Top News

චීන්නු ලක්ෂයයි. තරුණ යුවළට කටුනායකදී මල්මාලා

ප්‍රථම වතාවට වසරක් තුළ චීන සංචාරකයින් ලක්ෂයක් මෙරටට පැමිණීමේ ඓතිහාසික අවස්ථාව අද සනිටුවහන් කරමින් හයොන් සහ චෙන් හුයි හුවා යුවළ අද අලුයම ෂැංහයි නුවර සිට කොළඹට පැමිණි අතර ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළිගන්නා ලදී. මොවුන්ට ලබාදෙන තිළිණියක් ලෙස මෙරට හෝටල්වල නවාතැන් පහසුකම් සහ ගුවන් ටිකට් පත් ඇතුළත් මෙරට යළි සංචාරය කිරීමේ දින 05…

(0)Comments | October 11, 2014 9:49 am

සිගරැට් මිල ඉහළට

ලංකා දුම්කොළ සමාගම විසින් සිගරැට් මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 02 කිනුත් තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලයකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇතිබව දුම්කොළ සමාගම කියයි. මේ සමග රුපියල් 28 ක්වූ සිගරැට්ටුවක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.

(0)Comments | October 10, 2014 7:45 am

MTD Walkers රුපියල් බිලියන 2.3 ක සල්ලි මල්ලක් අභියස

හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් නිකුතුවක් සිදුකරමින් රුපියල් බිලියන 2.3 ක පමණ මුදලක් රැස්කර ගැනීමට ඉදිකිරීම්, නිෂ්පාදන, සහ ඉංජිනේරු කටයුතු පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ප්‍රසිද්ධියක් උසුලන MTD Walkers PLC සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් කොටස් මිලියන 53.2 ක් නිකුත් කරන අතර තිබෙන සෑම කොටස් දහසකටම කොටස් 466 ක් මෙහිදී නිකුත් කරයි. මෙසේ…

(0)Comments | October 10, 2014 4:30 am

ගෑස් මිල රුපියල් 250 කින් පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 250 කින් අඩු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (09) කැලණියේදී පැවැති විශ්‍රාමිකයින්ගේ දින සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි. ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයට පෙරාතුව චීන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති…

(0)Comments | October 9, 2014 8:36 am

සිගරැට් බිස්නස් ගැන විසිපස් වසරක් වැඩකළ ලොක්කෙකු දුම්කොළ සමාගමට

මෙරට සිගරැට් අලෙවියේ ඒකාධිකාරය උසුලන ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දුම්කොළ කර්මාන්තය පිළිබඳව විසිපස් වසරක අත්දැකීම් ඇති කෙනට් ජෝර්ජ් ඇලන් නැමැත්තා පත්කර තිබේ. ඔහු 1988 දී රැකියාව ආරම්භ කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ රොත්මන්ස් සමාගමෙන් වන අතර 1999 දී ඔහු බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමට එක්වී ඇත. මොහු ලංකා දුම්කොළ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔක්තෝම්බර් 07 වනදා…

(0)Comments | October 9, 2014 4:47 am

“විදුහුරු හෙටක් – තිරසර රටක්” නව ආයෝජන සැළැස්ම එළිදකී

ශ්‍රී ලංකාව සිය ආර්ථීකය විවෘතකර දැන් දශක හතරකට ආසන්න කාලයක් ගතවී තිබෙන අතර ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම, මධ්‍යස්ථ වර්ධන වේගයක් ළඟා කර ගැනීම, අපනයන වැඩිකර ගැනීම, රැකියා සුලභ කරගැනීම, දුගීකම අඩුකර ගැනීම වැනි ආර්ථීක අතින් සුභදායී දේ ළඟාකර ගැනීමට හැකිවී තිබේ. ඒ අතරේ ආදායම් පරතරය වෙනස් නොවීම, ණයබර ඉහළ යාම, ආණ්ඩුවේ…

(0)Comments | October 7, 2014 11:27 am

සණස රුපියල් බිලියනයක් ඉල්ලයි

හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ. මේ අනුව, කොටසක් රුපියල් 80 ක් බැගින් නිකුත් කරන අතර දැනට තිබෙන ඡන්ද සහිත සාමාන්‍ය කොටස් දෙකකට ඡන්ද සහිත එක් සාමාන්‍යය කොටසක් මෙහිදී නිකුත් කරයි. මෙම…

(0)Comments | October 7, 2014 7:12 am

මෙවර අයවැය කලින්. මේ මාසේ පාර්ලිමේන්තුවට

2015 අයවැය ඔක්තෝම්බර් 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් 2015 අයවැය නියමිත කාලයට කලින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී අප විසින්…

(0)Comments | October 7, 2014 6:15 am

රක්ෂණ මණ්ඩලයේ මුල් පුටුව දමයන්ති ප්‍රනාන්දුට

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ (Insurance Board of Sri Lanka) අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නීතිඥවරියක වන දමයන්ති ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ. මෙම පත්වීමට පෙර ඇය මාස 07 ක කාලයක් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය. දමයන්ති ප්‍රනාන්දු මහත්මියට නියාමන ක්ෂේත්‍රයේ වසර 16 ක පමණ පළපුරුද්දක් ඇත.

(0)Comments | October 7, 2014 5:41 am

චීන්නු සියළුම වාර්තා කඩයිද? සැප්තැම්බරයේ අපේ සංචාරක දත්ත මෙන්න

මෙරට සංචාරක කර්මාන්තය නැංවීමේ අරමුණෙන් පුළුල් වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන අතර මහා පරිමාණයෙන් මෙරට හෝටල් ඉදිවන්නේය. රජය විසින් එළිදක්වා තිබෙන 2014 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ දත්ත වලින්ද අනාවරණය වන්නේ මෑත කාලීනව ලංකාව කෙරෙහි වැඩිම කැමැත්තක් දක්වා තිබෙන සංචාරකයින් කණ්ඩායම වන්නේ චීන සංචාරකයින් බවයි. 2013 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස 09 තුළ…

(0)Comments | October 6, 2014 7:30 am