පසුගිය කාලය තුළ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇත. 2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම්වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ දක්වා 172%ක වර්ධනයක්…
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා තාක්ෂණික පිරිවිතර රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. ඒ අනුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබූ…
යෝජිත “ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව” වෙනුවට “Films Sri Lanka” යන නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමානයේ සිදු කරනු ලබන ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වී නියාමනය මූලික කර ගත් කටයුතු සිදු කිරීමටත්, ඩිජිටල් වේදිකාවට අවතීර්ණ වීමට පවතින අවස්ථා සහ පහසුකම් සලසා දීමටත්, එමඟින් දේශීය සිනමාව ජාත්‍යන්තරයට යොමු කිරීමටත් හැකි වන අයුරින් නව ආයතනික…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය. එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙන බවත්, එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර…
රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය හා සංවර්ධනයට ඉඩම් අයිතිය ලබා දීමෙන් මේ රජය තියලා තියෙන්නේ මූලික අඩිතාලමක්. 1977 න් පස්සේ වෙළෙඳපොළ මූලික වූ ආර්ථිකයක්…
කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් එම අවබෝධතා…
ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ “Geopolitical Cartographer” විසින් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කරන ලද කතිකාවතකට එක්වෙමින් “ඕස්ට්‍රේලියාව සහ ඉන්දියන් සාගරය” යන මැයෙන් එහි ප්‍රධාන දේශනය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් අද (22) දිනයේ දී වාර්තා විය. කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ ඒකක 187.25 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී ඒකක 11,539.83 ක් ලෙසින් එහි අගය වාර්තා වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය ජූලි 19…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මැයි මාසයේ දී වාර්තා වූ 1.6% සිට 2024 ජූනි මාසයේ දී 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 මැයි මාසයේ දී 0.5% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 ජූනි මාසයේ දී 1.9% ක්…
Scope Cinemas ගෙන එන නවීන තාක්ෂණයෙන් සමන්විත මෙරට එළිදකින පළමු IMAX සිනමා ශාලාව එළඹෙන ජූලි 26 දින මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විවෘත වීමට නියමිත අතර එදින දර්ශන වාර 4 ක් ප්‍රදර්ශනය කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ. DEADPOOL & WOLVERINE මෙහි තිරගත වන පළමු චිත්‍රපටයයි. ඒ සඳහා අන්තර්ජාල ආසන වෙන්කිරීම් මේ වන විට විවෘතව තිබුණ…