Top News

පී සී හවුස් හමාර කිරීම කල් යයි

පී සී හවුස් පීඑල්සී හි කටයුතු අවසන් කිරීම වෙනුවෙන් කර ඇති ඉල්ලීම පසුගිය පෙබරවාරි 18 වන දින කොළඹ වාණිජ මහාධිකරණයේ දී සලකා බලා ඇත. එහිදී ඉදිරි කටයුතු සඳහා මෙම නඩුව 2016 ජූනි 09 වන දින දක්වා කල් තබන ලදී. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පී සී හවුස් හි කොටස් ගනුදෙනු පසුගිය ජනවාරි 28 වන…

(0)Comments | February 25, 2016 4:24 am

බිල් පොළී 8% ඉක්මවයි

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික, පසුගියදා එළිදක්වන ලද මූල්‍ය ප්‍රතිපත්ති විවරණයට සමගාමීව ඉහළ ගොස් තිබේ. මේ අනුව දින 182 – 7.57% සිට 8.07% දක්වා ද, දින 364 – 7.95% සිට 8.50% දක්වා ද ඉහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා (19) පටන් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50…

(0)Comments | February 24, 2016 11:21 am

HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

2015 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 16.2 ක බදු ගෙවීමට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 11 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකු සමූහය සමත්වී තිබේ. මෙහිදී හැටන් නැෂනල් බැංකුව 2015 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කර ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 15 ක් ලෙසත් බදු පසු ලාභය රුපියල් බිලියන 10.4 ක් ලෙසත්…

(0)Comments | February 24, 2016 10:53 am

කිරි නිෂ්පාදන විශිෂ්ටත්ව පුහුණු ප්‍රවේශයට නවසීලන්තය සමඟ හවුලක්

දේශීය කිරි ගො‍විපළවල්හි නිෂ්පාදන ඵලදායීතාව නැංවීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරි ගොවීන් වෙත ලබා දෙනු ලබන ව්‍යාප්ති සේවාවන්හි ගුණාත්මක බව හා ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හවුල්කාරිත්ව ගිවිසුමක් සකස් කර තිබේ. මෙම ගිවිසුම නවසීලන්ත රජයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ග්‍රාමිය…

(0)Comments | February 24, 2016 9:47 am

වීසා, මාස්ටර් කාඩ් සහ ඇමෙක්ස් ග්ලෝබල් සඳහා සහතිකලත් තාක්ෂණ හවුල්කරුවකු ලෙස එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය පත් කෙරේ

ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම සඳහා සහතික ලත් තාක‍ෂණ හවුල්කරුවකු ලෙස එපික් ටෙක්නොලොජි සමූහය, වීසා ඉන්ටර්නැෂනල්, මාස්ටර් කාඩ් හා ඇමෙරිකන් එක්ස්ප්‍රස් ග්ලෝබල් යන අන්තර්ජාතික ගෙවීම් සංගම් මගින් පිළිගනු ලැබ තිබේ. ශ්‍රී ලාංකේය මෘදුකාංග සමාගමක් මෙලෙස සුදුසුකම් ලබා ඇති ප්‍රථම හා එකම අවස්ථාව මෙය වන අතර එපික් අන්තර්ජාල ගෙවුම් පද්ධතිය හා සබැඳූනු විවිධ…

(0)Comments | February 24, 2016 8:01 am

නවසීලන්ත අගමැති පන්නල යයි

දිවයිනට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා අද (24) පස්වරුවේ පන්නල බලා යාමට නියමිතය. ඒ ෆොන්ටෙරා සමාගමේ පළමු ආදර්ශ හා පුහුණු ගොවිපළ විවෘත කිරීම වෙනුවෙනි. මෙම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා සහ ෆොන්ටෙරා කෝපරේටිව් සමූහයේ සභාපති ජෝන් විල්සන් මහත්වරුද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. කුරුණෑගල, පන්නල, එලිබිච්චිය පාරේ වීරිදියාව…

(0)Comments | February 24, 2016 6:29 am

අමු මිරිස්, දෙහි හා පොල්වලට උද්ධමනය අවනත වෙයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා අනුව 2016 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 4.2% සිට -0.7% දක්වා පහළ ගොස් තිබේ. 2015 අනුරූප කාලපරිච්ඡේදයේ දී පැවති ඉහළ පදනම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මේ…

(0)Comments | February 24, 2016 4:48 am

ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය වන AISEX 2016 සමඟින් JAAF සහ SLAI එක්වේ

ඇඟලුම් කර්මාන්ත සැපයුම්කරුවන්ගෙන් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ක්ෂේත්‍රයේ සියළුම සැපයුම් සහ සේවා ආයතන එකම වහලක් යටට ගෙන එන දැවැන්ත ප්‍රදර්ශනයකි. ඇඟලුම් යන්ත්‍ර, අමතර කොටස්, අනෙකුත් උපකරණ සහ විශාල පරාසයක සේවා ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී දැක ගත හැක. 2016 ජූනි මස 10 දින සිට 12 දින දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට…

(0)Comments | February 24, 2016 4:08 am

ලංකාවට දෙන ADB ආධාර ඩොලර් මිලියන 700 දක්වා ඉහළට

ආදායම වර්ධනය කර ගැනීම හා අයවැය පරතරය අඩු කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකො නකොආ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාව ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ…

(0)Comments | February 23, 2016 11:42 am

සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මෙරට සත්ත්ව ශුභ සාධනයට අවශ්‍ය පළමු යෝධ පියවර තැබූ බව ඔටාරා පදනම පවසයි මෙරට සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නිවැරදි දිශාව වෙත රජය ගමන් කරමින් සත්ත්ව ශුභ සාධන පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීම ඔටාරා පදනම සතුටින් පිළිගන්නා බවත් මෙම කෙටුම්පත නීතියක් බවට පත්වන තුරු දැඩි අවධානයකින් සිටිමින් එයට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් අවධාරණය කර තිබේ. සත්ත්ව…

(0)Comments | February 23, 2016 11:41 am