වර්තමානයේ මෙරට පවත්නා බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. අද (18) පෙරවරුවේ අද දෙරණ 24 ඔස්සේ විකශාය වූ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා, “බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය…
ගෝලීය තිරසාර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර 2024 සමුළුවේ සාමාජික රටවල අවධානය යොමු කරනු ලබයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති ගෝලීය හරිත වර්ධන සමුළුව සදහා පරිසර, වනජිවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා නියෝජනය කරමින් සහභාගී විය. මෙහිදී…
2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,540,161ක් ලෙසයි. එම වාර්තාවට අනුව 2024 ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන්…
මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙසින් අද (16) දින වැඩ භාරගත්තේය. ඔහු අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිධූරයට පත් වූ 16 වැනියා වේ. වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් මෙසේ පැවසුවේය, “අපි සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ වැනි අධි…
2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි – අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් බවයි. මෙම…
2024 වසරේ පළමු මාස 08 තුළ දී දේශීය හා විදේශීය ණය සඳහා පොලී වශයෙන් රු. බිලියන 1,559.7ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. 2023 වසරේ මුල් මාස 08 තුළ එම ප්‍රමාණය වාර්තා වී තිබුණේ රු. බිලියන 1,525.7 ක් ලෙසිනි. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2023 වසරේ මෙම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 08 තුළ…
ශ්‍රී ලංකාවේ ජාතික ජංගම ගෙවීම් ජාලය වන LankaPay විසින් හඳුන්වා දුන් ‘JustPay’ ඩිජිටල් වේදිකාව සමඟ ඒකාබද්ධ වීමත් සමඟ ම කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන Q+ ගෙවීම් යෙදුම දැන් අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල් බැංකුව ප්‍රකාශ කලේ JustPay වේදිකාව භාවිතා කරන ඕනෑම දේශීය බැංකුවක ගනුදෙනුකරුවන්ට…
2024 සැප්තැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 54.1ක් වාර්තා කළේය. එමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරයි. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 253,675 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි. මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකයින් හි පැහැදිලි පහළ යාමක් දක්නට ලැබීම විශේෂත්වයකි. එහිදි දින 91,…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම , Vega Innovation සහ United States Agency for International Development’s (USAID) සමඟ සහයෝගීතාවයට එළැඹෙමින් refillable stations භාවිතය ඉහළ නැංවීමට පසුගියදා කටයුතු කරන ලදී. Vega Innovation හි UFill වැඩසටහනෙහි කොටසක් වන මෙම මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයන්ට රෙදි සෝදන දියර සහ ෂැම්පු වැනි යුනිලිවර් නිෂ්පාදන නැවත පිරවීම සඳහා පිරිවැය ඉතිරිකරන ඵලදායී ක්‍රම ලබාදෙන අතරම…