Exclusive – පවතින වාතාවරණය හමුවේ ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි පළවන මාධ්‍ය වාර්තාවන්ට මෙම ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාර්ශවකරුවා වන සුප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා අප සමග සම්බන්ධ වෙමින් පිළිතුරු දැක්වීය. ඔහු පැවසුවේ ජේම්ස් පැකර් සහ තමා පාර්ශවකරුවෙකු වන “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම“ විසින් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ සැලසුම්…
ජපානය කලක් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබුණි. චීනය විසින් ජපානය පැරදවූ අතර ජපානය තෙවැනි තැනට ඇද වැටුණි. ලෝක බැංකුව සමග කර තිබෙන නවතම අධ්‍යනයකින් අනාවරණය කර තිබෙන්නේ ජපානයට ඉන්දියාවෙන්ද පහර වැදී තිබෙන බවයි. මේ අනුව, ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වී තිබෙන අතර ජපානය සිව්වන තැනට ඇද වැටී තිබේ. International Comparison Program…
අප විසින් පසුගිය ඉරිදා මුල් වරට රටට අනාවරණය කළ සෙන්ටාරා පාසිකුඩා හෝටලයේ පාලිත කොටස් ප්‍රමාණය මිලදීගැනීමේ ගනුදෙනුව පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු හෙලීස් සමූහය විසින් හෙළිදරව් කර තිබේ. මේ අනුව, හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා නිවේදනය කර තිබෙන්නේ හේලීස් සමූහයට අයත් අමායා ලෙෂර් පී.එල්.සී. සමාගම විසින් Sun Tan Beach Resorts (Pvt) Ltd සමාගමේ සියයට 51 ක්…
බොදු බල සේනා සංවිධානය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා නමක් අනුමත කරවාගෙන ඇතැයි සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කියයි. මෙම නම “බොදු බල සේනා ජාලය“ බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය. නම අනුමත කරවා ගත් දින සිට මාස තුනක් ඇතුළත අවශ්‍ය නම්…
පවතින ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් ෆිච් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව BB- ලෙස සහතික කර තිබේ. කෙසේවෙතත්, ෆිච් පවසා තිබෙන්නේ අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී ලංකාවේ රාජ්‍ය ණය සහ විදේශීය ණය ඉතාමත් ඉහළ තත්ත්වයක තිබෙන බවයි. මෙම ණය වර්ගීකරණය ලබාදීම සඳහා උද්ධමනය සියයට 4.2 ක් ලෙසත්, ණය…
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකිරීමට යෝජිත සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරන ව්‍යාපෘති භූමිය කොන්ත්‍රාත්කාර සමාගම වෙත භාරදී තිබෙන බවත් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සඳහන් කර තිබේ. ව්‍යාපෘතියට අදාළව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යෘපෘති පනතට අදාළ ගැසට් නිවේදනය…
ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝහි, සැන් පැබ්ලෝ බොක්ක ආසන්නයේදී ගුවන් යානා දෙකක් එකට හැපී එක් ගුවන් යානාවක් ජලාශයකට වැටුණු බවත් අනෙක් ගුවන් යානය විනාඩි 40 ක් පමණ පියාසර කර ආරක්ෂිතව ගොඩබා තිබෙන බවත් වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජලයට වැටුණු Cessna 210 වර්ගයේ කුඩා ගුවන් යානය පැදවූ ගුවන් නියමුවාගේ මෘත දේහය මේ වනවිට හෙලිකොප්ටර් හා බෝට්ටු යොදා…
බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන වජිර කුලතිලක මහතා කොළඹ කොටස් වෙළඳ පොළේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු විසින් එම ධුරයේ ජුනි 05 වනදා වැඩ භාරගනී
සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ තමන්ට හිමි මුදල පුද්ගලික අංශයේ සේවකයින් විසින් ලබාගත් පසුව ඒවා ආයෝජනය කිරීමෙන් මාසිකව වැඩි පොලී අනුපාතයක් ලබාගත හැකි මූල්‍ය උපකරණ හඳුන්වාදෙන ලෙස මෙරට ක්‍රියාත්මක බැංකු හා මූල්‍යායතන වලින් ඉල්ලා සිටිබව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියයි. අප සමග අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ පොලී…
පාසිකුඩා හි, පිහිටා තිබෙන කාමර 126 ක සෙන්ටාරා හෝටලයේ පාලිත කොටස් ප්‍රමාණය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් නායකත්වය දෙන සමාගමක් විසින් මිලදීගෙන තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. ජාත්‍යන්තර කීර්තියක් උසුලන සෙන්ටාරා හෝටල් ජාලයට අයත් සෙන්ටාරා පාසිකුඩා රිසෝර්ට් ඇන්ඩ් ස්පා පිහිටා තිබෙන්නේ පාසිකුඩා බොක්ක ආසන්නයේ මුහුදු වෙරළේයි. නොගැඹුරු මෙම…
Video Story