Top News

කොටස් වෙළෙඳපොළ අද රජ ගමනක

කොටස් වෙළඳපොළ මිල දර්ශක වල කැපීපෙනෙන ඉහළ යාමක් අද(09) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 439.46කින් ඉහළ ගොස් ඒකක 22,034.32ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 77.47කින් ඉහළ ගොස් ඒකක 6,004.11ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 197ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර කළම්බු ඩොක්යාර්ඩ්, සෙලින්කෝ…

(0)Comments | December 9, 2025 4:10 pm

ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය 2026 ඩුබායි Gulfood ජාත්‍යන්තර ප්‍රදර්ශනයට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත Gulfood ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ලංකාවෙන් ප්‍රදර්ශනය කරන මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය සංවිධානය කිරීමට සූදානමින් සිටී. එම ප්‍රදර්ශනය සඳහා සහභාගි වන අපනයනකරුවන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ පූර්ව වැඩමුළුවට සමගාමීව විශේෂ මාධ්‍ය හමුවක් අද අපනයන සංවර්ධන…

(0)Comments | December 9, 2025 1:58 pm

දිට්වා සුලි කුණාටුවෙන් විදුලිය අහිමි වූ පාරිභෝගිකයන්ගෙන් 99% කට විදුලිය ලබා දී අවසන් – බලශක්ති අමාත්‍යාංශය

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මිලියන 7කින් මිලියන 4 කටම සෘජු බලපෑම් එල්ල විය. එහි දී වහා ක්‍රියාත්මක වූ විදුලිබල සේවකයෝ දැඩි කැපවීමකින් හා පරිශ්‍රමයකින් විදුලිබලය යථා තත්ත්වයට පත් කිරීම ඇරඹූ අතර වාර්තා වූ බිද වැටීම් වලින් 70% ක් හා පසුව 85% ක් යථා තත්ත්වයට පත්කිරීමට සමත් වූහ. විදුලි යටිතල පහසුකම්වල සිදු වූ බරපතලම…

(0)Comments | December 9, 2025 11:32 am

HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය

හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් Binding Sale and Purchase ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එය…

(0)Comments | December 9, 2025 10:16 am

2026 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ සිට කොළඹට එන පළමු ඕස්ට්‍රේලියානු ගුවන් සේවය Jetstar

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, ලබන වසරේ අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas හි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි. Jetstar විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2026 අගෝස්තු 25 වන දින ආරම්භ…

(0)Comments | December 9, 2025 9:43 am

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක්

පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ කඩිනම් සහන වැඩපිළිවෙළ යටතේ, ආපදාවෙන් බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා ආපදාවට ලක්වී ඇති සෑම කර්මාන්තයක් සඳහාම රුපියල් 200,000 .00 මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත….

(0)Comments | December 8, 2025 3:14 pm

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපනයනකරුවන්ට සහාය වීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කඩිනම් වැඩපිළිවෙළක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සිදුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා වන සාකච්ඡාවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ පරිශ්‍රයේදී පැවැත්වූ අතර ඒ සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල…

(0)Comments | December 8, 2025 12:12 pm

සංචිතය අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය නොවැම්බර් මාසය තුළ දී 2.9%කින් පහළ ගොස් තිබේ. 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 6,216 ක්වූ නිල සංචිත වත්කම් අගය 2025 නොවැම්බර් මස අවසාන වන විට ඩොලර් මිලියන 6,033ක දක්වා ඒ අනුව පහළ ගොස් ඇත. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන…

(0)Comments | December 8, 2025 12:07 pm

First Capital Holdings PLC රු. බිලියන 3.43 ක බදු පසු ලාභයක් සමඟින් වසරේ පළමු මාස හය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC (සමූහය), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කර තිබේ. එම කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ලාභය රුපියල් බිලියන 3.43 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ…

(0)Comments | December 8, 2025 11:47 am

දෙසැම්බර් පළමු දින 4 තුළ 25,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 දෙසැම්බර් මාසයේ පළමු දින 4 තුළ 25,046ක සංචාරකයින් පිරිසක් බමෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව එදින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 2,128,639ක් ලෙසයි. දෙසැම්බර් මාසයේ පළමු දින 4 තුළ ඉන්දියාවෙන් 4,389ක්, ජර්මනියෙන් 3,421ක් සහ රුසියාවෙන් 2,882ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

(0)Comments | December 8, 2025 10:15 am