Top News

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

(0)Comments | April 3, 2025 8:19 am

හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ඉදිරියේදී සහල් ආනයනයට අවධානය

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි. මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම…

(0)Comments | April 2, 2025 4:13 pm

අම්බානිගේ සමාගමකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ටෙන්ඩරයක්

අඩු රුධිර පරිමාව (hypovolemia) සහ රුධිරයේ අඩු ඇල්බියුමින් මට්ටමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s…

(0)Comments | April 2, 2025 3:46 pm

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනයට

ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබාගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදු වේ. උතුරු පළාතේ ජනතාව විශාල වශයෙන්…

(0)Comments | April 2, 2025 3:42 pm

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

2025‑03‑28 දින සිදු වූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, මේ වන විට 2,700 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එසේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරුවලට ලක් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා කර තිබේ. බෞද්ධ රාජ්‍යයන්…

(0)Comments | April 2, 2025 3:39 pm

රු. 200කට ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන ඊයේ (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රියාවට නැංවිණි. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය…

(0)Comments | April 2, 2025 11:38 am

නැවත ක්‍රියාත්මක වූ පරාටේ නීතිය

මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය ඊයේ (01) සිට නැවතත් ක්‍රියාත්මකය. 2024‑12‑15 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබූ පරාටේ නීතිය 2025‑03‑31 දින දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට පසුගයි දෙසැම්බර් මාසයේ දී රජය විසින් තීරණය කළේය. ඒ පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් දේපළ වෙන්දේසි…

(0)Comments | April 2, 2025 11:15 am

2025 පළමු කාර්තුවේ 722,276ක සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 වසරේ මාර්තු මාසය තුළ 229,298 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 722,276ක් ලෙසයි. මාර්තු මාසයේ සෑම සතියකම 50,000 ඉක්ම වූ සංචාරක පැමිණීමක් වාර්ත ඇති අතර 8,619ක ඉහළම සංචාරක පැමිණීම මාර්තු 28වන දින වාර්තා…

(0)Comments | April 2, 2025 9:25 am

RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.

(0)Comments | April 1, 2025 1:34 pm

කොමර්ෂල් බැංකුව ආනයන හා අපනයනකරුවන් සඳහා ‘TradeLink’ ඩිජිටල් සේවාව හඳුන්වා දෙයි

මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත. ‘Combank TradeLink’ ඩිජිටල් සේවාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, පරිශීලකයින්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කළ අතුරු මුහුණතකින් සමන්විත වන අතර එය වෙළඳ…

(0)Comments | April 1, 2025 1:11 pm