ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව සූදානම් වේ. මේ අනුව, එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව සැලසුම් කර තිබෙන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරනු ඇත. බැංකුව විසින්…
මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ. මෙම නෞකාව අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර ”Gas Success” නමින් මෙම නෞකාව නම්කර ඇත. මෙහි ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන්…
මෙරට මාර්ග වලට පැමිණෙන වාහන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණෙන් කිසිදු මූලික ගෙවීමකින් තොරව සියයට සියයක් කල්බදු (Full Leasing) පහසුකම් හෝ සියයට සියයක් කුලීපිට ගැනීමේ පහසුකම් (Hire Purchase) මත වාහන මිලදීගැනීම වැලැක්වීම සඳහා රජය විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය (Circular) වෙනස් කර තිබේ. මෙම චක්‍රලේඛයට අදාළව කල්බදු පහසුකම් ලබාගත හැකිව තිබුණේ වාහනයේ සම්පූර්ණ මිලෙන් සියයට 70 ක්…
කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හැත්තෑ පස්වන සංවත්සරය සමරා පැවැත්වෙන ධර්මපාල අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශන සැණකෙළියේ ආරම්භක දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මහා නගර හා බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පලකරන ලදි. මෙහිදී, අමාත්‍යවරයා පැවසුවේ මහා නගරයක් ලෙස බස්නාහිර ගොඩනගන අභියෝගාත්මක කාර්ය රජය විසින් භාරගෙන තිබෙන බවයි. මේ අනුව,…
මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා විදේශීය බැංකු පහක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ඉල්ලා ඇතැයි අනාවරණය වේ. මෙම බැංකු පහ අතර චීනයේ සහ ජපානයේ විශාලතම බැංකු දෙකක්ද තිබෙන බව වාර්තා වන අතර මහ බැංකු අවසරය ලද පසුව මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට මෙම බැංකු සැලසුම් කර ඇත.
රුපියල් බිලියන 08 ක මුදලක් රැස්කර ගැනීම සඳහා ලංකා බැංකුව විසින් අද සිදුකළ ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. මෙම ණයකර නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 50 ක් මුලින් නිකුත් කළ අතර අධි ඉල්ලුමක් ඇතිවන්නේ නම් තවත් ණයකර මිලියන 30 ක් නිකුත් කරන බව බැංකුව සඳහන් කර තිබුණි. මේ අනුව,…
සාමාන්‍යයෙන් අපි මෙයට පෙර කතාකළේ ලංකාවේ පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හෙවත් උද්ධමනය ගැනයි. නමුත්, නවතම රජයේ දත්ත මගින් අනාවරණය වන්නේ මේ වනවිට ලංකාවේ තිබෙන්නේ අවධමනයක් (Deflation) බවයි. මේ අනුව, මේ සැප්තැම්බර් මාසයේදී මෙරට පාරිභෝගික මිල ගණන් සියයට 0.3 කින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබෙන අතර මෙලෙස අවධමනයක් පිට…
නව රජය බලයට පත්වීමෙන් පසුව ඔවුන් යහපාලනයට දක්වන කැපවීම හමුවේ ඇමරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට වැඩි උනන්දුවක් දක්වා ඇතැයි ඇමරිකාවේ මෙරට තානාපති අටුල් කෙෂාප් (Atul Keshap) කියයි. ඔහු මේ බව සඳහන් කළේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ (American Chamber of Commerce) 23 වන වාර්ෂික රැස්වීමේදී අදහස් දක්වමිනුයි. විනිවිදභාවයකින් යුතු පාලනයක් ඇති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ…
වැඩිදියුණු කරන ලද රේණුකා සිටි හොටෙල් ඊයේ (29) යළි විවෘත කළ අතර නවීන පහසුකම් රැසක් හෝටලයට එක්කිරීමට මෙම නවීකරණ ව්‍යාපෘතියට හැකියාව ලැබී තිබේ. මේ සඳහා දරන ලද වියදම රු. මිලියන 300 ඉක්මවන අතර ඊට මාස 8 ක කාලයක් ගතවිය. ඒ අනුව දැන් ශ‍්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ලෙස රේණුකා…
වයස්ගත ජනගහනය වැඩි රටක් වන ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ රෝහල් ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් තිබෙන බවත් රජයේ රෝහල්වල තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) සඳහන් කරයි. ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මේ වනවිට සියයට 09 ක් පමණ අවුරුදු 65 ක් හෝ එයට වැඩි අය බව බවත් මෙම…
Video Story