ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 235,000 ක හෙවත් රු. බිලියන 235 ක (රු. කෝටි 23,500/-) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (05) දින කැඳවා තිබේ. මෙය මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කිරීමට සූදානම් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ලෙසින් ඉතිහාස ගත වනු ඇත. මීට පෙර 2023 දෙසැම්බර් 13 වන දින…
එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්. නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට…
2024 මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,128 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 896,779 ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 28.8% ක් ඉන්දීය සංචාරකයින් වන අතර…
2024-05-01 දින වන විට, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද, ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාළ ව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇත. මෙම පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළු-කඩ ක්‍රියාදාමය)…
මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වේ. ඊට අනුව 2024 මාර්තු…
රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2024 පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාව අනුව, 2024 වර්ෂයේ…
නෙදර්ලන්තයේ Janson Bridging සමාගමේ 10 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් උත්සවයක් ඊයේ (03) කොළඹ දී පැවැත්විණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා…
ජාත්‍යන්තර යහපරිචයන් ද සැලකිල්ලට ගනිමින්, විෂය ප්‍රවීණයන්ගේ සහයෝගය ඇතිව සිදු කරනු ලැබ ඇත සමාලෝචනයකින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වඩාත් ඵලදායී අයුරින් මෙහෙයවීමේ සහ සංවර්ධනය සඳහා ඒකාබද්ධ නියෝජිතායතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ, ජාතික අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ආයතනික…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ පළමු වරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට Android Smartphone සඳහා 40% ක් පමණක් ගෙවා ඉතිරිය මාසිකව ගෙවීමට හැකි Smartphone Plans හඳුන්වා දෙයි. මෙමගින් ඉතිරිය වාරික වශයෙන් ඔවුන්ගේ Power Plan පසුගෙවුම් මොබයිල් බිල්පතට එක්කර පහසු මාසික වාරික 24 කින් ගෙවීමට ඉඩකඩ සලසමින් ඔවුන් කැමතිම Smartphone එකක්…
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙම වසර සදහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ඇමරිකානු ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ලබා දුන්නත්, වසරේ මුල් කාර්තුව තුලදී එම ඉලක්කය සපුරා ගැනීමට තම අමාත්‍යාංශය සමත් වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මෙම වසරේ ප්‍රථම කාර්තුව තුල ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජන ගිවිසුම්…
Video Story