Top News

ජූලි මාසයේ මුල් දින 18 තුළ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

ජූලි මාසයේ පළමු දින 18 තුළ දී 109,393 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,119,642ක් ලෙසිනි. ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයිගෙන් 25.2% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව…

(0)Comments | July 22, 2024 2:38 pm

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට

මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් පසුගිය 2024 ජූනි මාසයේ දී වාර්තා වී තිබේ. එහිදී 2024 මැයි මාසය අවසන් වන විට භාවිතයේ පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,916,835 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2024 ජූනි මාසය අවසන් වන විට කාඩ්පත් 1,923,503 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය කාඩ්පත් 6,668 ක හෙවත් 0.34% ක වැඩිවීමකි….

(0)Comments | July 22, 2024 1:02 pm

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ සේවා වැඩිදියුණු කරන්නට ජපාන රජයේ ආධාර යටතේ UNICEF සංවිධානයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ

ශ්‍රී ලංකාව පුරා ළමුන්ට එන්නත් ලබාදීමේ ක‍්‍රමවේදය තවත් වැඩිදියුණු කරන්නට, ජපාන රජයෙන් ලද අරමුදල්වලින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ප‍්‍රසම්පාදනය කළ ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ නවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද දින භාර දෙන ලදී. ජුලි 22 දින සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයහි දී පවත්වන ලද උත්සවයක දී, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, අතිගරු මිසුකොෂි හිදෙයකි මහතා සහ ශ්‍රී…

(0)Comments | July 22, 2024 12:04 pm

විදේශගත ශ්‍රමිකයන් නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනපති කියයි

අසීරු යුගයේ රටට විදේශ විනිමය උපයා දෙමින් ලබා දුන් දායකත්වයට ස්තූතියි – “විගමනික හරසර” සමාරම්භක උළෙලට එක් වෙමින් ජනපති පවසයි. විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබා…

(0)Comments | July 22, 2024 8:41 am

බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් 

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවනවා. සෑමවිටම ජනතාවට “අයිතිය” ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි – ජනපති. තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යෝජිත නව පනත්…

(0)Comments | July 22, 2024 8:36 am

තුර්කි ගුවන් සේවය ගමන් වාර 84ක් අවලංගු කරයි

තුර්කියේ ප්‍රධානතම ගුවන් සේවය වන Turkish Airlines අද (19) පැය 13.00 වන විට ඉස්තාන්බුල් සිට සහ ඉස්තාන්බුල් වෙත සිදුකෙරෙන ගුවන් ගමන් වාර 84 ක් අවංලගු කර තිබේ. තුර්කි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු උපුටමින් BBC පුවත් සේවය පවසන්නේ යුරෝපය හරහා ලෝකයේ විවිධ ගමනාන්ත වෙත සැලසුම් කර තිබූ ගුවන් ගමන් වාර මෙලෙස අවලංගු කර ඇති බවයි. එසේම තුර්කියේ…

(0)Comments | July 19, 2024 5:01 pm

ගෝලීය තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයටත් බලපෑම්

සිය අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදු වූ  තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ හේතුවෙන් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටින බවයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට (GMT 08:30) මෙම…

(0)Comments | July 19, 2024 4:57 pm

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරනවා

ජාතික වෘත්තීය සුදුසුකම (NVQ ) ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සකස් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා උපාය මාර්ගික සම්බන්ධතා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්- ජනපති. ආර්ථික අර්බුදයෙන් පසු රට නැවත ස්ථාවරත්වය කරා ගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසාමාන්‍ය කර්තව්‍යයක් ඉටු කර තිබෙනවා – ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්. ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන…

(0)Comments | July 19, 2024 4:29 pm

තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් ගුවන් තොටුපොළ රැසක් අඩපණ වෙයි

මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වී ඇති පරිගණක පද්ධති බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපොළ  රැසක මෙහෙයුම් කටයුතු අඩ‍ාල වී ඇති බව වාර්තා වේ. නවතම වාර්තාවලට අනුව ජර්මනියේ Lufthansa සහ ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයක් වන SAS Airline බලපෑමට ලක්ව ඇත. මෙම ගුවන්සේවා දෙකම පවසන්නේ ආසන වෙන්කිරීම්වලට අදාළ තාක්ෂණික බිඳවැටීම දැඩි ලෙස බලපා ඇති බවයි….

(0)Comments | July 19, 2024 2:41 pm

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා ජපාන රජයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව

ජපාන රජය විසින්, මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන (JDS) යටතේ 2010 සහ 2017 වසරේ සිට පිළිවෙළින් ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීමේ අවස්ථා ශ්‍රී ලංකාවේ විධායක මට්ටමේ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට, ප්‍රදාන පදනමක් මත ලබා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010-2013), දෙවන කාර්යරාමුව (2014-2017) සහ තුන්වන කාර්යරාමුව (2018-2021) පිළිවෙළින්…

(0)Comments | July 19, 2024 2:18 pm