තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි. මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන…
අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 303.03 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 303 මට්ටමට මෙලෙස පැමිණියේ 2024 මාර්තු 25 දිනෙන් පසුවය. දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අද දිනයේ දී ඩොලරයක ගැනුම්…
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 මැයි මාසය තුළ දී මිලියන 224.5 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ දී මිලියන 1,902.9 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් මිල දී ගැනීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ ජනවාරි –…
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය…
ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය. මැතිවරණයෙන් පසුව බංග්ලාදේශයේ සංචාරයකට එක් වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වූවාය. ඉන්දීය…
හම්බන්තොට ඉදිකිරීමට නියමිත Beliatha Solar Power බලාගාරය සඳහා මෙරට ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සහ SELTech International (Pvt) Limited සමඟ ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී. මෙගාවොට් 4.9ක බලශක්තියක් මෙම Beliatha Solar Power බලාගාරය හරහා ජනනය කිරීමට නියමිතය. පසුගිය 2024 මැයි 31 වන දින මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති අතර මෙය දළ…
2024 මැයි මාසය තුළ දී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 154 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,405.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ මුල් මාස 05 හි සංචාරක…
2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ නවයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙනුයේ 912,445 ලෙසයි. 2024 ජුනි මාසයේ පළමු දින 05 තුළ දී පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 15,666 ක් බව එහි වැඩිදුරටත්…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගියදා හොරණ කර්මාන්තශාලාවේදී විවෘත කරන ලදී. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා ඇති කැපවීමේ ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ සඳහා යූරෝ මිලියන 1.3ක් ආයෝජනය කරයි. මෙම ව්‍යාපෘතිය…
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන…
Video Story