Top News

ඩොලරය ඉහළට. වසරකට පසු වැඩිම මිල අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.02 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙලෙස ඩොලරයේ මිල රු. 304 සීමාව ඉක්වා ගොස් ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. එදින ඩොලරයේ මිල රු. 304.42ක් ලෙසින් වාර්තා වී තිබුණි….

(0)Comments | October 28, 2025 12:51 pm

“කැරට් 22” ලක්ෂ 3න් පහළට

අඛණ්ඩව ලක්ෂ 3 සිමාවට ඉහළින් පැවති කැරට් 22 රන් පවුමක මිල අද (28) උදෑසන විට ලක්ෂ 3 සීමාවෙන් පහළට පැමිණ ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව අද කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල වාර්තා වුනේ රු. 298,000ක් ලෙසයි. මේ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙසින් වාර්තා වී තිබුණි.

(0)Comments | October 28, 2025 10:41 am

ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා…

(0)Comments | October 28, 2025 8:48 am

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) දින මුදල් අමාත්‍යාශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී. ආචාර්ය සූරියප්පෙරුම…

(0)Comments | October 27, 2025 4:16 pm

BYD වෙතින් නිවේදනයක්

ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී. ඒ අනුව 2015 මාර්තු 28…

(0)Comments | October 27, 2025 3:52 pm

සංචාරක පැමිණීම ලක්ෂ 18 1/2ට ආසන්න වෙයි

2025 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 119,670ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුම මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,845,164ක් ලෙසයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 29.3%ක එනම් 35,090ක ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත. මේ…

(0)Comments | October 27, 2025 12:14 pm

කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් යළි අරඹයි

වසර 04 කට ආසන්න කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය. 2021 වසරේ දෙසැම්බර් 31වන දින කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් අත්හිටුවා තිබුණි . මෙම මංගල ගුවන් ගමන…

(0)Comments | October 27, 2025 11:37 am

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි – අගමැති

දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති “ 2025 CNCI කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට” සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම…

(0)Comments | October 27, 2025 9:16 am

දින 5කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අඛණ්‍ඩ දින 05ක ඉහළ යාමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (24) දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.43 කින් පහළ ගොස් ඒකක 22,812.52ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 2.56කින් පහළ ගොස් ඒකක 6,266.31ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 83ක පමණක් කොටස් මිල…

(0)Comments | October 24, 2025 4:40 pm

වාහන ආනයනයට සැලසුම් කළාට වඩා ඩොලර් වැයවෙලා

මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවත්, එය වසර ආරම්භයේ දී සැලසුම් කරන ලද ඩොලර් බිලියන 1.2 මට්ටමට වඩා ඉහළ අගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මේ…

(0)Comments | October 24, 2025 3:52 pm