Top News

බ්‍රවුන්ස් බිලියන 2.8 කට LOLC Leisure මිලදීගනී

ලංකා ඔරික්ස් ලීසිං සමාගම සතුව LOLC Leisure සමාගමේ තිබූ සියයට 70 ක කොටස් රුපියල් බිලියන 2.8 කට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට විකුණා තිබේ. මෙම මිලදී ගැනීමත් සමගම කාමර 1000 කට වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කරන මෙරට විශාලතම හෝටල් සමාගමක් බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පත්වේ. මෙම මිලදී ගැනීමට පෙර LOLC Leisure සමාගමේ සියයට 30 ක කොටස් අයිතියක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්…

(0)Comments | March 21, 2014 6:56 am

මාර්තුවේ පොලියට මොකද වෙන්නේ ?

වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, මෙම පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තවදුරටත් පවතින අතර ඒ තුළින් ඉදිරියේදී බැංකු පොලී අනුපාත ඉහළ යෑමක් සිදු නොවේ. මහ බැංකුවේ අරමුණ…

(0)Comments | March 21, 2014 3:41 am

පැරණි විගණකාධිපති ගොඩනැගිල්ලට අලෙවිසැල් 42 ක්

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය අලෙවිසැල් 42 ක වෙළඳ පොළක් ලෙස ලබන මැයි මාසයේදී විවෘත කිරීමට හැකියාව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම අලෙවිසැල් 42 කම දේශීය ව්‍යාපාරිකයින්ට…

(0)Comments | March 20, 2014 10:58 am

මෙරට පීසාකරු සහ කළු කෝපිකරු සෙවීමේ මෙහෙයුමක්

දකුණු ආසියාවේ විශාලතම සත්කාරක සේවා ප්‍රදර්ශනය වන කොළඹදී පැවැත්වෙන  “Hotel Show“ සඳහා මෙවර නවමු අත්දැකීමක් එක්කරමින් වේගවත්ම පීසා නිපදවන්නා තේරීමේ තරගය සහ ශ්‍රී ලංකා කෝපිසැල් තරගය නමින් තරග දෙකක් එක් කර තිබේ. සංවිධායකයින් පවසන්නේ ආපනශාලා ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින වේගවත් බව සැලකිල්ලට ගනිමින් වේගවත්ම පීසා නිපදවන්නා තරගය හඳුන්වා දී තිබෙන බවයි. ශ්‍රී ලංකාවේ කෝපි සංස්කෘතිය…

(0)Comments | March 20, 2014 6:29 am

කොටස් පොළේ අද රැළි පෙරළි මෙන්න

අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඉහළ ගිය අතර ඊයේ මෙන්ම අදත් විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණා දැමීය. මේ අනුව, අද දිනයේදී රුපියල් මිලියන 74 ක විදේශීය ශුද්ධ විකුණුම් වාර්තා වූ අතර විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 454 ක් වටිනා කොටස් අලෙවි කරද්දී රුපියල් මිලියන 180 ක් වටිනා කොටස් මිලදීගෙන තිබේ. ඊයේ මෙන්ම අදත් ජෝන් කීල්ස්…

(0)Comments | March 19, 2014 11:37 am

ෂෙරින් පැවිලියන්ස් හිටපු ප්‍රධාන විධායක නිලධාරීගේ ඉල්ලීම ඉවතට

වාද්දුව පිහිටි ෂෙරින් පැවිලියන්ස් නම් හෝටලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි විසින් තමාව ධූරයෙන් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් පනවන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (19) ප්‍රතික්ෂේප කර තිබේ. ගාමිණී නෙත්තිකුමාර සහ අනුර ලොකුහෙට්ටි මහතා විසින් ෂෙරීන් පැවිලියන්ස් නම් වූ හෝටලයේ අධ්‍යක්ෂකවරුන් ලෙස නම් කරනු ලබන තවත් පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීම…

(0)Comments | March 19, 2014 8:33 am

සරසවි සිසුන්ට සහ වාණිජ ගුරුවරුන්ට ප්‍රාග්ධන වෙළඳ පොළ අනිවාර්යයි

රජයේ විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ට සහ රජයේ පාසැල්වල වාණිජ ගුරුවරුන්ට ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව ඉගනීම අනිවාර්ය කර තිබේ. මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළ පවසන්නේ මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළඳ පොළ විසින් සකස් කළ අධ්‍යාපනික වැඩසටහන සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතිය හිමිවූ බවයි. මෙහිදී, ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු…

(0)Comments | March 19, 2014 4:40 am

JKH, හේමාස් සහ යුනයිටඩ් මෝටර්ස් හි, ශුද්ධ විදේශීය විකුණුම්

අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු වලදී විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණා දැමූ අතර වාර්තා වූයේ රුපියල් මිලියන 61 ක ශුද්ධ විදේශීය විකුණුමකි. මේ අනුව, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 308 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 369 ක් වටිනා කොටස් විකුණා දැමීය. මෙහිදී, ජෝන් කීල්ස් සමාගමේ රුපියල් 60 කත්, යුනයිටඩ් මෝටර්ස් සමාගමේ රුපියල්…

(0)Comments | March 18, 2014 11:40 am

හම්බන්තොට වරායේ කර්මාන්ත වලට පාරිසරික නීති දැඩිවේ

හම්බන්තොට වරායේ ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබෙන කර්මාන්ත වලට අදාළ පාරිසරික නිර්දේශයන් තවත් දැඩි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවත් මේ නිසා නැවත වතාවක් අදාළ සමාගම් වලට සිය ව්‍යාපෘති වලට අදාළ පාරිසරික වාර්තා සකස් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම…

(0)Comments | March 18, 2014 10:22 am

හඳගම, Crowd funding චිත්‍රපට සිහිනය අත්හරී

Crowd funding හෙවත් අන්තර් ජාලය ඔස්සේ මුදල් සම්මාදම් කර මෙරට පළමු චිත්‍රපටය නිපදවීම සඳහා උත්සාහ කරන ප්‍රවීණ සිනමාකරු අශෝක හඳගම අප සමග පැවසුවේ එම ක්‍රමය තුළින් තමන් අපේක්ෂා කරන මුදල් නොලැබෙනු ඇතැයි දැන් තමන්ට වැටහී තිබෙන බවයි. සිය නවතම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා Crowd funding ක්‍රමය යටතේ අන්තර් ජාලය ඔස්සේ මුදල් රැස්කර ඩොලර් 50,000 ක…

(0)Comments | March 17, 2014 9:16 am