Top News

ඉතිහාසය අලුත් කරමින් 2025 දෙසැම්බරයේ දී සංචාරකයින් 258,928ක් දිවයිනට. වසරේ සමස්තය 2,362,521ක්

මෙතෙක් ඉතිහාසයේ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා කළ 2018 වසරේ වාර්තාවන් බිඳ හෙලමින් 2025 වසර තුළ සංචාරකයින් 2,362,521ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි. 2024 වසර හා සැසදීමේ දී 2025 වසරේ සංචාරක පැමිණීමෙහි 15.1%ක එනම් ලක්ෂ 3 ඉක්ම වූ වර්ධනයක් දැක ගත…

(0)Comments | January 5, 2026 4:28 pm

කොටස් වෙළෙඳපොළ ඒකක 23,000 සීමාව යළි පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (05) දිනයේ දී යළිත් වරක් ඒකක 23,000 සීමාව ඉක්මවා යාමට සමත්විය. 2025 නොවැම්බර් 12 දින මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 23,659.7 සීමාවට පැමිණීමෙන් පසු එහි ක්‍රමික පහළ යාමක් සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2025 නොවැම්බර් 20 දින සියලු…

(0)Comments | January 5, 2026 4:17 pm

මාස්ටර්කාඩ් සමඟ කොමර්ෂල් බැංකුව මාර්ගගත ගෙවීම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම DCC සේවාව දියත් කරයි

සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත. Mastercard Payment Gateway Services (MPGS) වේදිකාව හරහා සක්‍රීය…

(0)Comments | January 5, 2026 2:53 pm

2025 දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් සහ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 11 ඉක්මවූ ආදායමක්

2025 වසර, ශ්‍රී ලංකාව 2016 වසරෙන් පසු වැඩිම විදෙස් ප්‍රේෂණ ඉපයූ වසර බවට පත්ව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ ඩොලර් බිලියන 7.8ක දළ වශයෙන් වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් 2025 වසරේ උපයා ඇති බවයි. එමෙන්ම 2,362,000ක ඉතිහාසගත සංචාරක පැමිණීමක් සහ ඩොලර් බිලියන 3.2ක සංචාරක…

(0)Comments | January 5, 2026 12:17 pm

පෙර නොවූවිරූ දැවැන්ත අභියෝග හමුවේ දේශයේ දුරකථන සම්බන්ධතා යථා තත්වයට පත්කිරීමේ මෙහෙවර

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL සතු භූමිකාව යළි තහවුරු කළ දිට්වා ආපදා ප්‍රතිචාර මෙහෙයුම මෑත ඉතිහසයේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු, ජාතික දුරකථන සන්නිවේදන සම්බන්ධතා ජාලය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෑතකාලීනව ක්‍රියාවට නැංවූ දැවැන්තම ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් දියත් කිරීමට SLT-MOBITEL විසින් පියවර ගන්නා…

(0)Comments | January 5, 2026 9:40 am

2026 වසරට කොළඹ කොටස් වෙළෙඳපොළන් ජයග්‍රාහී ආරම්භයක්

2026 වසරේ පළමු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (02) පෙරවරුවේ දී ආරම්භ විය. දිනය ආරම්භයේ පටන් ආයෝජකයින්ගේ සහභාගීත්වයේ ඉහළ සක්‍රීය ස්වභාවයක් අද දින දැක ගත හැකි වූ අතර දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 239.77ක කැපීපෙනෙන වාර්ධනයක් වාර්තා වුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.06%ක වර්ධනයකි. S&P SL20 දර්ශකය අද දින ඒකක 28.71කින් ඉහළ…

(0)Comments | January 2, 2026 4:28 pm

2025 වසරට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලු ප්‍රමාණය වාර්තාගත අගයක

2025 වර්ෂය තුළ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලු ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලු සංඛ්‍යාව ලෙස වාර්තා ගත විය. මෙම වසරේ එම ප්‍රමාණය බහාලු අසු දෙලක්ෂ අනූදාහක් වේ. (8,290,000) මෙම වාර්තාගත මෙහෙයුම කොළඹ වරාය තුළ ඇති බහාලු පර්යන්ත වන, වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය (JCT), නැගෙනහිර බහාලු පර්යන්තය සහ අනෙකුත් පර්යන්තයන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස සැලකිය…

(0)Comments | January 2, 2026 4:03 pm

ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා පිළිබඳ ව්‍යවසායකයන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ජාලකරණ සැසියක්  (Networking Session) පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ දී පවත්වන ලදී. අපනයනකරුවන් සහ අපනයන ව්‍යාපාරයට පිවිසීමට සූදානම් ව්‍යවසායකයන් රැසක් මෙම සැසියට සහභාගී වූ අතර අත්දැකීම් සහිත වෘත්තිකයන් විසින් අපනයන ව්‍යාපාර සඳහා…

(0)Comments | January 2, 2026 1:30 pm

ඩිජිටල් විද්‍යුත් බස් ගාස්තු ක්‍රමය ලංගම බස් රථවලටත්

රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සදහා නව වැඩසටහනක් ඊයේ දින (2026/01/01) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු…

(0)Comments | January 2, 2026 8:47 am

පාසල් දරුවන්ට දේශීය පාවහන් නොමිලේ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය හා කර්මාන්ත අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්

දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ දේශිය පාවහන් නිෂ්පාදන සමාගම් 9ක් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ 2026.01.01 දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු…

(0)Comments | January 2, 2026 8:41 am