Top News

ඩොලරය රු. 309 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.32 ක් හා විකුණුම් මිල රු. 312.91ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 309.02 ක්…

(0)Comments | December 12, 2025 2:24 pm

උතුරු මැද පළාතේ ජල හා ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට ADB ඩොලර් මිලියන 200ක් අනුමත කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන වැඩසටහන වන මහවැලි සංවර්ධන වැඩසටහනට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් අනුමත කර ඇත. මෙම සංවර්ධන වැඩසටහන හරහා මහවැලි ගඟේ අතිරික්ත ජලය ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ පළාත්වල, වියළි ප්‍රදේශවලට හැරවීම මූලිකව අරමුණු කර ඇත. මෙම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන…

(0)Comments | December 12, 2025 12:57 pm

අපනයන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් අගයමින් ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි

කර්මාන්ත සහ සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (11) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත…

(0)Comments | December 12, 2025 9:08 am

කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පෞද්ගලික මුදලින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ඊයේ (11) එම අමාත්‍යාංශයේදී භාර…

(0)Comments | December 12, 2025 9:00 am

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව – 2025 පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 10 දක්වා දින තුන තුළ  “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව – 2025 පවත්වන ලදී. ආර්ථික පර්යේෂණ සහ අනුභාවික දත්ත මත…

(0)Comments | December 12, 2025 8:42 am

ආපදාවට පත්වූවන්ගේ හානිපූරණය ගැන ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් නිල ප්‍රකාශයක්

දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මෙම දුෂ්කර කාල වකවානුවෙහි, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විපතට පත් සැමට කණගාටුව දන්වා සිටින අතර ඔවුන්ට පූර්ණ සහාය දක්වන බවට සහතික වන බවට නිවේදනය කර සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

(0)Comments | December 11, 2025 6:41 pm

RE-MSME PLUS සහ RE-MSME: Disaster Relief ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ණය වැඩසටහන් එක් රාමුවක් යටතට ඒකාබද්ධ කිරීම සහ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නඟා සිටුවීම පිණිස සහාය වීමේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වසර ගණනාවක් පුරා, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් විවිධ සහනදායි ණය වැඩසටහන්…

(0)Comments | December 11, 2025 6:10 pm

දුම්රියේ අබලි ලෝහ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තු Melwire Rolling සහ S R Steel වෙත

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ අනුව ලංසුකරුවන් 11දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති…

(0)Comments | December 11, 2025 4:42 pm

විදුල්ලංකා – ඩේවිඩ් පීරිස් හවුලෙන් සහ WindForce වෙතින් මන්නාරමට 50MW සුළං විදුලි බලාගාර දෙකක්

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීම වර්ෂ 2030 වන විට මෙරට විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අරමුණ සඳහා වන රජයේ පුළුල් සැලැස්මට අනුකූලව, වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත මෙගාවොට් 100 මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානය (මෙගාවොට් 50 බැගින්…

(0)Comments | December 11, 2025 3:23 pm

සම්බන්ධතාවයන් කඩිනමින් ප්‍රතිස්ථාපනය කරමින් ජාල ආවරණය පුළුල් කිරීම සඳහා ඩයලොග් කැපවෙයි

දිට්වා සුළි කුණාටුව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ෆයිබර් ප්‍රධාන ජාලය සහ දුරකතන කුළුණු 6,000 න් 2,200 ක් බලපෑමට ලක් වූ අතර, ඩයලොග් මේ වන විට සම්පූර්ණ ජාලයම යථා තත්ත්වයට පත් කිරීමට සමත්ව සිටියි. මෙම කඩිනම් ප්‍රතිස්ථාපන මෙහෙයුම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන…

(0)Comments | December 11, 2025 11:10 am