Top News

මේ වසරේ කොළඹ කොටස් පොළේ පළමු ලයිස්තුගතවීම මෙන්න!

2015 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ පළමුවෙන්ම ලයිස්තුගත වූ සමාගම බවට පත් වෙමින් ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම දිරිසවි පුවරුවේ ලයිස්තුගත විය. මෙහි ගනුදෙනු කටයුතු ඇරඹුණු ජනවාරි 16 වනදා කොටසක ආරම්භක මිල රුපියල් 14 ක්වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේදී කොටසක මිල රුපියල් 14.10 ක් දක්වා ඉහළ නැගුණි.

(0)Comments | January 19, 2015 7:00 am

ශ්‍රී ලංකන්, මත්තලට පියාසර කිරීම කපා දමයි

මත්තල හා මොස්කව් වෙත සිදුකරන ලාභදායී නොවන ගුවන් ගමන් අඩුකරමින් වසරකට ඩොලර් මිලියන 18 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි. ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ සඳහා උපදෙස් ලබාදුන් බවත් වැඩි ඉල්ලුමක් සහිත මැදපෙරදිග ගමනාන්ත වෙත මෙම ගුවන් ගමන් යොමුකර තිබෙන බවත් සඳහන්ය.

(0)Comments | January 19, 2015 4:58 am

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ නව පත්වීම් ගැන මුදල් අමාත්‍යවරයා කතා කරයි

මුදල් අමාත්‍යංශය යටතේ ඇති සියළුම බැංකු හා ආයතනවල ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. ඔහු පැවසුවේ මෙම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් නුදුරු දිනකදී එම පත්වීම් සිදුකරන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | January 16, 2015 11:14 am

ජයන්ත ධනපාලට, මෛත්‍රී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සම්බන්ධතා ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර ඇතැයි අනාවරණය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවිහරණ කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය මහලේකම් තනතුර දැරූ ජයන්ත ධනපාල මහතා, ඇමරි‍කාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද සේවය කර තිබේ. මීට අමතරව, ඔහු කාර්ගීල්ස් සිලෝන් සමාගමේ සහ ඩයලොග් ආසිආටා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල…

(0)Comments | January 14, 2015 7:00 am

අපි කිව්වා හරියටම හරි! මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අප පසුගිය 10 වනදා වාර්තා කළේය. මේ වනවිට, අපට අනාවරණය වන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කර තිබෙන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති…

(0)Comments | January 13, 2015 5:48 pm

අළුත් ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය පැහැදිලි මදී -මූඩීස්

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ඇගයුම (credit worthiness) තීරණය වන්නේ නව රජය විසින් ඉදිරියේදී පවත්වාගෙන යාමට සමත්වන ආර්ථික වර්ධනය සහ රාජ්‍ය ණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව අනුව යැයි ප්‍රකට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ. නව ජනාධිපතිවරයා බලයට පැමිණ තිබෙන්නේ යහපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම, වංචාව හා දූෂණය වැලැක්වීම සහ…

(0)Comments | January 13, 2015 7:30 am

නව විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර

මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙස අද වැඩභාරගත් අතර විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරිනියක වන චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය පත්කර ඇත. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් ඊයේ පත්කළේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතායි.

(0)Comments | January 13, 2015 6:44 am

රනිල්ට ප්‍රතිපත්ති සම්පාදනය. රවී කරුණානායකට මුදල්. මංගලට විදේශ කටයුතු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ දින 100 ක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ගත් අමාත්‍ය මණ්ඩලය මෙන්න! 1 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන 2 – ජෝන් අමරතුංග – මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති 3 – ජොසෆ් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු ඇමති 4 – ගාමිණි ජයවික්‍රම පෙරේරා – ආහාර…

(0)Comments | January 12, 2015 2:26 pm

කොටස් වෙළඳ පොළට බදාදා නිවාඩුයි

කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු 14 වන බදාදා සිදු නොකරන බවත් එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළ කියයි. පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 14 වනදා රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

(0)Comments | January 12, 2015 10:20 am

මුදල් අමාත්‍යංශයට පී.බී. වෙනුවට සමරතුංග

ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා ඛනිජ තෙල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිටි ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද උදෑසන වැඩ භාරගන්නා ලදී. සමරතුංග මහතා පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය ලබා තිබෙන අතර පසුව Wisconsin-Madison හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි ලබා තිබේ. ඔහු රාජ්‍ය සේවයේ වසර 25…

(0)Comments | January 12, 2015 4:53 am