Top News

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව මාර්තු 15 සිංගප්පූරුවේ දී

සමාරම්භක ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2016 මාර්තු 15 වන දින සිංගප්පූරුවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ෆයිනෑන්ස් ඒසියා නිවේදනය කර සිටී. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්දුන් මහතා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ගණනාවක ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මෙම එක් දින…

(0)Comments | February 16, 2016 5:37 am

ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි

ගූගල් ලූන් ව්‍යාපෘතියේ අත්හදා බැලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ. මේ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඊයේ උදෑසන පිවිසුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධානී මුහුන්තන් කැනගේ මහතා විසින් බීබීසී පුවත් සේවයට පවසා තිබේ. ගූගල් ලූන් ව්‍යාපෘතිය තුළින් කුලුනු රහිතව සංඥාවන් සහිත ගුවනේ සැරිසරනා බැලුන්…

(0)Comments | February 16, 2016 4:13 am

ඩොලර් මිලියන 75 ක බැඳුම්කර නිකුතුවක් අද ඇරඹේ

එක්සත් ජනපද ඩොලර්වලින් සිදුකරනු ලබන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවක් අද (15) දිනයේ දී ආරම්භ විණි. ඩොලර් මිලියන 75 ක ප්‍රමාණයකින් යුතු මෙම නිකුතුව වසර 1 මාස 1, වසර 2 මාස 2 සහ වසර 4 යි මාස 4 යනා දී වශයෙන් කාණ්ඩ 3ක් යටතේ සිදුකිරීමට නියමිතය. මෙම නිකුතුව සඳහා පොළී අනුපාතික තීරණය කිරීම එක්සත් ජනපද…

(0)Comments | February 15, 2016 11:34 am

ෂැංග්‍රිලා හෝටල් සමූහය ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට කැමැත්ත පළ කරයි

ලෝ ප්‍රකට ෂැංග්‍රිලා හෝටල් සමූහය ශ්‍රී ලංකාව තුළ ආයෝජන පුළුල් කිරීමට කැමැත්ත පළ කරයි. එහි උප සභාපති මධු රාඕ (Madhu Rao) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර පසුගිය දා (10) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණ විය. කොළඹ සහ හම්බන්තොට ඉදි කෙරෙමින් පවතින ෂැංග්‍රිලා හෝටල් සමූහය පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි….

(0)Comments | February 15, 2016 10:34 am

කොළඹ වරාය පුළුල් කිරීමට පියවර

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ගැඹුරු දියේ දෙවන පර්යන්තය වන නැ‍ඟෙනහිර බහළු පර්යන්තය සංවර්ධනය සඳහා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකම යටතේ මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%ක හිමිකමක් සහිතව නැව් සමාගමක් හෝ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමඟ හවුල් ව්‍යාපාරයක් වශයෙන් පර්යන්ත මෙහෙයුම් කටයුතු…

(0)Comments | February 15, 2016 8:31 am

ඉන්දියාවේ සිට ලංකාවට පාලමක් හෝ මුහුද යටින් උමං මාර්ගයක් තැනීමට ඉන්දීය මාර්ග ඇමතිගෙන් සැලසුමක්

බංග්ලාදේශය, භූතානය හා නේපාලය සමඟ ගොඩබිම් මාර්ග ප්‍රවාහන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු තම මීළඟ අවධානය යොමුවනුයේ ශ්‍රී ලංකාව සමඟින් පාලමකින් හෝ මුහුද යට උමං මාර්ගයකින් සමබන්ධ වීමට බව ඉන්දීය මාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ live mint ප්‍රවෘත්ති අංශය සමග කළ සාකච්ඡාවක දීය. මෙහිදී වැඩිදුරටත් ඉන්දීය මාර්ග අමාත්‍යවරයා කියා සිටියේ ආසියානු…

(0)Comments | February 15, 2016 8:08 am

කාර්මික ආරවුල් බේරුම්කරුවන්ගේ ගාස්තු වෙනස්වෙයි

කාර්මික ආරවුල් පනත යටතේ පත් කරනු ලබන බේරුම්කරුවන්ට සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන්ට පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු පිළිබඳ රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අනුව පරීක්ෂණ කටයුතු පැවැත්වීම වෙනුවෙන් බේරුම්කරුවන්ට සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගාස්තු ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය හා ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුව ඇත. මේ සම්බන්ධයෙන්…

(0)Comments | February 15, 2016 5:26 am

විදේශ ප්‍රේෂණවලට නව නීති පැනවීමක් නැහැ – මුදල් ඇමති කියයි

විදේශවල සිට ලැබෙන මුදල් මෙරට බැංකු ගිණුම්වල තැන්පත් කිරීම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ නව නීතිරීති හඳුන්වාදීමක් සිදුකර නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. විදේශයක සිට රුපියල් ලක්ෂ 2 කට වැඩි මුදලක් ලැබීමේ දී ඒ සඳහා මුදල් උපයා ගත් මූලාශ්‍ර අනාවරණය කළ යුතු බව…

(0)Comments | February 15, 2016 5:02 am

බ්ලූ ඩයමන්ඩ්, නිල් වෙයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින්, බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්වයිඩ් පීඑල්සී වෙත විශේෂ අරමුණ සහිත විගණකවරයෙකු පත්කර ඇත. සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මෙම පියවර ගෙන තිබේ. 2015 සැප්තැම්බර් කාර්තුව වෙනුවෙන් ප්‍රකාශයට පත්කරන ලද මූල්‍ය ප්‍රතිඵල කොටස්කරුවන් නොමඟ යවන සුළු ඒවා බවට පැමිණිලි ලැබීම, පසුගිය වසරේ…

(0)Comments | February 15, 2016 12:01 am

කොළඹ කොටස් තවත් පහළට

ආයෝජන මාර්ගයක් ලෙසින් කොටස් වෙළෙඳපොළ පිළිබඳ තිබෙන උනන්දුව තවදුරටත් ආයෝජකයින්ගෙන් ගිලිහී යන ස්වභාවයක් පසුගිය සතියේ ගනුදෙනු පිළිබඳ විමසිලිමත් වීමේ දී දැකිය හැකිවිය. පසුගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා වන විට අඛණ්ඩව 5 වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ පහළ වැටෙන අයුරකිනි. පසුගිය සතිය තුළ දී පමණක් 1.9% කින් සියලු කොටස් මිල දර්ශකය…

(0)Comments | February 14, 2016 7:13 pm