Top News

වැට් සංශෝධනය ව්‍යාකූලයි – FCCISL සභාපති කියයි

නව වැට් බදු සංශෝධනය හේතුවෙන් මේ වන විට ව්‍යාකූලත්වයක් පැන නැඟී ඇතැයි ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා පැවසීය. කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් රජයෙන් මෙතෙක් ලැබී නැති බවත් මෙම තත්ත්වය තුළ වෙළෙඳපොළේ භාණ්ඩ මිල විශාල වශයෙන්…

(0)Comments | June 1, 2016 7:52 am

පීපල්ස් ලීසිං බංග්ලාදේශයේ එලයන්ස් ලීසිං අත්පත් කර ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, බංග්ලාදේශයේ එලයන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් සමඟ පසුගිය මැයි 16 වන දින ගිවිසුමකට එළඹ තිබේ. බංග්ලාදේශයේ 1993 මූල්‍ය ආයතන පනත ප්‍රකාරව එළඹ ඇති මෙම ගිවිසුමට අනුව එලයන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 51% ක අයිතිය ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං…

(0)Comments | June 1, 2016 6:10 am

කාර් 15 ක මිල අඩුවෙලා – ඇමති රවී කියයි

නව ඒකක බදු ක්‍රමය අනුව මෝටර් රථ 46 ක මිල වැඩි වී තිබෙන බවත්, තවත් මෝටර් රථ වර්ග 15 ක මිල අඩු වී තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරවාරයේ දීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරායා කියා සිටියේ මෙම නව බදු සංශෝධනය වාහන…

(0)Comments | June 1, 2016 5:12 am

වාහන බදු වැඩි කළාට ලීසිං කර්මාන්තය වැටෙන්නේ නැහැ

නවතම බදු සංශෝධන අනුව මෝටර් රථ මිලෙහි ඉහළ යාමක් දැකිය හැකි වුවද එය ලීසිං කර්මාන්තය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. “අද වන විට රටේ දැඩි වාහන තදබදයක් තිබෙනවා. ඒ වගේම විදේශ…

(0)Comments | May 31, 2016 10:30 am

දශ ලක්ෂ 31,000 ක භාණ්ඩාගාර බිල්පත් හෙට වෙන්දේසියට

රුපියල් දශ ලක්ෂ 31,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් හෙට (01) දින ‍වෙන්දේසියට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාල සඳහා පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 12000, 10000 සහ 9000 බැගින් වන වටිනාකම්වලින් යුතු බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇත.

(0)Comments | May 31, 2016 9:09 am

ඉස්වරන් ශ්‍රී ලංකාවට පැමිණෙයි

සිංගපූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමති එස්. ඉස්වරන් මහතා අද (31) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සිංගපූරු සමාගම් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමත් ඉස්වරන් මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේ අරමුණු වේ. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී නැගෙනහිර පළාතේ සංචාරයක නිරතවීමට ද සිංගපූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරයා සැලසුම් කර…

(0)Comments | May 31, 2016 8:32 am

වැට් බදු ඉහළ යාමෙන් රැකියා වෙළඳපොළ වෙත බලපෑමක් ඇති වෙයිද?

2016 මැයි මාසයේදී එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ප්‍රතිශතය 15% දක්වා ඉහළ ගියේය. මේ අනුව සිදු විය හැකි ක්ෂුද්‍ර ආර්ථීක ප්‍රතිඵල කවරේද යන්න විමසනු වටී. මෑතකදී එවර්ජොබ්ස් ආයතනය විසින් වැට් බද්ද ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා…

(0)Comments | May 31, 2016 6:08 am

Siemens සමාගම ශ්‍රී ලංකාව හා අත්වැල් බැඳගනී

මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ Siemens සමාගම ස්මාර්ට් නගර , සහ නව නගර සැලසුම් ඇතුළත් බස්නාහිර මෙගා පොලිස් සැලස්ම පිළිබඳ සංකල්පීය අධ්‍යයනයක් කිරීම සඳහා සාකච්ඡා අරඹයි. ලොව පුරා ස්මාර්ට් නගර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන Siemens සමාගම මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුමකට…

(0)Comments | May 31, 2016 5:55 am

ගරුඩාගේ ලංකා ගමන් වැඩි කිරීමේ තීරණයක්

ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ. පසුගියදා ජපානයේ පැවති G-7 සමුළුවට සහභාගීවීම සඳහා ජපානයට ගොස් සිටි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති Joko widodo මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු එහිදී මෙම තීරණය ගෙන ඇත. ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන්…

(0)Comments | May 30, 2016 6:03 am

රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් 2017 අගෝස්තු මාසයේදී ‘සිලෝන් ටී එක්ස්පෝ’ නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනය සඳහා භාවිත කරන යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් 2017 අගෝස්තු මාසයේදීම පොල් හා රබර් ක්ෂේත්‍ර මූලික කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය වැනි රටවල්වලද යුරෝපීය…

(0)Comments | May 30, 2016 5:35 am