2014 මාර්තු කාර්තුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ලාභය සියයට 66 කින් පහළ බැස රුපියල් මිලියන 547 ක ලාභයක් වාර්තා කර තිබේ. මේ අනුව, සමූහය විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව ලබා තිබෙන ලාභය ශත 30 කි. ආදායම සියයට 06 කින් රුපියල් බිලියන 15.2 ක් දක්වා වර්ධනය වී තිබුණත් මෙහෙයුම් පිරිවැය සියයට 13 කින් රුපියල් මිලියන…
ඉන්දියාවේ TATA Housing සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ඩොලර් මිලියන 430 ක් ආයෝජනය කරමින් කොම්පඤ්ඤවීදියේ අක්කර තුනක ඉඩමක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරයි. මේ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කළ අතර නිවාස ඒකක 650 කින් සමන්විත කුළුණු 04 ක් මේ යටතේ ඉදිකිරීමට…
හොංකොං පදනම් කරගත් CLSA ඉන්වෙස්ට්මන්ට් සමූහය විසින් CT ස්මිත් හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 25ක කොටස් මිලදීගෙන තිබේ. CLSA ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ආයෝජකයින් මේ වනවිටත් පාකිස්තානය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල ආයෝජනය කරන අතර CT ස්මිත් හෝල්ඩින්ග්ස් යනු කොළඹ කොටස් වෙළඳ පොළට විදේශීය ආයෝජන ගෙනවිත් තිබෙන ප්‍රධානතම සමාගමකි. මෙම මිලදීගැනීමත් සමගම CT ස්මිත් හෝල්ඩින්ග්ස් සමාගමේ නම CT CLSA හෝල්ඩින්ග්ස්…
Facebook වෙබ් අඩවියේ ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් නිසා එය භාවිතා කරන බොහෝ පිරිසකට එයට ඇතුළු වීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරන “හින්දුස්තාන් ටයිම්ස්“ සඳහන් කරන්නේ මෙම ගැටලුව අද ඇතිවූ බවත් මේ වනවිටත් එය නිවැරදි කිරීම සඳහා Facebook කටයුතු කරමින් සිටින බවයි. සිදුවන අපහසුතාවය පිළිබඳව Facebook සිය කණගාටුවද පළකර තිබෙන බවත් ඉතාමත් ඉක්මනින්ම…
ලංකා දුම්කොළ සමාගම විසින් අලෙවිකරන සිගරැට් බහාලන දවටනවල සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් වැසී යන ලෙස රූපමය අවවාද ප්‍රචාරය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට අභියාචනාධිකරණය විසින් අවසර ලබාදෙයි. මෙයට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙම අවසරය ලබාදුන්නේය. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය ලංකා දුම්කොළ සමාගමෙන් ඉල්ලා තිබුණේ සිගරැට් දවටනවල සියයට 80 ක් වැසී…
හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් කලක් වැජඹුණු එංගලන්තයේ බිලියන පතියන්ගේ නවතම ලයිස්තුව එළි දක්වා තිබේ. මෙහිදී, අනාවරණය වන්නේ මෙම බිලියන පතියන්ගේ ලයිස්තුවේ අංක එකට පැමිණ තිබෙන්නේ ඉන්දියානු සහෝදරයින් දෙදෙනෙකු බවයි. බින්දුවේ සිට සිය ව්‍යාපාර ඉහළට ඔසවාගත් මෙම සහෝදරයින් ලෝකයේ ප්‍රචලිත වී සිටින්නේ හින්දුජා සහෝදරයින් ලෙසයි. මේ අනුව, 78 වියේ පසුවන ශ්‍රීචන්ඩ් හින්දුජා සහ 74 වියේ පසුවන…
බොලිවුඩයේ මහා නළුවා වන අමිතාබ් බච්චන්ට පිළිකාවක් වැළඳී ඇතැයි රාවයක් ලැව් ගින්නක් සේ බොලිවුඩය පුරා පැතිරී යන්නේ යැයි ඇතැම් ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරයි. ඔහුට මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකාවක් වැළඳී තිබෙන බවට මෙම වාර්තා විසින් සැක පළකර තිබේ. අමිතාබ් ප්‍රතිකාර ගන්නා රෝහලේ මූලාශ්‍ර උපුටා දක්වමින් අදාළ වාර්තාවන් සඳහන් කරන්නේ පිළිකාවක් යැයි සැක කරන මෙම රෝගී තත්ත්වය…
ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා පුද්ගලික හේතු මත එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව සමාගම වෙත දැනුම් දී ඇත. මේ බව, ඩයලොග් විසින්ද අනාවරණය කර තිබේ.
චීනය සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ජූලි මස 01 වෙනිදා සිට චොංකින් වෙත මෙහෙයුම් සිදුකරන අතර එය නැවත පැමිණීමේදී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ. චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම (Chongqing Huapont International Travel Service Co. Ltd.) හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම සඳහා…
එක්ස්පෝලංකා සමාගමේ සියයට 30 ක කොටස් ජපාන සමාගමක් මිලදීගත්තද සමූහයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ හනීෆ් යූසුෆ් මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් කියයි. එක්ස්පෝලංකා සමූහයේ මිලියන 586.4 ක කොටස් S.G Holdings නම් ජපාන සමාගම විසින් අද මිලදී ගත්තේ කොටසක් රුපියල් 10.70 ක් බැගිනි.
Video Story