කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත බැංකු සමාගම් කිහිපයක් විසින් පසුගිය සතිය තුළ දී සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී. මෙහිදී හැටන් නැෂනල් බැංකුව (HNB) කොටසකට රු. 3.50 ක් බැගින් වන පරිදි 2015 මූල්‍ය වර්ෂය සඳහා වූ අවසාන මුදල් ලාභාංශය ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව ඡන්ද බලය හිමි කොටස් 61.68කට හා ඡන්ද බලය රහිත කොටස් 57.46 කට…
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එක්ව පවත්වනු ලබන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති හි ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙබරවාරි 25 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක මහත්මිය විසින් මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මියන්මාරයේ ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් වෙනුවෙන් අදාළ නැව්සේවා සමාගම් සඳහා 10% ක වට්ටමක් ලබා දීමට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත. ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් විශාල වශයෙන් සිදුකරන රටක් වශයෙන් මියන්මාරය ප්‍රචලිත වී තිබේ. එම…
21 වන සියවසට ගැළපෙන මානව ප්‍රාග්ධනය ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අද දෙරණ Biz 24×7 සමඟ එක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 20 වන සියවසට වඩා වර්තමානයට අවශ්‍ය කරන මානව සම්පත බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි. පහත දැක්වෙන්නේ ඒ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.
ලංකා දුම්කොළ සමාගම 2015 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් බිලියන 91.6 ක බදු මුදලක් රජය වෙත ගෙවා ඇති බව ප්‍රකාශ කර සිටී. සමාගම මේ බව අනාවරණය කරනුයේ 2015 වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තා එළිදක්වමිනි. මෙහිදී වැඩිදුරටත් සමාගම ප්‍රකාශ කර සිටින්නේ මෙම බදු මුදල තුළ සමාගම විසින් 2015 දෙසැම්බර් කාර්තුවේ දී ගෙවන ලද රුපියල් බිලියන 3.8…
2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 18 ක් වශයෙන් වාර්තා වන අතර එය 2014 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 20 හා සැසඳීමේ දී 10% ක පහළ යාමකි. කෙසේ වෙතත්…
පසුගිය සිකුරාදා (19) අවසන් වුණු සංවර්ධන බැඳුම්කර නිකුතුවේ දී නිකුතු කළ ප්‍රමාණය මෙන් සිව් ගුණයකට ආසන්න ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 75 කින් යුතු වූ මෙම නිකුතුව වෙනුවෙන් ලංසු භාර ගැනීමට 2016 පෙබරවාරි 15 සිට පෙබරවාරි 19 දින දක්වා කාලය තුළ විවෘතව පැවිතිණි. මෙහිදී වසර 1…
එළඹෙන මාර්තු මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නිල අනුගාහකත්වය ලබා දීමට The Confident Group ඉදිරිපත් වී තිබේ. The Confident Group 10 වන සංවත්සරයට සමාගාමීව සිදුකරනු ලබන මෙම අනුගාහකත්ව ලබා දීම, ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අදාළ වේ. බැංගලෝරය…
ඊයේ පැවති මහ බැංකු මුදල් මණ්ඩල හමුවේ දී 2016 පෙබරවාරි මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය එළි දක්වමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා ඉහළ නැංවීමට තීරණය කරන ලදී. මෙහිදී තවදුරටත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% මට්ටමේ රඳවා ගැනීමට තීරණය කෙරිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වයවස්ථාපිත සංචිත අනුපාතය…
සණස සංවර්ධන බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂ ධූරයක් සඳහා මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම පවසන්නේ 2016 පෙබරවාරි 15 වැනි දින පටන් මෙම පත්වීම බලපැවැත්වෙන බවයි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්තමානයේ ශ්‍රී ජවයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර ඊට පෙර එහි කළමනාකරණ හා වාණිජ පීඨයේ…
Video Story