මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන සීඝ්‍රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇත. පුද්ගලයන් හෝ ආයතනයන් බැංකු පනතේ 83ඇ(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝණය කර ඇත්තේද හෝ එසේ උල්ලංඝණය කිරීමට උත්සාහ කර ඇත්තේද යන්න තීරණය කිරීමට බැංකු පනතේ 83ඇ(3) වගන්තිය යටතේ විමර්ශන පැවත්වීම මෙම පියවරයන්ට ඇතුලත්වේ….
දිවැස ෆාමා සමාගම පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඒල්ල කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සත්‍ය පැහැදිලි කිරීම, 2018 අගෝස්තු 18 වෙනිදා සිට සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තොග වශයෙන් ඖෂධ අලෙවිය හා බෙදාහැරීම සඳහා බලපත්‍රලාභී සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, එය අද දක්වා අඛණ්ඩව යාවත්කාලීන කර තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) බහාලුම් මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙන් දොඹකර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා හම්බන්තොට වරාය සමූහය (HIPG) විසින් මෑතකදී කරන ලද ආයෝජනයෙන් පසුව, එහි මෙහෙයුම් ආරම්භ කිරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් පළමු ආයෝජකයා බවට පත්වෙමින් Comfort Mattress Lanka (Pvt) Ltd විසින් ඩොලර් මිලියන 25 ක ආයෝජනයක් සිදුකර තිබේ. එක්සත් ජනපදය, යුරෝපය සහ කැනඩාව ඇතුළු ප්‍රධාන…
ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතී. රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ. ඒ සඳහා පිළියමක්…
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව පුරා සිටින ප්‍රමුඛ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙන්දන්, නිෂ්පාදකයින්, මැණික් තාක්ෂණික ශිල්පීන් සහ එකතුකරන්නන් එකට එක් වීම සිදුවෙයි. වසර…
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අඹේවෙල ගොවිපොළ කිරි ලීටර් 62,000 ක නිෂ්පාදනයක් වාර්තා කරමින් දෛනික කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2001 වසරේදී මෙම ගොවිපළ රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශය වෙත පවරා ගන්නා විට පැවති දෛනික නිෂ්පාදනය ලීටර් 3,000 ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙය දැවැන්ත වර්ධනයකි. මේ වනවිට අඹේවෙල ගොවිපළ රටේ සමස්ත කිරි නිෂ්පාදනයට වසරකට…
අරණායක පදිංචිකරුවකු වන සිංහලගේ මහේෂ් ප්‍රේමතිලක නැමැත්තා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවරස තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, මෙම පුද්ගලයාට ණය ගිවිසුම්/ පොරොන්දු පත්‍ර නිකුත් කිරීම මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම සිදු නොකළ යුතු බව සහ ඔහු විසින්…
රඳවා තබා ගැනීමේ බද්ද (Withholding Tax) 5% සිට 10% දක්වා වැඩි කර ගැනීමේ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේය. “විශේෂයෙන්ම අපි Withholding Tax එක, රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කර ගැනීමට අපි එකඟ තාවයකට ආවා. එතකොට කාටහරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් වැඩිහිටි…
පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනයට පනවා තිබූ සීමාව 2025 වසරේ පෙබරවාරි 01 වනදා සිට ලිහිල් කිරීමට සැලසුම කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පවසා සිටියේ ය. “අපේ රටේ වාහන වෙළඳපොළ අපි ක්‍රමානුකූලව විවෘක කළ යුතුව තිබෙනවා. මොක ද එයත් එක්ක ගොඩනැගුනු කර්මාන්තයක්…
උපයන විට ගෙවීමේ බද්ද (PAYE tax) පැනවූ රු. ලක්ෂයක වැටුප් සීමාව රු. එක්ලක්ෂ පනස්දහසක සීමාවක් දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහාතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අවස්ථාවේදී යි. “අපි විශේෂයෙන්ම අපේ රටේ වෘතීයවේදීන් මත පනවා තිබූ PAYE tax එක…