Top News

රක්ෂණ මණ්ඩලයේ මුල් පුටුව දමයන්ති ප්‍රනාන්දුට

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ (Insurance Board of Sri Lanka) අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නීතිඥවරියක වන දමයන්ති ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ. මෙම පත්වීමට පෙර ඇය මාස 07 ක කාලයක් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය. දමයන්ති ප්‍රනාන්දු මහත්මියට නියාමන ක්ෂේත්‍රයේ වසර 16 ක පමණ පළපුරුද්දක් ඇත.

(0)Comments | October 7, 2014 5:41 am

චීන්නු සියළුම වාර්තා කඩයිද? සැප්තැම්බරයේ අපේ සංචාරක දත්ත මෙන්න

මෙරට සංචාරක කර්මාන්තය නැංවීමේ අරමුණෙන් පුළුල් වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන අතර මහා පරිමාණයෙන් මෙරට හෝටල් ඉදිවන්නේය. රජය විසින් එළිදක්වා තිබෙන 2014 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ දත්ත වලින්ද අනාවරණය වන්නේ මෑත කාලීනව ලංකාව කෙරෙහි වැඩිම කැමැත්තක් දක්වා තිබෙන සංචාරකයින් කණ්ඩායම වන්නේ චීන සංචාරකයින් බවයි. 2013 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස 09 තුළ…

(0)Comments | October 6, 2014 7:30 am

ජේම්ස් පැකර් ගලවා ගැනීමට බැරි තරමේ දරුණු ඇබ්බැහිවීමක

කැසිනෝ රජෙකු ලෙස ලොව ප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් ඩග්ලස් පැකර් දුම් පානය සඳහා දැඩි ලෙස ඇබ්බැහිවී සිටින බවත් වෛද්‍යවරුන් ඔහුට අවවාද කර තිබුණත් පුරුද්ද අතහැර ගැනීමට නොහැකි මට්ටමටම ඔහු වැටී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි. මෙම වාර්තා පවසන්නේ සාමාන්‍යයෙන් කිසිම පුද්ගලයෙකු ව්‍යායාම කරමින් දුම්පානය නොකළත් ජේම්ස් පැකර් මේ වනවිට ව්‍යායාම කරන අතර තුරත් දුම්පානය…

(0)Comments | October 6, 2014 5:25 am

අපේ ප්‍රාග්ධන වෙළඳ පොළට සවිය දෙන්න කොළඹදී ජාත්‍යන්තර සමුළුවක්

කොළඹ කොටස් වෙළඳ පොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් ඔක්තෝම්බර් 09 වන බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුවේදී ප්‍රාග්ධන වෙළඳ පොළේ නියුතු වූවන් සහ ආයතින ආයෝජකයින් එක්තැන් කරමින් මෙරට…

(0)Comments | October 3, 2014 7:21 am

ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් තවත් කොටස් මිලදීගැනීමක

මෙරට පැරණිතම මූල්‍ය සමාගමක් වන ලයිස්තුගත ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 40.59 ක කොටස් රුපියල් මිලියන 501 ක පමණ මුදලකට ඊයේ මිලදීගත් ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගම විසින් අද ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ තවත් සියයට 29.63 ක කොටස් මිලදීගෙන තිබේ. මේ අනුව, අද එකක් රුපියල් 166 ක් වන කොටස් මිලියන 2.1 ක් පමණ මිලදීගෙන තිබෙන්නේ ගිවිසගත් ගනුදෙනුවක් ලෙසිනි….

(0)Comments | October 2, 2014 11:19 am

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සියළුම ලංසු විසිකරයි

අද පැවති මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ලැබුණු සියළුම ලංසු (Bids) ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (Public Debt Department) සඳහන් කරන්නේ මේ සතියේදී රුපියල් බිලියන 1.5 ක් වටිනා මාස හයේ භාණ්ඩාගාර බිල්පත් (06 Month Treasury Bills) හා රුපියල් බිලියන 4.5 ක් වටිනා අවුරුද්දේ භාණ්ඩාගාර…

(0)Comments | October 1, 2014 10:41 am

නේෂන් ලංකා ෆයිනෑන්ස් අනුබද්ධ සමාගමක් මිලියන 31 කට තුන් ඈවරයි

නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගමට අනුබද්ධ නේෂන් ලංකා කැපිටල් සමාගමේ සියයට 75 ක කොටස් කොළඹ 07, වෝඩ් පෙදෙසේ, අංක 67 ස්ථානයේ පිහිටි Protege Investment (Private) Limited සමාගමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම විසින් විකුණා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙන මෙම ගනුදෙනුවේදී කොටසක් රුපියල් 10.50 ක් බැගින් කොටස් මිලියන 03 ක් විකුණා තිබෙන අතර ගනුදෙනුවේ…

(0)Comments | October 1, 2014 9:58 am

ආපිකෝ ෆයිනෑන්ස් මිලියන 500 ක කොටස් කුට්ටියක් විකුණයි

මෙරට පැරණිතම මූල්‍ය සමාගමක් වන ලයිස්තුගත ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 40.59 ක කොටස් රුපියල් මිලියන 501 ක පමණ මුදලකට ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගම විසින් අද මිලදීගෙන තිබේ. මෙහිදී, එකක් රුපියල් 166 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 03 ක් පමණ මිලදීගෙන ඇත. මීටපෙර, ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගමට ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 0.74 ක කොටස් අයත්ව තිබූ…

(0)Comments | October 1, 2014 9:26 am

කලම්බෝ සිටි හෝල්ඩින්ග්ස් දේපොළක් විකිණේ

ඒ.ජී.වීරසිංහ මහතා සභාපති ධූරය උසුලන ඖෂධ වෙළඳාමේ නියුතු ලයිස්තුගත කලම්බෝ සිටි හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම විසින් තමන්ට අයත් දේපොළක් රුපියල් මිලියන 206.6 කට විකුණා තිබේ. මේ අනුව, සමාගම විකුණා තිබෙන්නේ සමාගමට අයත්ව තිබූ කොළඹ 04, ගාලු පාරේ, අංක 740 දරණ ස්ථානයේ පිහිටි දේපොළයි. මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ආර්.එන්. ආසීර්වාතම්, ආර්.පී. සුගතදාස, ඊ.එම්.එම්. බෝයගොඩ, ඩී.ඒ.බී. දසනායක, ඊ….

(0)Comments | October 1, 2014 4:31 am