අමෙරිකාවේ ජනප්‍රිය ලොතරැයි පතක් වන ‘පවර්බෝල්’ ලොතරැයියේ ඊයේ (25) සිදුකළ දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක සුවිශාල ජයමල්ලක් හිමිකරගැනීමට ආකැන්සාස් හි පදිංචිකරුවෙකු සමත්ව තිබේ. ඔහු දිනූ මෙම ජයමල්ල අමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ පුද්ගලයෙකු ජයග්‍රහණය කළ දෙවන විශාලම ත්‍යාගය ලෙස සැලකෙයි. ඩොලර් 2ක මුදලකට අලෙවිකරන මෙම ලොතරැයිපතේ 4, 25, 31, 52, 59 සහ රතු වර්ණයෙන් අංක 19 යන…
යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව වෙනුවෙන්, කසකස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය එරට සංචාරකයන් පිරිසක් රැගෙන ඊයේ (25) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය. එයාර් අස්තානා (Air Astana) ගුවන් සේවයට අයත් KC-167 දරන මෙම ගුවන් යානය ඊයේ සවස 04.10 ට කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ…
මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.11.06 දින, 26 වන මහළ, නැගෙනහිර…
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන ප්‍රදේශවල සිය ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඒම ප්‍රදේශවල…
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ 374,000ක ශ්‍රමික පිරිසකගේ රැකියා අහිමිවීමක් ඇස්තමේන්තු කළ හැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසයි දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියන්ට සිදුවූ බලපෑම පිළිබඳව මූලික වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය මේ බව කියා සිටී. එහි සඳහන් වන පරිදි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ 85,000 ක්, කර්මාන්ත අංශයේ 125,000ක් හා සේවා අංශයේ 164,000 ක්…
ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් අවධාරණය කර තිබේ. හෙතෙම මෙම ලිපිය…
ශීත ඍතුව වෙනුවෙන්, පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය එරට සංචාරකයන් පිරිසක් රැගෙන ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය. ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට (Smart Wings) අයත් 3Z-7648 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙලෙස පැමිණ තිබුණ අතර එය පිළිගැනීම…
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි…
“දිට්වා” සුළි කුණාටුව සමඟ ඇතිවු දැඩි අයහපත් කාලගුණ තත්වය මත පැනනැගුනු දිවයිනටම බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව අකර්මන්‍යව ඇති කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මුලික පියවරක් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයයේ මැදිහත්වීමෙන් රජය විසින් එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලෙස, ඒකකයක් වෙනුවෙන් රුපියල් 200,000ක මූල්‍ය සහනයක් ලබා දීමට තීරණය කරන ලදී. ඒ…
අද (24) උදෑසන වන විට ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට එය අමෙරිකානු ඩොලර් 4,521ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි. මෙලෙස ලෝක රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ යමින් තිබේ. ඒ…
Video Story