ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන ආයෝජන මණ්ඩල අනුමත, ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් ඊයේ (17) දිනයේ දී චීනයේ Huanqiu Terminals Limited සමඟ ඓතිහාසික ගිවිසුමකට එළඹෙන ලදී. මෙය හම්බන්තොට වරාය හා සම්බන්ධ පළමු මෙන්ම දැවැන්තම ආයෝජනය ලෙසින් හැඳින්විය හැකි අතර මේ සඳහා වන සම්පූර්ණ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 80 ඉක්මවනු ලබයි. මෙහි මූලික ආයෝජනය ඩොලර් මිලියන…
ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී, හොරයිසන් නොලේජ් සිටි (Horizon Knowledge City) ලිමිටඩ් හි 92% ක සාමාන්‍ය කොටස් අයිතිය හිමිකර ගෙන තිබේ. මේ සඳහා ආයෝජිත මුලු මුදල රුපියල් මිලියන 575 කි. 2015 සැප්තැම්බර් මාසයේ දී සංස්ථාපනය කරන ලද හොරයිසන් නොලේජ් සිටි, උසස් අධ්‍යාපන හා විශ්වවිද්‍යාල අධ්‍යාපන පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් ඇරඹි ව්‍යාපාරයකි. මේ සඳහා දැනටමත් මාලඹේ පිහිටි…
ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුක්ත සංචාරක සේවා සැපයුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා නව සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටිනා බවත් එම සැලසුම් හරහා සංචාරක ක්ෂේත්‍රය තුළ නව රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීමට පවතින රැකියා වඩාත් සුරක්ෂිත කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ…
කොටස් වෙළෙඳපොළ යනු සූදුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගියදා අග්‍රාමාත්‍යවරයා, සිය මධ්‍ය කාලීන ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් කළ යෝජනාවලට අනුව, සේවක ආර්ථසාධක අරමුදල (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) එක්කරමින්, ජාතික විශ්‍රාමික පාරිතෝෂිත අරමුදල නමින් තනි නව…
GSP+ සහනය යළිත් වරක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය සාධනීය පසුබිමක ශ්‍රී ලංකාව පසුවන බව යුරෝපා සංගමය පවසයි. මෙහිදී ඔවුන් කියා සිටින්නේ GSP+ ප්‍රතිලාභී රටවල ක්‍රියාවට නංවා තිබෙන යහපාලනය, පරිසර ආරක්ෂණ, කම්කරු හා මානව අයිතිවාසිකම් යනාදී ජාත්‍යන්තර සම්මුතීන්වල තත්ත්වයන් මත මෙම සහනය ප්‍රදානය කිරීම හෝ නැවත දීර්ඝ කිරීම සිදුවන බවයි. පසුගිය ජනවාරි මාසයේදී මෙරට ඇති වූ…
හෙට දින (නොවැම්බර් 18) පැවැත්වෙන වෙන්දේසිය සඳහා රුපියල් දශ ලක්ෂ 15,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මෙහිදී රු. දශ ලක්ෂ 6,000 ක බිල්පත් දින 182 කින් කල්පිරෙන පරිදි හා රු. දශ ලක්ෂ 9,000 ක බිල්පත් දින 364 කින් කල්පිරෙන ආකාරයෙන් නිකුත් නිකුත් කිරීමට නියමිතය. පසුගිය සතියේ පැවති…
මාස 04 කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අඩුම මිල දර්ශක අගය අද දිනයේ දී වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,965.98 ක් ලෙසින් වාර්තා වූ අතර 2015 ජූලි 10 වැනි දින සියලු කොටස් මිල දර්ශකයේ අගය වූ ඒකක 6,984 න් පසුව වාර්තා වූ අඩුම මිල දර්ශක අගය මෙයයි. මෙය පෙර…
සුවිශේෂී නිපුණත්වයෙන් යුත් නිර්මාණාත්මක කාර්යයකට මුලපුරමින් Cinnamon Hotels & Resorts විසින් සුප්‍රකට අවහන්හල්කරුවකු, ප්‍රවීණ ඕස්ට්‍රේලියානු සූපවේදී විනිසුරුවරයෙකු, නම් දැරූ සූපවේදියකු, රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු මෙන්ම බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සූපවේදී ගත්කතුවරයකු වන මාර්කෝ පියරේ වයිට් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් හි පියාසර අනුග්‍රහයද සහිතව 2016 ජනවාරි 18-31 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කරවීම…
ශ්‍රී ලංකා රජය විසින් මෙරට ආයෝජනය කිරීමට පැමිණෙන්නැයි බංග්ලාදේශ සමාගම් වෙත ආරාධනා කොට තිබේ. පසුගියදා බංග්ලාදේශයේ ඩකා නුවර Diplomatic Correspondents Association විසින් සංවිධානය කරනු ලැබූ හමුවක දී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් යසෝජා ගුණසේකර විසින් මෙම ආරාධනය සිදුකරනු ලැබීය. දෙරට අතර අංශ ගණනාවක් යටතේ ව්‍යාපාරික සහයෝගීතාවන් ශක්තිමත් කරලීමට මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක,…
‘පොළොන්නරුව උදාව’ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, මාහෝ සිට මඩකළපුව දක්වා හා ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මීට සමගාමීව මෙම මෙම මාර්ගවල සියලූම දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණයට ද පියවර ගැනෙනු ඇත. පොළොන්නරුව කලාපය තුළ ජනතාව අතර දුම්රිය ගමනාගමනය එතරම් ප්‍රචලිත ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව නොමැති බැවින් වර්තමානයේ…
Video Story