විනිමය අනුපාතයේ වෙනස් වීම එක් එක් වෙළඳපොළ තත්ත්වයන් මත විචලනය වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. “අපි බැලුවොත් රුපියලේ වෙනස් වීම කාලෙන් කාලෙට, උදාහරණයක් වශයෙන් ගත්තොත් එක එක වෙළඳපොළ තත්ත්වය අනුව විචලනය වෙනවා. දැන් අපි ගත්තොත් විශේෂයෙන් 2024 මැතිවරණයට පෙර මේක 304ට ගිහිල්ලා තිබුනේ. එතකොට ඊට පස්සේ අලුතෙන් රජයක් ඇවිල්ලා ප්‍රකාශ…
රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එමඟින්, ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම අවම වීම තුළින් ඉහළ විනිවිදභාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනු ඇත. මේ වන විට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස තුළ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත්…
දිට්වා සුළි කුණාටුව හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් කඩිනම් මූල්‍ය ණය (Rapid Financing Instrument) පහසුකම සඳහා වූ පොලිය රටට අහිතකර ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දුන්නත් එය එම පාර්ශව වල නොදැනුවත්කම මත පවසන්නක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ණය…
Asiri Health විසින් ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමඟ හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදු කරන ලදී. මේ තුළින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය ප්‍රමුඛ සෞඛ්‍යය සේවා පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම හවුල්කාරීත්වය, ICTA විසින් සංවිධානය කරන ලද ‘Global Entrepreneurship Week 2025’…
මෙරට ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ එම වැඩපිළිවෙළට සමගාමීව සහන පොලී යටතේ ණය ලබා දීමේ පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යි….
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (12) දින චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූයේය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යෑම මෙම හමුවේ අරමුණ විය. ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක හුවමාරුවන් තුළින් මුල් බැසගත් සහ දශක හතකට…
අසංවිධානාත්මක ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස්කර පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් මීට වසර 30 කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය අත්පත් කර ගත් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි. 2024 වසරේදී රු.මි. 167.41 ක්ව පැවති නව බඳවාගැනීම්වල වටිනාකම 2025…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (12) දිනයේ දී ඒකක 45.79ක පහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,608.51ක් ලෙසින් වාර්තා විය. 2026 වසරේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් මෙලෙස අද දිනයේ දීය. මේ අතර S&P SL20 දර්ශක අගය…
2026 වසරේ පළමු දින 8 තුළ 67,762ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම දින 8 තුළ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති අතර එදින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,275ක් ලෙසයි. එම කාල සීමාව තුළ ඉන්දියාව, 11,367ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට…
Video Story