සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙනවා – ජනපති දිසාපතිවරුන්ට දන්වයි රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ…
ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරිණි. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු…
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර මගින් ශ්‍රී ලංකාවට අනන්‍ය විශේෂිත කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ගෝලීය වෙළඳපොළ තුළ ඒවායේ ආකර්ෂණය ඉහළ නැංවීම අරමුණු කරයි. 2025 පෙබරවාරි 27 වන…
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරිණි. ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී…
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම්…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට වසර 10 කි. 2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000 කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50% ක් පමණ විය….
ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදු කරන ලද සංශෝධන වලදී සේවා…
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම්…
මෙම සතියේ සඳුදා (24) සහ අඟහරුවාදා (25) දිනවල දී කොළඹ කොටස් වෙළෙඳපොළ දැඩි පසුබෑමකට ලක්විය. මේ හේතුවෙන් එම දින දෙක තුළ දී පමණක් රු. බිලියන 177 ක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් තිබීම විශේෂත්වයකි. පසුගිය පෙබරවාරි 21 සිකුරාදා ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 5,945.62 ක් ලෙසින් වාර්තා වුණි. කෙසේවෙතත්…
ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබාගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි. ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන…
Video Story