Top News

ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි

“දැක්ම” ප්‍රකාශය ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරමින් අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරනවා. ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනපති ගෝලීය දකුණේ හඬ සමුළුවේ තුන්වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි. බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ…

(0)Comments | August 20, 2024 10:00 am

බදු ගෙවා file නොකළොත් වෙන දේ මෙන්න

2024.08.15 දින සිට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුකිරීමට තීරණය කර ඇති බැවින් එම දින සිට ප්‍රාග්ධන බද්දට යටත් වන තැනැත්තන් TIN අංකය සහ බදු වර්ගය සඳහා ලියාපදිංචි වී ප්‍රාග්ධන ලාභ බදු වාර්තාව ලබා ගන්නා ආකාරය දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටී. මෙහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ බද්ද ගෙවා වාර්තාව නියමිත දිනට ගොනුකිරීමට…

(0)Comments | August 16, 2024 2:44 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත. මුදල්…

(0)Comments | August 16, 2024 8:58 am

ජූලි මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී  දර්ශකාංක 59.5ක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම  දායක විය. සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම්…

(0)Comments | August 16, 2024 8:55 am

සිංගප්පූරුවට යන්නයි එන්නයි අඩුම මිල Jetstar වෙතින්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas හි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි. Jetstar Asia විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2024 නොවැම්බර් 21 වන දින ආරම්භ…

(0)Comments | August 15, 2024 4:42 pm

දේශපාලන පොරපිටිය උණුසුම් වෙද්දී කොටස් වෙළෙඳපොළේ සුපිරි පිබිදීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (15) දිනයේ දී දැකගත හැකිවිය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 117.60 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 42.79කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.03% ක හා 1.31% ක වර්ධනයකි. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,531.31…

(0)Comments | August 15, 2024 3:50 pm

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Uber, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් Uber සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට Uber සමාගම කටයුතු කිරීමට නියමිතව තිබේ. Covid-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ…

(0)Comments | August 15, 2024 11:31 am

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය ලොවට හෙළිකරන ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම සුරක්ෂිතතා වීඩියෝව එළිදකී

ගුවන් යානයකදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් මගීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිර්මාණය කළ නවතම වීඩියෝව පසුගියදා එළිදක්වන ලදි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන රාශියක් පසුබිම් කරගෙන එය නිර්මාණය කර තිබීම ය. ගුවන් සේවා කර්මාන්තය තුළදී ආරක්ෂාව සම්බන්ධයෙන් මගීන් නිසි පරිදි දැනුවත් කිරීම අනිවාර්ය වේ. එමගින් හදිසි අවස්ථාවකදී කටයුතු…

(0)Comments | August 15, 2024 11:02 am

John Keells CG Auto, BYD ප‍්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් BYD SEALION 6 DM-i රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Plug-in Hybrid EV තාක්ෂණයෙන් යුතු DM-i මාදිලියේ BYD SEALION 6 මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි EV මෝටර් රථ සඳහා යටිතල පහසුකම් සහ තිරසාර ප‍්‍රවාහනය සංවර්ධනය කිරීමට කැපවීම ශක්තිමත් කරයි ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, Plug-in Hybrid…

(0)Comments | August 15, 2024 8:49 am

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරනවා

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ ඇති කරගත් එකඟතා කඩ කළ නොහැකියි. මෙරට ආර්ථික ඉලක්ක සපුරාගත හැකි ආකාරයට අධ්‍යාපනය ක්ෂේත්‍රය පරිවර්තනය කළ යුතුයි. ශ්‍රී ලංකාව මෙම කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ දී ජනපති පවසයි. පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා…

(0)Comments | August 14, 2024 6:05 pm