Top News

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි. සමාගම විසින් සිදුකර තිබෙන මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල්…

(0)Comments | May 7, 2015 6:25 am

සල්මාන් ඛාන් තීන්දුවෙන් කොටස් මිලටත් වදී

බීමත්ව රිය පැදවීමෙන් මහමග නිදා සිටි පුද්ගලයෙකු මරාදැමීමේ වරද මත වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට නියමවීමෙන් පසුව ඉන්දීය සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට 05 කින් පමණ ඊයේ කඩා…

(0)Comments | May 7, 2015 6:24 am

ඉන්දියානු නිෂ්පාදකයෝ කොළඹ කඳවුරු බඳිති

09 වන වරටත් පවත්වන ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශනය හෙට (07) උදෑසන 10.00 ට කොළඹ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් අරින්දම් බග්චි සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහභාගී වනු ඇත. ඉන්දියානු ප්‍රදර්ශකයින් 80 දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය…

(0)Comments | May 6, 2015 7:06 am

අපේ අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතියක්

මෙරට අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙනුවෙන් වඩාත් හොඳ සේවාවක් සැලසීම වෙනුවෙන් “අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය“ (Intelligent Transport System for Expressways) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ. මෙම ව්‍යාපෘතිය මේ වසරේදී ආරම්භ කරන බවත් මේ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය සඳහා පණිවුඩ නාම පුවරු 21 ක්, ප්‍රවාහන කවුළු 20 ක්…

(0)Comments | May 6, 2015 5:05 am

ශ්‍රී ලංකා මහ බැංකුව, වෙඩි හඬ නොනැගෙන කිලිනොච්චියට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (06) ආරම්භ කිරීමට සූදානම් වේ. මේ අනුව, මෙම කාර්යාලය ඩී.එම්. ස්වාමිනාදන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් විසින් විවෘත කිරීමට නියමිතය. මහ බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාවට උතුරු පළාතේ සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇති බවයි.

(0)Comments | May 5, 2015 5:18 am

දුවෙක්ද? පුතෙක්ද? සැණකෙළියට එංගලන්තයම සීරුවෙන්

ලෝකවාසී බෞද්ධයින් වෙසක් මංගල්‍යයට සූදානම් වෙද්දී සමස්ත බ්‍රිතාන්‍යයම තවත් රාජකීය දරු උපතක සතුට සැමරීමට සූදානම් වන බවත් එංගලන්තයේ විලියම් කුමරුගේ ප්‍රිය බිරිඳ කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකිරීම සඳහා අද අළුයම රෝහල් ගතවූ බවත් වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය…

(0)Comments | May 2, 2015 9:52 am

ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?

ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය. මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි. මේ…

(0)Comments | May 2, 2015 8:03 am

HNB සභාපති තනතුර පුරවයි. අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක්

ආචාර්ය රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා 2015 මැයි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසුව සභාපති තනතුරේ වැඩ බැලූ එම්. ඒ. ආර්. සී. කුරේ මහත්මිය රියෙන්සි අර්සකුලරත්න මහතාට අවස්ථාව ලබාදෙමින් එම තනතුරෙන් ඉවත් වනු ඇත. මීට අමතරව,…

(0)Comments | April 30, 2015 1:10 pm

එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන හා ආර්ථික අවස්ථාවන් පිළිබඳව ගැඹුරින් සොයා බලා එහි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එංගලන්තය පදනම් කරගත් Oxford Business Group නැමති සමාගම සමග ගිවිසුමකට එළඹෙයි. මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් 05 දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස 06 ක පමණ කාලයක් රැඳී සිටිමින්…

(0)Comments | April 30, 2015 1:25 am

අපේ තේ ගොඩ වැඩිවෙයි

යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2014 මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 17.5 කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි. මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 07 කින් වර්ධනය වී තිබේ. පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය 2013 වසරට වඩා අඩුවූ…

(0)Comments | April 29, 2015 4:44 am