Top News

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර ති‌බේ. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මැදිකාලීනව…

(0)Comments | March 26, 2025 7:45 am

අපනයනකරුවන්ගෙන් ගැටළු 110ක්

අපනයනකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා 25 වන අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පැවැත්වේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 25 වන අපනයනකරුවන්ගේ සංසදය ඊයේ (24) අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විය. මෙය අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදුවන අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට වැදගත් වේදිකාවක් විය. අපනයන ප්‍රජාවට සහාය වීමේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…

(0)Comments | March 25, 2025 12:28 pm

මීළඟ මුදල් ලේකම් දුමින්ද හුලංගමුව?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ වෙනසක් සිදුවනු ඇතැයි මේ දිනවල කතාබහක් පවතී. ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් කරන පරිදි වත්මන් මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරක පත්වීම් භාරගැනීමට නියමිත අතර ඒත් සමගම නව මුදල් ලේකම්වරයා වශයෙන් ජනාධිපතිගේ වත්මන් ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත්කරනු ඇතැයි කියැවේ. කෙසේවෙතත් දුමින්ද හුලංගමුව මහතාගෙන් කළ…

(0)Comments | March 25, 2025 12:22 pm

BYD හි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට: John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අති නවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා මෙරට බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto පහසුකම් සපයන ලද මෙම සුවිශේෂ සන්ධිස්ථානය නව්‍ය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ නව…

(0)Comments | March 25, 2025 12:10 pm

200ccට වැඩි මෝටර් සයිකල් 296ක් අඩු ගාස්තුවලට ලියාපදිංචි කරලා. රජයට පාඩුව රු. මිලියන 78ක්

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට  රුපියල් මිලියන 78.15ක අලාභයක් සිදුව තිබෙන අතර  කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088 ක්  ලියාපදිංචි කර ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණය විය. මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ…

(0)Comments | March 25, 2025 11:18 am

2025 පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38ක් දක්වා ඉහළට

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව සමස්ත අපනයන 2025 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.62% ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරයි. මීට අමතරව, 2025 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අපනයන 2.58% ක මාසික වර්ධනයක් වාර්තා කළේය. ශ්‍රි ලංකා රේගුවේ තාවකාලික දත්ත…

(0)Comments | March 24, 2025 2:29 pm

වල්ලාපට්ට ආයෝජනයේ ආදීනව ගැන මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

වල්ලපට්ට වැනි විවිධ ගස් වර්ග වගාකිරීම සඳහා මුදල් ආයෝජනය කර විශාල වශයෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බවට පවසමින් සිදු කරනු ලබන ප්‍රචාරයන්ට හසුවීමෙන් ජනතාව තමන් සතු මුදල් විනාශ කර ගැනීමේ ප්‍රවණතාවයක් සමාජය තුළ දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජනතාව තුළ සාක්ෂරතාවයක් නොමැති වීම මෙවැනි වංචාවන්ට ඔවුන්ව හසු වීමට…

(0)Comments | March 24, 2025 12:26 pm

ඩයලොග්, ‘වසරේ සන්නිවේදන සන්නාමය’ සහ ‘සේවා සන්නාමය’ ලෙස ඉහළම ජනතා ප්‍රසාදයෙන් කිරුළු පැළදි වගයි

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, 2025 මාර්තු 18 වැනිදා පැවති ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් ජනතා අභිෂේකයට පාත්‍ර වූ අතර, “වසරේ සේවා සන්නාමය” ලෙස 4 වැනි වරටත් සම්මාන හිමි කරගනු ලැබීය. වසර ගණනාවක් පුරාම ශ්‍රි ලාංකිකයින් හා සවිමත්ව බැඳුණු ඩයලොග් සන්නාමය කෙරෙහි ජනතා…

(0)Comments | March 24, 2025 10:49 am

KIA ‘Sonet’ ස්මාර්ට් SUV රථය සමඟින් ශ්‍රී ලංකාවේ ධාවකයින්ට නව පිබිදුමක්

මෙරට මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ උද්යෝගය තවත් තියුණු කරමින් KIA සන්නාමයේ නවතම SUV රථයක් ‘Sonet’ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට කැපී පෙනෙන ලෙස එළිදක්වන ලදී. Kia සන්නාමය විසින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපලට හඳුන්වා දීමට නියමිත නව SUV මාදිලි 12 අතරින් පළමුවැන්න මෙය බව සමාගම පවසයි. අද වන විට මාර්ගවල ධාවනය වන SUV…

(0)Comments | March 24, 2025 8:13 am

Pro Care පිරමීඩයක් බව මහ බැංකුව කියයි

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd යන ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/ඇප් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා…

(0)Comments | March 21, 2025 4:32 pm