‘ නිර්මාතෘ, ලොව මහාපරිමාණ මූල්‍ය ආයෝජකයෙකු වන ජෝර්ජ් සොරෝස් පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016‘ සමඟ එක්වෙමිනි. ‘මෙම සමුළුව සඳහා මා හට ආරාධනය කළ අවස්ථාවේ ශ්‍රී…

(0)Comments | January 7, 2016 11:41 am

ශ්‍රීලංකන් වසර 21 ක් පුරා මෙහෙයුම් සිදුකළ A340 ගුවන් යානා ඇණියට සමුදෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන අද (7) දින සිදුකරන ලදී. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානා දිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහා ආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල…

(0)Comments | January 7, 2016 11:40 am