Top News

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030  පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන…

(0)Comments | October 29, 2025 4:36 pm

ශ්‍රී ලංකාවේ තේ, කෝපි සහ දුම්කොළ වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන දූත පිරිසක් සමඟ සාකච්ඡා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය…

(0)Comments | October 29, 2025 1:36 pm

වේයන්ගොඩට නව බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානයක්

භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරමින් බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට යොදාගැනීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (28) සහභාගි විය. ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන…

(0)Comments | October 29, 2025 1:02 pm

2025 මුල් මාස 09දී අයවැය හිඟය අඩකින් අඩුවෙයි

2025 ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා වන රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ෆිස්කල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නවතම වාර්තාවට අනුව 2025 ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය අවසානයේ දී අයවැය හිඟය රු. බිලියන 441.4ක් ලෙසින් සටහන්ව ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එය 2024 මුල් මාස 09හි…

(0)Comments | October 29, 2025 11:44 am

රන් මිල අදත් පහළට

අද (29) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 294,200ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 318,00ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව රුපියල් 2,000කින් මේ වන විට අද දිනය තුළ මෙරට රන් මිල අඩු වී ඇත. පසුගිය කාල සීමාව තුළ පාලනයකින් තොරව ඉහළ…

(0)Comments | October 29, 2025 11:27 am

ඩොලරයේ අද මිල

එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද (29) දිනයේ ද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.23 ක් ලෙසින් සටහන්ව ඇත. 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ අගය රු. 304…

(0)Comments | October 29, 2025 11:14 am

අඛණ්ඩව තෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ පසුබසී

අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 99.57ක පහළ යාමක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,689.22ක් ලෙසින් සටහන් වූ අතර මෙලෙස කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩව තෙවැනි දිනය අදයි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක…

(0)Comments | October 28, 2025 4:49 pm

අස්වැසුම දෙන්න යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි – ලෝක බැංකුව කියයි

“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ පිළිබඳ අදහස් පළවුයේ “අස්වැසුම වැඩසටහන” පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික…

(0)Comments | October 28, 2025 3:39 pm

ඉන්දියාවෙන් නැගෙනහිර පළාතට සංවර්ධන ව්‍යාපෘති 33ක්. රු. මිලියන 2,371.83ක ප්‍රදානයක්

ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025‑04‑05 දින අත්සන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත….

(0)Comments | October 28, 2025 3:07 pm

ඩීසල් නැව් තොග 05ක කොන්ත්‍රාත්තුවක් Trafigura Pte Ltd වෙත

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025‑11-15 දින සිට 2026‑06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම  සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත…

(0)Comments | October 28, 2025 2:56 pm