Top News

අද සහ හෙට එමිරේට්ස් ගුවන් ගමන් 100ක්

නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර තිබේ. වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත. මාර්තු 5 සහ 6 යන දිනවල දී ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් ඩුබායි සිට පිටත් වී…

(0)Comments | March 5, 2026 5:01 pm

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද(05) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 256.12කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,833.53ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 68.14කින් ඉහළ ගොස් ඒකක 6,425.80ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 177ක කොටස් මිල ගණන් ඉහළ ගිය…

(0)Comments | March 5, 2026 4:03 pm

මාර්තු 08 ලන්ඩන් වෙත අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කරයි

මැදපෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවයට පත් වූ මගීන්ට සහාය වීම පිණිස, 2026 මාර්තු 08 වන දින කොළඹ සහ ලන්ඩන් අතර අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. ඒ අනුව, අංක UL1205 දරන අතිරේක ගුවන් යානය 2026 මාර්තු 08 වන ඉරිදා දින පෙ.ව. 06:50 ට කොළඹින් පිටත්ව…

(0)Comments | March 5, 2026 3:27 pm

2025 අවසාන කාර්තුවේ දී විදුලිබල මණ්ඩලයට රු. බිලියන 29ක දැවැන්ත පාඩුවක්

ලංකා විදුලිබල මණ්ඩලය 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුවේ දී රු. බිලියන 29.15ක දැවැන්ත මූල්‍ය අලාභයක් වාර්තා කර ඇති බව, මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන සඳහන් කරයි. මෙය 2024 දෙසැම්බර් කාර්තුවේ දී විදුලිබල මණ්ඩලය විසින් වාර්තා කර තිබූ රු. මිලියන 603ක ලාභය හා සැසඳීමේ දී 4929%ක ලාභයේ පහත වැටීමක් වේ. මේ සමගම ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසර…

(0)Comments | March 5, 2026 3:14 pm

ජාතික අපනයන මාර්ග සිතියම පෞද්ගලික අංශයට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන “National Export Roadmap: The CEO Forum” උපායමාර්ගික සංසදය ඊයේ (04) අපනයන සංවර්ධන මණ්ඩල (EDB) ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංසදයේදී මෙරට පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 වසරේ අපනයන ප්‍රගතිය සමාලෝචනය…

(0)Comments | March 5, 2026 12:14 pm

කොමර්ෂල් බැංකුවේ නව විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස හස්රත් මුණසිංහ පත් කෙරේ

2026 අප්‍රේල් 27 වන දින සිට බල පැවැත්වෙන පරිදි කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස හස්රත් මුණසිංහ මහතා පත් කරන බව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කර ඇත. ඔහු මෙසේ මෙම තනතුරට පත් වන්නේ, වසර හතරක් මෙම තනතුරේ සේවය කර කොමර්ෂල් බැංකුවේ වසර 30 කටත් වැඩි කීර්තිමත් වෘත්තීය ජීවිතයක් සම්පූර්ණ කිරීමෙන් පසු…

(0)Comments | March 5, 2026 11:26 am

ශ්‍රී ලංකා – ජර්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි මෙරට අවධානය

ජර්මානු ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, පෙබරවාරි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා ජර්මනියේ බ්‍රෙමන් වෙත සංචාරයක නිරත විය. ආසියාවේ සම්භාවනීය ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස ජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය යොහාන් වාඩෆූල් ද එයට…

(0)Comments | March 5, 2026 11:21 am

ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ මෙහෙයුම වේගවත් කෙරේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් 2026 පෙබරවාරි මස අවසන් සතිය තුළ මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම උදෙසා සුවිශේෂී පියවර රැසක් ගනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් විදේශීය වෘත්තිකයන් සඳහා වන ප්‍රථම ‘ඩිජිටල් නෝම්ඩ්’ (Digital Nomad) වීසා බලපත්‍රය නිකුත් කිරීම පසුගිය දා (26) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී…

(0)Comments | March 5, 2026 11:12 am

කටුනායකින් මැදපෙරදිගට යන එන ගුවන් ගමන් මෙන්න

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඩුබායි වෙත අද (05) දිනයේ දී ගුවන් ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බව ගුවන් තොටුපළ ගුවන් ගමන් කාලසටහනේ සඳහන් වේ. ඒ අනුව, එමිරේට්ස් – EK 651 පෙරවරු 09.55 ට ඩුබායි දක්වා Fly Dubai – FZ 1026 පෙරවරු 11.15 ට ඩුබායි දක්වා Fits Air – 8D 821 පස්වරු 12.05ට ඩුබායි දක්වා ක්‍රියාත්මක…

(0)Comments | March 5, 2026 11:07 am

සංචාරකයන් සහ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාව සාර්ථකව ක්‍රියාත්මකයි – විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශ්‍රමිකයන්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා සහන කාලයක් ලබා ගැනීමට අදාළ තානාපති කාර්යාල හරහා ඉල්ලුම් කිරීමට අවධානය සංචාරක සහ ව්‍යාපාර කටයුතු සඳහා මැදපෙරදිග රටවලට ගොස් සිටින අය පිළිබඳ තොරතුරු සොයා බලන්න – ජනපතිගෙන් නිලධාරීන්ට…

(0)Comments | March 5, 2026 8:39 am