හම්බන්තොට බරුතන්කන්ද ග්‍රාමයේ ක්‍රියාත්මක, මෙගාවොට් 10 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සාගා සෝලර් පවර් (පුද්) සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘතියක් වන අතර එම සමාගමේ 50.10% ක කොටස් අයිතිය මේ අනුව බ්‍රවුන්ස් කැපිටල් විසින් අත්පත් කර ගෙන ඇත. මේ සඳහා බ්‍රවුන්ස් කැපිටල්…
ඔස්ට්‍රියා ගුවන් ස්වයට අයත් බෝයිංග් 767 ගුවන් යානායක් අද දිනයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මේ පිළිබඳව අද දෙරණ BIZ කළ විමසීමක දී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී. නිමල්සිරි මහතා මෙසේ කියා සිටියේය. “ඔස්ට්‍රියා ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා ප්‍රමාණයේ මදකමත්, වියානා නුවර සිට කොළඹ දක්වා සෘජුව ගමන්…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතී. ඊයේ දිනය (ඔක්තෝබර් 27) වන විට ලෝක බොරතෙල් මිල තීරණය කිරීමෙහිලා සැලකෙන ප්‍රධාන මිණුම් ලෙසින් දැක්වෙන West Texas Intermediate බොරතෙල් බැරලයක මිල ඩොලර් 43.20 ක් ලෙසින් වාර්තා වූ අතර, Brent බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඩොලර් 46.81 ක් වශයෙනි. මෙම මිල මට්ටම් පසුගිය මාස දෙකක කාලය…
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවත්නා ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණු ඇතිව, නවසීලන්ත ව්‍යාපාරික දූත පිරිසක් එළඹෙන සතියේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මේ සඳහා නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් 17 ක නියෝජිතයින් එක්වනු ඇත. නවසීලනත්යේ ප්‍රම්‍රඛ පෙළේ අපනයනකරුවකු ලෙසින් ශ්‍රී ලංකාව හැඳින්වෙන අතර කිරිපිටි, බටර්, පලතරු ඇතුළු වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300…
පසුගිය දා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්, කපිතාන් සුරේන් රත්වත්තේ මහතා මිහින් ලංකා ගුවන් සේවයේ ද ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් පත් කර තිබේ. ගුවන් සේවා කර්මාන්තයේ වසර 30 කට අධික අත්දැකීම් සහිත කීර්තිමත් ගුවන් නියමුවකු වන රත්වත්තේ මහතා, බෝයිංග් B-777 සහ එයාර්බස් A-380 යනාදී ගුවන් යානා හැසිරවීමේ හසළ අත්දැකීම්…
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා විදේශීය ආයෝජකයින් දිරිගැන්වීමේ තවත් හමුවක් එළඹෙන 28 හා 29 දෙදින සූරිච් හා ලන්ඩන් නගරවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදුකරනු ලබන අතර මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පිළිබඳ දේශන දෙකක් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර…
ශ්‍රී ලංකාව තුළ ඇති වාණිජ දේපළවල ආයෝජනය ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව කැන්ඩර් සමූහ අධ්‍යක්ෂ රවී අබේසූරිය මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දීය. ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ වාණිජ දේපළවල ආයෝජනය තුළින්, බදුකුලී පදනම මත වාර්ෂිකව 10% ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකි බවයි. කෙසේ වෙතත්…
ඉන්දීය සාගරයට වටද්දර රටවල් සමග සමුද්‍රික ආර්ථික සහයෝගීතාවය (Marine Economic Cooperation) වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාවන් පිළිබඳව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාව, මුරුසිය, දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ ඉන්දියාව මෙන්ම සිංගප්පූරුවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය. එම සාකච්ඡාවන් පැවැත් වූයේ ඉන්දීය සාගරයට…
සම්පත් බැංකුව විසින් සිය මියන්මාර නියෝජිත කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළබව සඳහන් කරයි. බැංකුව පවසා තිබෙන්නේ මෙම නියෝජිත කාර්යාලය ඔක්තෝම්බර් 07 වනදා ආරම්භ කළ බවයි.
එයාර් චයිනා ගුවන් සමාගම ලබන ඔක්තෝම්බර් 27 වනදා බෙයිජිං සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වේ. මේ වනවිට, මෙරටට පැමිණෙන චීන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ඉදිරියේදී වැඩිපුර චීන සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. මේ අනුව, CA873/4 ගුවන් යානය සතියකට තුන්වරක් අඟහාරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා බෙයිජිං සිට එරට…
Video Story