Top News

ඉන්ධන මිල අඩුකිරීමෙන් පසු තෙල් සංස්ථාවේ ලාභ දියවූ හැටි

ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීම හමුවේ මේ වසරේ මුල් මාස දෙක තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සුළු ලාභයක් ලබා තිබුණත් රජය විසින් මෙරට වෙළඳ පොළේ අලෙවිකරන ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල්වල මිල ගණන් අඩුකිරීමෙන් පසුව සංස්ථාව පාඩු ලබා තිබෙන බව හෙළිවේ. මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal…

(0)Comments | September 24, 2015 7:13 am

ඇපල් App Store වෙත දරුණු සයිබර් ප්‍රහාරයක්

චීනය තුළ වෙසෙන iPhones සහ iPads භාවිතා කරන්නන් ප්‍රයෝජනයට ගන්නා ඇප් කිහිපයක තිබී හමුවූ ප්‍රශ්න සහගත වැඩසටහනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි සුප්‍රකට ඇපල් සමාගම පවසා තිබේ. වාර්තා වන අන්දමට ඇපල් සමාගමේ App Store වෙත ඉල්ලවී තිබෙන පළමු මහා පරිමාණයේ සයිබර් ප්‍රහාරය ලෙසින් මෙය සැලකේ. XcodeGhost යනුවෙන් හඳුන්වන මෙම ප්‍රශ්නකාරී වැඩසටහන මගින් මෙම සයිබර් ප්‍රහාරය…

(0)Comments | September 21, 2015 5:22 am

එපා යැයි කියූ Port City ව්‍යාපෘතියේ ගිවිසුම දීර්ඝ කරයි

පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමේ කාල සීමාව නව රජය විසින් මාස 06 ක් සඳහා දීර්ඝ කර ඇත. මෙම ගිවිසුමේ කාල සීමාව 2015 සැප්තැම්බර් 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි. පසුගිය රජය සහ ව්‍යාපෘති සමාගම අතර මෙම ගිවිසුමට එළඹී තිබෙන්නේ…

(0)Comments | September 17, 2015 11:35 am

wow.lk ඉතිරි කොටස් ප්‍රමාණය ඩයලොග් මිලියන 247 කට මිලදීගනී

මෙරට ප්‍රමුඛතම ඊ- වාණිජ්‍ය වෙබ් අඩවියක් වන වන wow.lk අයත් වන Digital Commerce Lanka සමාගමේ සියයට 54.29 ක් හෙවත් සාමාන්‍ය කොටස් 740,000 ක ප්‍රමාණය ඩයලොග් ආසිආටා සමූහයට පූර්ණ අනුබද්ධ Digital Holding Lanka සමාගම විසින් රුපියල් මිලියන 247.9 කට මිලදීගෙන තිබේ. ඩයලොග් විසින් මීට පෙර Digital Commerce Lanka සමාගමේ සියයට 45.71 ක කොටස් මිලදී ගෙන තිබුණි….

(0)Comments | September 16, 2015 11:34 am

ලංකා බැංකුව රුපියල් බිලියන 05 ක් ඉල්ලයි

ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 05 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව සූදානම් වේ. මේ අනුව, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 50 ක් බැංකුව විසින් නිකුත් කරන අතර මෙම නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබේ නම් තවත් ණයකර මිලියන 30 ක් නිකුත් කිරීමට නියමිතය. මෙම ණයකර නිකුතුව විවෘත වන්නේ…

(0)Comments | September 16, 2015 11:13 am

රුපියල ඉතිහාසයේ වැඩිම බාල්දුවීම වාර්තා කරයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ මෙතෙක් වාර්තාකළ වැඩිම අවප්‍රමාණය වීම අද වාර්තා කර තිබේ. මේ අනුව, අද මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 140.25 කට ආසන්න අගයක් ගත්තේය. මුදල් වෙළඳ පොළේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම නොමැතිවීම නිසා රුපියල මෙසේ ඓතිහාසික ලෙස අවප්‍රමාණය වී ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ…

(0)Comments | September 15, 2015 11:41 am

අත්සන් කිරීමට යන ඉන්දු-ලංකා ආර්ථික ගිවිසුම් වලට සෙපා ඇතුළත්ද?

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයට අදාළ ගිවිසුම් වලට ලබන වසර මැද වනවිට පැමිණීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව දිල්ලි නුවරදී විශ්වාසය පළ කළේය. ඔහු පැවසුවේ ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය වසර 2500 ක් තරම් පැරණි එකක් බවත් තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයින් ලංකාවට පැමිණි කාල වකවානුව දක්වා එය දිවයන්නක් බවයි. ලංකාව…

(0)Comments | September 15, 2015 9:33 am

නිසාන් ලීෆ් අළුත් පිම්මක

නිසාන් ලීෆ් නව විද්‍යුත් මෝටර් රථය සඳහා අළුතින් හඳුන්වා දී තිබෙන බැටරිය හේතුවෙන් එම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝ මීටර් 250 ක දුරක් ධාවනය කළ හැකිබව වාර්තා වේ. මෙම නව බැටරිය නිසා මෝටර් රථයේ ඇතුළත හෝ පිටත පෙනුමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි අනාවරණය වන අතර මෝටර් රථය කිලෝ 21 කින් බර වැඩිවීම පමණක්…

(0)Comments | September 14, 2015 8:49 am

ජෝන් කීල්ස් ගොල්ෆ් වෙනුවෙන් බිලියනයක් ආයෝජනය කරයි

මහනුවර, දිගන ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක් හිමි Rajawella Holdings (RHL) සමාගමේ තමන් සතු කොටස් ප්‍රමාණය සියයට 16.9 ක සිට සියයට 51 ක් දක්වා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විසින් ඉහළ නංවාගෙන තිබේ. මෙම මිලදී ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහය විසින් ආයෝජනය කරන මුදල රුපියල් බිලියනයකට ආසන්නය. මේ වනවිට, මෙරටට සංචාරකයින් පැමිණීම කැපී පෙනෙන…

(0)Comments | September 14, 2015 5:36 am

නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ “Economic Diplomacy“ ගැන කතා කරයි

මෙරට අපනයන දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස (Gross Domestic Product) සියයට 35 ක සිට සියයට 15 ක් දක්වා පහත වැටීම පිළිබඳව පසුගිය කාලයේදී වැඩිපුරම අදහස් දැක්වූයේ තමා බවත් ලැබුණු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය ප්‍රයෝජනයට ගනිමින් මෙරට ආර්ථික සංවර්ධනයට සහ සමෘද්ධියට උරදීමට තමා සූදානම් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරයේ වැඩ…

(0)Comments | September 11, 2015 9:23 am