Top News

2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වර්ධනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. “ආර්ථිකයේ සාමාන්‍ය මිල මටට්ම 2025 තෙවන කාර්තුවේ මුල පටන්…

(0)Comments | December 15, 2025 4:35 pm

LB ෆිනෑන්ස් පිලිපීනයට

LB Finance PLC සිය කලාපීය සේවා පුළුල් කිරීමේ නවතම පියවර සනිටුහන් කරමින් පිලිපීනයේ පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් පිහිටුවීම සඳහා කටයුතු යොදා ඇත. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිව හිමි වී ඇති බව සමාගම නිවේදනය කර සිටී. කොළඹ කොටස් වෙළඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් LB Finance සමාගම පවසන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ…

(0)Comments | December 15, 2025 2:57 pm

දෙසැම්බර් පළමු සතියේ දෛනික සංචාරක පැමිණීම 10% – 15% අතර ප්‍රමාණයකින් පහළට

2025 දෙසැම්බර් 11 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 70,023ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,173,616ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මාසේ පළමු සතියේ දෛනික සංචාරක පැමිණීම සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින්…

(0)Comments | December 15, 2025 9:59 am

DENZA හි නවීන මාදිලි Shoppes හි සහ Colombo Motor Show හිදී එළික්වයි

ශ්‍රී ලාංකීය රථ වාහන වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කළ BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA 2025 Colombo Motor Show හිදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. ඊට සමගාමීව City of Dreams හි Shoppes හිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම DENZA ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමටද කටයුතු කරන ලදී. ඒ අනුව නව බලශක්ති වාහන පිළිබඳව උනන්දුවක් දක්වන…

(0)Comments | December 15, 2025 8:57 am

“දිට්වා” නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට කර්මාන්ත දැවැන්තයින් රජය හා අත්වැල් බැඳ ගනී

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන IRFP Industry Recovery Foster Program හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP Industry Development Foster Program පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම වැඩපිළිවෙළ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පුමුඛ පෙළේ ආයතන කිහිපයක් වන…

(0)Comments | December 15, 2025 8:41 am

2025 දී රටවිරුවන් ඩොලර් බිලියන 7කට වඩා ලංකාවට එවලා

2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2025 නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙසින් සටහන් වී ඇත….

(0)Comments | December 13, 2025 10:22 am

‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal (Private) Limited (CWIT) වෙතින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඊට අදාළ චෙක්පත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Satyanjal Pandey සහ Colombo West International Terminal (Private) Limitedහි ප්‍රධාන විධායක නිලධාරී Munish Kanwar යන මහත්වරුන්…

(0)Comments | December 12, 2025 5:52 pm

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නැංවීමට ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් තව දුරටත් ඉහළ නැංවීම සඳහා ඇති ගැටලු පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ප්‍රේමරත්න මහාත ඇතුළු නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අතර සාකච්ඡාවක් අද (12) මුදල් අමාත්‍යාංශයේ දී පැවත්විණ. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන පද්ධතිය ස්ථාපනය කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි. ආදායම් රැස් කිරීම සඳහා දැනට ප්‍රධාන බාධාවක් වී…

(0)Comments | December 12, 2025 5:20 pm

වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලිය, ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීමටත්, අපනයන පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය කටයුතු කරනවා – අගමැති

දේශීය අපනයනකරුවන් ශක්තිමත් කරමින් වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලිය, ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීමටත්, අපනයන පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 27 වන ජනාධිපති අපනයන සම්මාන 2024/25 උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය. 2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන්…

(0)Comments | December 12, 2025 4:33 pm

පේෂ කර්මාන්ත ශිල්පීන් සඳහා ජාතික සම්මාන පිරිනැමේ

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් දේශීය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන “රන්සළු” අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ජාතික සම්මාන ප්‍රදානය අද (12 දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ…

(0)Comments | December 12, 2025 4:03 pm