පසුගිය සතියේ රජය විසින් මුදල් මුද්‍රණය කර ඇති බවට මතයක් සමාජගත කිරීමට යම් සංවිධානයක් උත්සාහ කර ඇති බවත්, එය වැරදි තොරතුරක් බවත් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (19) දින පාර්ලේමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී මංගල විජජ්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහි අරමුණ වූයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ නව වෙළඳ අවස්ථා සෙවීමයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මෙම…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජූනි 30වන දායින් අවසන් වූ මාස 6 තුල සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල්…
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. 2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9,049 ක් ලෙස සටහන් වූ අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වී…
වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වන ලද චෝගම් බස් රථ 35 ක් අතරින්, අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ක් ධාවනයට එක් කිරීම ඊයේ (18) සිදු කෙරිණ. ඒ මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ඩිපෝවේ නඩත්තු අංශයේ දී යි. මෙම අලුත්වැඩියා කරන ලද බස් රථ 09 වෙනුවෙන් රු….
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (18) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 252.16කින් ඉහළ ගොස් ඒකක 20,470.52ක් ලෙසින් සටහන් විය. එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 102.62කින් ඉහළ ගොස් ඒකක 5,997.46ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 124ක කොටස් මිල ගණන්…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීම වෙනුවෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් ගුවන් මගීන්ට සහ අමුත්තන් දැනුවත් කිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 22:00 පැයේ සිට මධ්‍යම රාත්‍රිය…
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සිමාව ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව 2025 අගෝස්තු 18 වන දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,500,656ක් ලෙසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පස්වරු 3 දක්වා…
TikTok 2025 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි 2025 පළමු කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. එහි අරමුණ වූයේ TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමයි. 2025 ජනවාරි සිට මාර්තු දක්වා දත්ත ආවරණය කරනු ලබන මෙම වාර්තාවෙහි ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්‍රජා…
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සිය උසස් විශ්ලේෂණ රසායනාගාර සේවාවන් සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) ISO/IEC 17025:2017 අනුමැතිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර පිළිගනු ලබන මෙම පිළිගැනීම තුලින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා අවශ්‍ය සුවිශේෂී ආහාර සුරක්ෂිතා පරීක්ෂණ සිදුකිරීම සඳහා වන SLINTEC හි තාක්ෂණික විශිෂ්ටත්වයයි. ඒ අනුව ඇසුරුමෙහි ඉදිරිපස…
Video Story