Top News

දශ ලක්ෂ විසිදහසක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක්

එළඹෙන නොවැම්බර් 11 වැනි දින රුපියල් දශ ලක්ෂ විසිදහසක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. මෙහිදී රුපියල් මිලියන 8,000 ක් වටිනා භාණ්ඩාගර බිල්පත් දින 182 කින් කල් පිරෙන පරිදි සහ රුපියල් මිලියන 12,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 364 කින්…

(0)Comments | November 6, 2015 10:40 am

ෆිජී වරායේ අණසක පතුරුවන්න එයිට්කන් ස්පෙන්ස් සැරසෙයි

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ෆීජී ජාතික සකසුරුවම් අරමුදල හා එක්ව ෆීජී පෝර්ට් කෝපරේෂන් ලිමිටඩ් හි 59% ක කොටස් අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කර තිබේ. මෙය ෆීජී රජය සතු සමාගමකි. මෙහිදී ෆීජී පෝර්ට් කෝපරේෂන් හි එයිට්කන් ස්පෙන්ස් කොටස් හිමිකම 20% ක් වනු ඇත. මේ සඳහා සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල ෆීජීයන් ඩොලර් මිලියන 34.6…

(0)Comments | November 6, 2015 8:59 am

පීපල්ස් ලීසිං ණයකරේට අධි ඉල්ලුමක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් තිබූ බව වාර්තා වේ. සමාගම විසින් ලැයිස්තුගත, ශ්‍රේණිගත, ජ්‍යෙෂ්ට, අනාරක්ෂිත, නිදහස් කළ හැකි ණයකර මිලියන 40 ක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී නිකුතුව සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට ද සමාගම සැලසුම් කරන ලදී. මේ අනුව…

(0)Comments | November 6, 2015 6:17 am

කලකට පසු කොටස් වෙළෙඳපොළෙන් අර්ධ ශතකයක්

අද උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වඩාත් සක්‍රීය අයුරින් සිදු වෙමින් පැවති අතර පෙරවරු 10.50 වන විට ඒකක 52 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගොස් තිබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,069.96 ක් ලෙසින් වාර්තා විය. එසේම මිලියන 500 ක් ඉක්මවූ පිරිවැටුමක් ගනුදෙනු සිදු වූ මුල් පැය එකහමාරක…

(0)Comments | November 6, 2015 5:33 am

වැඩි වියදම් කරන සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක්

අද වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දිනකට වියදම් කරනුයේ ඇමරිකානු ඩොලර් 40-50 ක් වැනි සුළු මුදලක් බවත්, ඒ වෙනුවට ඩොලර් 150-250 ක් පමණ වැය කළ හැකි සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද දින පාර්ලිමේන්තුවේ දී නව රජයේ මධ්‍යකාලීන ආර්ථික සැලසුම් පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින්…

(0)Comments | November 5, 2015 11:09 am

රාජ්‍ය ව්‍යවසාය අයිතියි හිමි සීමාසහිත සමාගමක් පිහිටුවන බව අගමැති කියයි

අද දින පාර්ලිමේන්තුවේදී නව රජයේ මධ්‍ය කාලීන ආර්ථික සැලසුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතු බවත් එසේම එම ව්‍යවසායන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතු බවත් පැවසීය. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත…

(0)Comments | November 5, 2015 10:48 am

2020 දී අයවැය හිඟය 3.5% කට අඩු කරනවා – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින්, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක් දක්වා අඩුකරලීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. නව රජයේ මධ්‍ය කාලීන සංවර්ධන වැඩසටහනට අනුව යමින් මෙම ඉලක්කය වසර 2020 වන විට සාක්ෂාත් කර ගැනීමට බලාපොරාත්තු වන බව එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා…

(0)Comments | November 5, 2015 10:24 am

ඔක්තෝබරයේ සංචාරක පැමිණීම 8.8% කින් නගී

2014 වසරේ ඔක්තෝබර් මාසය හා සන්සන්දනය කිරීමේ දී පසුගිය මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව පසුගිය මාසයේ දී සංචාරකයින් 132,280 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී 2014 ඔක්තෝබරයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 121,576 කි. වසරේ පළමු මාස 10 තුළ දී ශ්‍රී…

(0)Comments | November 5, 2015 7:55 am

දකුණු ආසියාවේ සෞභාග්‍යයෙන් අගතැන්පත් ජාතිය බවට ශ්‍රී ලංකාව පත්වෙයි

ලන්ඩන් නුවර Legatum ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන සෞභාග්‍යතා දර්ශකයට අනුව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලොව පුරා රටවල් 142 ක් ඇසුරින් සකස් කරන ලද මෙම දර්ශකයට අනුව 61 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වෙද්දී, නේපාලය – 89, ඉන්දියාව – 99, බංග්ලාදේශය – 103, පකිස්ථානය – 130 සහ ඇෆ්ගනිස්ථානය –…

(0)Comments | November 5, 2015 6:30 am

නවසීලන්ත ව්‍යාපාරික දූත පිරිස මෙරට ආයතනික ප්‍රධානීන් හමුවෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවත්නා ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කරලීමේ අරමුණින් යුතුව, නවසීලන්ත ව්‍යාපාරික දූත කණ්ඩායමක් නොබෝදා මෙරට සංචාරයක නිරත විය. මෙම කණ්ඩායම සඳහා නායකත්වය දෙනු ලැබුවේ නවසීලන්තයේ හිටපු උප අගමැති ශ්‍රීමත් ඩොන් මැකිනන් විසිනි. මෙම කණ්ඩායම හා මෙරට ආයතනික ප්‍රධානීන් අතර හමුවක් ඊයේ දිනයේ පැවති අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා නේපාලය සඳහා…

(0)Comments | November 5, 2015 4:08 am