Top News

නව්‍ය තාක්ෂණය හා කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකියි

දර්ශන වන්නිආරච්චි විසිනි මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම්…

(0)Comments | August 5, 2024 12:33 pm

උතුරේ පවතින ඉහළ ආර්ථික විභවයන් උතුරේත්, රටේත් දියුණුවට දායක කර ගන්නවා

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක් වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ ද වගකීමක්. ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳනවා – සංහිඳියාව සහ සාමානාත්මතාව ඉතා වැදගත්. සිංහල භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කළ යුතුයි – තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා උදාවනු ඇතියි – යාපනය විද්වතුන් සහ වෘත්තිවේදීන්…

(0)Comments | August 2, 2024 7:21 pm

IMF නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී…

(0)Comments | August 2, 2024 5:28 pm

අවදානමක් ගැන IMF වෙතින් සිහිකැඳවීමක්

ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් නිරත වූ අතර එම සංචාරය අවසානයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ. යෝජිත ඕනෑම ක්‍රියාමාර්ගයක්…

(0)Comments | August 2, 2024 5:22 pm

වාහන ආනයන සීමා ලිහිල් කිරීම 2025 රාජ්‍ය ආදායම ඉහළ නැවීමට සහාය වේවි – IMF

මෝටර් රථ ආනයන මත පනවා ඇති සීමා ලිහිල් කිරීම, 2005 වසරේ දී රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් නිරත වූ අතර දූත…

(0)Comments | August 2, 2024 5:04 pm

ලංකා වාණිජ මණ්ඩලය අනුර හමුවෙයි

ලංකා වානිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. මෙම හමුව ඊයේ (01) දින සිදුව ඇත. ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත…

(0)Comments | August 2, 2024 3:38 pm

කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ ගෝලීය හවුල්කාරීත්වය වන PCAF හා සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වෙයි

කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය (PCAF) සඳහා අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙමගින් අත්සන්කරුවන්හට ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය (GHG) මැනීමට හා ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබාදෙන ගෝලීය වැඩසටහනකට සම්බන්ධ වීමට හැකියාව ලැබේ. තම මෙහෙයුම් වලින් පරිසරයට කාබන් මුදාහැරීම දැනටමත් 100% තුලනය කළ බව සහතික…

(0)Comments | August 2, 2024 2:41 pm

SVAT අහෝසි කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙස JAAF රජයෙන් ඉල්ලා සිටී

ඇඟලුම් කර්මාන්තය තුළ ඉහළ යමින් පවතින ගැටළුකාරී තත්වයන් හමුවේ 2025 අප්‍රේල් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිත සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) පිළිබඳ නැවත සලකා බලන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. JAAF හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නියෝජනය කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ…

(0)Comments | August 2, 2024 11:41 am

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා – අලි සබ්‍රි

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය. ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක්…

(0)Comments | August 2, 2024 11:32 am

ජනාධිපති අපනයන සම්මාන 2023/24 සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2023/24 මූල්‍ය වර්ෂය උදෙසා වන ජනාධිපති අපනයන සම්මාන (PEA) සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් මාසයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ජනාධිපති අපනයන සම්මාන යනු, අපනයන ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික සංවර්ධනයට දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන්,…

(0)Comments | August 1, 2024 12:59 pm