2025 මැයි මාසයේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 132,919ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වැඩිම විදෙස් සංචාරක පැමිණීමක් වාර්තා වූ 2018 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 129,466ක් ලෙස වාර්තා වූ අතර මෙම වසරේ මැයි මාසයේ එම සීමාව ඉක්මවීමට හැකි වී තිබීම දැකගත හැකියි. මෙය 2018 වසරෙන්…
ශ්‍රීලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය 2025 ජුනි 04 වන බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කරනු ඇත. උදෑසන 8:00 සිට 9:00 දක්වා,…
2025 ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 5.71%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එහිදී වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය 2025 මැයි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 16,854.86 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර S&P SL20…
වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග දී, දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති, ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට…
ජාතික බදු සතිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය. “බදු ශක්ති” නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක වෙයි. මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු…
මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැම්සා සන්නාමය යටතේ වන Off-Highway ඉදිකිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමාසහිත සියැට් සමාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග නිශ්චිත ගිවිසුමකට එළඹී ඇති බව 2024 දෙසැම්බර් මස දී නිවේදනය කරන ලදි. එම ගිවිසුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්තශාලාව,…
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරිත ණය සඳහා දේපළ ඇපකර මතයැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවයක්…
අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින්, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට -2.0 සිට 2025 මැයි මාසයේ දී සියයට -0.7ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි…
කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු අද (30) පෙරවරුවේ දී ආරම්භ විය. කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි සභාපති දිනේෂ් ඩි සොයිසා, කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර ඇතුළු ආරාධිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු භූමියේ දී (Trading Floor) මෙලෙස කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ්…
Video Story