පීසී හවුස් පීඑල්සී හා පීසී ෆාමා පීඑල්සී යන ලැයිස්තුගත සමාගමේ දෙකෙහි කොටස් ගනුදෙනු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ අද (28) තීරණය කර තිබේ. කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත නියාමනයන් හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුව, මෙම සමාගම් දෙකට අදාළ 2014 මාර්තු 31 න් අවසන් සහ 2015 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂ සඳහා වන…
පසුගිය ජනවාරි 16 වන දින සිට වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 6% සිට 7.5% දක්වා වැඩිකිරීම තුළින් දේශීය වෙළෙඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතාව පහළ බැස ඇතැයි මහ බැංකුව නිවේදනය කර සිටී. මේ අනුව 2015 දෙසැම්බර් මාසයේ දී හා 2016 ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ රුපියල් බිලියන 90 කට ආසන්න…
මේ වන විට දෙවන දිනයටත් ප්‍රංශයේ පැරිස් නුවර කුලී රථ රියැදුරන් වර්ජනයක නිරත වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී. මීට හේතු වී ඇත්තේ Uber ජංගම දුරකතන ඇප්ස් හරහා වාහන ලබා ගැනීමට ජනතාව යොමු වී තිබීම හා ඉතා අඩු මිල ගණන්වලට ගමන් බිමන් යාමට Uber විසින් කුළී රථ සැපයීමට එරෙහිවයි. මෙම තත්ත්වය තුළ තමන්ට…
මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවදුරටත් සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.එල්. ගුප්තා මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙලෙස IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසින් බලාපොරොත්තු වන ව්‍යාපෘති වන්නේ අනුරාධපුර-ඕමන්තේ, අනුරාධපුර-මාහෝ හා මාහෝ-පොල්ගහවෙල දක්වා වන කිලෝමීටර 60 බැගින් වූ දුම්රිය මාර්ගයන්ය….
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාාගර බිල්පත් වෙන්දේසියේ සඳහා ඉදිරිපත් වූ කිසිදු ලංසුවක් හෝ භාර නොගැනීමට මහ බැංකුව විසින් කටයුතු කර තිබේ. අපේක්ෂිත පොළී අනුපාතිකයන්ට අනුව ලංසු නොලැබී යාම මීට හේතුවයි. කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 2,500 ක්, දින 182 – මිලියන 10,000…
නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සිසුන්ට මීටත් වඩා හොඳින් එය ලැබිය යුතු බව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අප මේ තරම් දුර පැමිණ ඇත්තේ නිදහස් අධ්‍යාපනය නිසා බවයි. පසුගිය දා අද දෙරණ Biz 24X7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය හර්ෂ අලස් මහතා මේ බව…
එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම විසින් ඕමානයේ අල් ෆලාජ් හෝටලයෙහි හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. මේ සඳහා ඕමාන් රියාල් මිලියන 14 ක ආයෝජනයක් එයිට්කන් ස්පෙන්ස් විසින් කර තිබේ. අල් ෆලාජ් හෝටලය කාමර 150 කින් සමන්විත තරු 4 හෝටලයකි.
චීනය විසින් ජෝර්ජ් සොරෝස් වෙත නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය වන People’s Daily හරහාය. චීනයේ මුදල් ඒකකය වන රෙන්මිඹි සාර්ථක මුදල් ඒකකයක් නොවන බවට ජෝර්ජ් සොරෝස් විසින් කරන ලදැයි කියනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. මෙහිදී People’s Daily වාර්තාවට…
චීන කොටස් වෙළෙඳපොළ යළිත් වරක් අර්බුදයට ලක්වන බවක් අද දිනයේ දී දක්නට විය. මෙහිදී ෂැංහයි කොටස් වෙළෙඳපොළ ප්‍රධාන වෙළෙඳපොළ දර්ශකය වන Shanghai Composite Index අද දිනය තුළ 6.4% කින් පහළ ගොස් තිබෙන අතර මෙය 2014 දෙසැම්බර් 01 වැනිදායින් පසු වාර්තා වූ අවම මට්ටමට එය පැමිණ ඇත. චීන ආර්ථිකයෙහි මෙම අහිතකර ප්‍රතිවිපාක ගෝලීය වශයෙන් දැඩි බලපෑමක්…
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ආදර්ශන හා පුහුණු ගොවිපළ විවෘත කිරීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. පන්නල පිහිටා ඇති මෙම ආදර්ශන හා පුහුණු ගොවිපළ සඳහා…
Video Story